තීනියාවල පාලිත කහකඩධාරියා යහපාලනය උලා කෑ හැටි. (ප්‍රේතකථා වස්තුව) Featured

Published in පුවත්
Thursday, 11 July 2019 19:32

දේශපාලනයට සම්බන්ධ වී සිටින බහුතරයක් කහකඩධාරීන් මළ පෙරේත අමු තක්කඩියන් බව හෙළිකිරීමට අවශ්‍ය සාක්ෂි සහිත අවස්තාවක් ලබා දීමට තිනියාවල පාලිත නම් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණෙ ලේකම් වරයා  මේ ඊයේ පෙරේදා කටයුතු කර ඇත.

යහපාලනයක් උදාකරළීම සඳහා යැයි කියමින් පසුගිය රාජපක්ෂ සමයේදි තීනියාවල පාලිත කෑ මොර දුන්නේ යහපාලනය වෙනුවෙන් උදාර පවිත්‍ර වුවමනාවෙන් බව එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා තදින්ම විශ්වාස කළෙය. එහෙත් වූයේ අනෙකකි. උදාකළ යහපාලනය තුලදී සාසනයට සේවයක් කරමින් රටට දැයට සේවයක් කරමින් නිර්වාන සැපසම්පත්තිය උදාකර ගැනීම වෙනුවෙ කුසල් ‍රැස්කර ගැනීම මේ කහකඩ ධාරියාට ඕනෑවටත් වඩා අවස්ථාව හා හැකියාව තිබ්බෙය. එහෙත් කාගෙ හෝ කරුමෙකට මේ කහකඩධාරියා රැස් කළේ මුදල්ය. එ්කත් ජනතාවගේ බදු මුදල්ය. එක එක දේශපාලකයාගේ අතකොලු වෙමින් වුන්ගේ වුවමනා එපා කම් සපුරාලමින් සිදු කළේද බඩගෝස්තර වෙනුවෙන් මළ පෙරේත වැඩ කිරීමය.

මේ කතාව අපට කියන්න සිද්ධ වුයේ ඊයේ හදිස්සියේම මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකාවේ දූෂිතම අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය බවත් එම ඇමැති මංගල සමරවීර දුෂිතයකු බවත් මේ කහකඩ ධාරියා විසින් ප්‍රකාශට පත් කිරීම නිසාය. අමාත්‍යංශය හෝ ඇමැතිවරයා දුෂිත ද නැද්ද යන්න වෙනම විමර්ශනය කර කතා කළ යුතු එකකි. මේ කහකඩධාරියා ඊට කිසිදු සාක්ෂියක් පැහැදිලිව ඉදිරිපත් නොකරම මේ චෝදනා කළේය.

එහෙත් මෙම චෝදනාවට පැහැදිලි හේතුවක් තිබේ.. එය තීනියාවල පාලිත කහඩයා රටේ ජනතාවගේන් සැඟවූවද එය අපෙන් සඟවන්නට නොහැකිය. ඇමැති රවී කරුණානායකගේ නොමසුරු අනුග්‍රහය අප දන්නා කාලයේ පටන්ම කහකඩ ධාරියාට ලැබුණු බව රහසක් නොවේ. අදත් ඒ එසේමය.

තිනියාවල පාලිත විසින්, මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව (COPE) අභියෝගයට ලක් කරමින්, 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවේ ද මේ මහා දායකයාව බේරාගැනීම වෙනුවෙනි.

මේ නිසා කවුරු දන් කුඩක් නොදුන්නත් මේ ඇමැතිගෙන් ඒ වැරැදුනෙ නැත. ඒ නිසා තමන්ගේ දන් වේල ගැන ගැටලුවක් කවදාවත් තිනියාවල පාලිතට තිබුණෙ නැත.

ඒත් සල්ලි පොට්ටනි ගැසීමේ කටයුත්තට තිබූ මළ පෙරේතකම නිසා 2015 දී යහපාලනය පිහි‍ටුවීමෙන් පසුව ආණ්ඩුවේ තනතුරක් ඉල්ලා මැති ඇමැතිවරු පස්සෙන් හිඟා කෑවේය. එහි ප්‍රතිපලයක් ලෙස එවකට මුදල් ඇමැති රවී කරුණානායක විසින් 'ලංකා හොස්පිටල්' හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් වීමක් ලැබිණි. තීනියාවල පාලිත මේ තනතුර මුදල් ඉල්ලමක් කර ගැනීමට සමත් විය. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස මෙන්ම රෝහලේ ඇතැම් කටයුතු වෙනුවෙන් පත් කෙරෙන කමි‍ටු කිහිපයකද සාමාජිකත්වය ලබා ගැනීමට ඔහු සමත් විය. මේ මණ්ඩල හා කමි‍ටු රැස්වීම සඳහා සහභාගීවනවාටද දීමනාවක් ගෙවයි..උදාහරණයක් ලෙස රෝහලට අවශ්‍ය ඖෂධ ලබා ගැනිම වෙනුවෙන් වන කමි‍ටුවක් තිබේ..තීනියාවල් පාලිත එහිද සාමාජිකයෙකි..සාමාන්‍යයන් මෙම කමි‍ටුව මාස තුන හතරක්ට වරක් රැස් වෙන නමුදු. මේ කහකඩයාගේ වුවමනාවට මෙය මාසයකට දෙවතාවක් වන සේ රැස් කළ අවස්ථාවන් තිබීණි. මේ අනුව අති විශාල දීමනා ප්‍රමාණයක හිමිකරුවකු වීමට මේ අයට හැකි විය. මේ සමඟ දැක්වෙන සටහනෙන් 2016 දී සහ 2017 දී තීනියාවල පාලිත ලබා ගත් මුදල් කොටසක් ගැන දැක් වේ. 2016 දී රු හතලිස් පන් ලක්ෂ හැට නවදාස් හයසීයයි.(4,569,600 ය). 2017 දී රු.එකලොස් ලක්ෂ හතලිස් දෙදහස් එකසීයයි( 1,142,100 )

tiniyawala paid

එහෙත් පරම්පරා ගනනාවක් ගොඩ ගැනීමට තිබු ඉල්ලම පසුගිය අප්‍රේල් මාසයේදී ඔහුට අහිමි විය. ඊට හේතුව වුයේ ලංකා හොස්පිටල් ආයතනය මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ යටතට පත්වීම නිසාය.
අමාත්‍යංශය යටතේ වන සියලුම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස මුදල් ඇමැතිවරයා කළ දැනුම් දීම අනුව පැවැති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉවත් විය .ඒවාට නව පත්වීම කරනු ලැබීය. ඇතැම් ආයතන වලට හිටපු ඇතැම් සාමාජිකයන්ද නැවත පත් විය. එහෙත් තීනියාවල පාලිත කහකඩයාට නැවත එම තනතුර ලැබුණෙ නැත. මංගලට පෙර විෂය භාර ඇමැතිවරුන්ද මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙනස් කළ නමුදු මේ කහකඩයාට අතක් තිබ්බෙ නැත. එජාපය වෙනුවෙන් යම් කාර්යභාරයක් කළ අයකු නිසා ඊට සලකණු ලැබීය. එහෙත් ඇමැති මංගල මේ කහකඩයාව ඉවත් කරනු ලැබීය. එ්කෙන් සිදු වූයේ මේ මුදල් ඉල්ලම කහකඩයාට අහිමි වීමය. අගමැතිවරයා හරහාද මෙම තනතුර යලි ලබා දෙන ලෙස ඇවැටිලි කළද ඇමැති මංගල එය දුන්නෙ නැත. ඒ තමන් පිළිපදින ප්‍රතිපත්ති කඩ කළ නොහැකි නිසාය. කිසිදු ආගමික පූජකයකුට රජයේ හෝ ඒ අනුබද්ධ ආයතන වල තනතුරු ලබා දීමට ඇමැති මංගල විරුද්ධය.ඒ ප්‍රතිපත්තියෙහි ඔහු හැමදාම සිටියෙය.

තිනියාවල පාලිත සඟවූ ඇත්ත කතන්දරය මෙයය.. මංගල දූෂිතයකු වන්නේ මේ කහකඩයාගේ මුදල් ඉල්ලමට කෙළවීම නිසාය. තමන්ගේ ප්‍රධාන දායකයා වන රවී කරුණානායකගේ ඉල්ලීම අනුබලයද මීට නියත ලෙස බලපාන්නට ඇතිය.

අප මේ කතාව කීවේ මේ දේශපාලනයට සම්බන්ධව සිටින කාලකන්ණි කහකඩ තක්කඩියන්ගේ මළපෙරේත අවස්ථාවාදීකම හෙළි කිරීමටය.

ඒ කොහොම උනත් යහපාලනයේ නාමයේන් රටේ ජනතාවගේ බදු මුදල් උලා කෑ පාලිතලා වැනි කහකඩ පාපතරයන්ට තව දුරටත් රටේ ජනතාව හමුවට පැමිණ සෙල්ලම් කරන්න ඉඩක් නැත. දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු දූෂිතයන්ගේ කොන්ත්‍රාත් ඉ‍ටු කරමින් වේදිකාවල කොච්චර ‍රැඟුවත් වැඩක් වන්නෙ නැත. ඇත්ත බොරුව කුමක්ද යන්න හෙළිවීම දැන් පහසුවෙන් සිදුවේ.. තීනියාවල පාලිතලා වැනි දේශපාලන කහකඩ හිඟන්නන් යනු දන්කුඩවත් පිදිය යුතු නැති දේශපාලන පිසාචයන් පිරිසක් බව පැහැදිලිය.

Last modified on Thursday, 11 July 2019 19:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us