සිරා+ මරා බලු පූට්‍ටුව ජාතක කළේ දේශපාලන මළකඳකි. Featured

Sunday, 11 November 2018 11:59

ශ්‍රිලංකාවේ පුරවැසියා කියන්නේ ඕනෑම දෙයක් පහසුවෙන් දරා ගැනීමට හා ඒ අනුව වෙනස් වීමට කල් නොගන්නා පිරිසකි. රටේ බහුතරයකට, මේ සිදුවන දේශපාලන විපර්යාසයන් ඔවුන්ට අදාල නැත. තවමත් සිදු වුණේ කුමක්ද යන්න නොදන්නා විශාල පිරිසක් වෙති.

නමුත් මේ නොදන්නා පිරිස දේශපාලන බලය තීන්දු කරන අවස්ථාවේදී තීරණාත්මකය. මේ නිසා මාධ්‍ය හරහා සිදුවෙමින් පවතින දේශපාලන සංවාද විසංවාද රටේ බහුතරය ස්පර්ශ නොකරයි. දේශපාලනය විසින් මතක ඇති කාලයක පුරවැසියාව ආණ්ඩුකරණයට සම්බන්ධ කර නොගැනීම හා ඒ දේශපාලනය විසින් ඊට සම්බන්ධ වූ පිරිස් වෙත අත්පත් කර දී තිබෙන නරකම අත් දැකීම් නිසා දේශපාලනය රටේ පුරවැසි බහුතර ප්‍රතික්ෂේප කරමින් තිබේ.

ඔවුන්ව නැවත දේශපාලනිකව උත්තේජනය කිරීම, දේශපාලන ක්‍රියකාරිත්වයට ගැනීම අසීරු කාරණාවකි. දක්ෂිණාංශක හෝ වේවා වාමාංශික හෝ වේවා දේශපාලන කණ්ඩායම් හමුවේ බලපවත්වන දරුණු අර්බුදය වන්නේ එයයි.

අල්ලස් දී යම් ඡන්දදායකුව ඡන්ද පොළට ගෙන්වා ගැනීම විය හැකි නමුත් එය දේශපාලනික ජයග්‍රහණයක් නොවේ. එය සැලසුම් සහගත කුමන්ත්‍රණයකි. සිරිසේන මහින්ද එකතුව විසින් පසුගිය සති කිහිපය තුලදි සිදු කළ කුමන්ත්‍රණය පුරවසියාව නැවත ආපස්සට කරන ක්‍රියාවලියක් මිස රටේ ඉදිරි ගමනකට කිසි සේත්ම දායක වන්නක් ද නොවේ. එම කුමන්ත්‍රණයේ ප්‍රතිපලය රටට කිසිසෙත්ම වැඩ දායක නැත. සිරිසේන හෝ මහින්ද හෝ ලබපු දේශපාලන ජයග්‍රහණයක් නැත. ජාතක කළේ මලකඳකි.

රට දැන් අරාජිකය. සියල්ල බිඳ වැටී ඇත. පවතින නිහැඬියාව මූසලය. භයංකරය.

මේ කාලකන්ණි තත්වයන් වෙනස් කළ හැකි දැවැන්ත පිම්මක් පැනිය හැකි බලයක් මේ මොහොතේ රටට අවශ්‍යය. අලුත් උත්තානයක් අවශ්‍යය. ඒ වුවමනාවන් සහිත පිරිසගේ එකමුතුවක් ඒ වෙනුවෙන් අවශ්‍යය. ඊට සමත් වන වුන්ට රටේ අනාගතය ගැන වගකීම බාරවෙනු ඇත.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us