මහින්ද උගත් පාඩම මෛත්‍රීට අත්හදා බැලීමේ ඉඩක් නැත

Saturday, 17 January 2015 09:45

දිමියන් ගසකට නැගගත් කල අතු ඉති පුරා කොල නවා ගොටු ගසා ප‍්‍රභාසංලේශනයට බාදා කරති. එහි ස්භාවික පැවැත්ම බලහත්කාරි ලෙස නවතා දමති. ගසට නැඟගත් ඕනෑම අයෙකුට වටකොට පහර දෙති.

කැළයේ සිට ගසට එන සතුන්ටද පහර දෙති. අතු ඉතිවල මයිටාවන් බෝ කරති. ගසේ මුළු මහත් පැවැත්ම තමනට අවශ්‍ය පරිදි සකසති. තම ව්‍යප්තිය වෙනුවෙන් අවට ගහ කොල පරිසරය යොදා ගැනීමට වෙර දරති.

පැවති ආණ්ඩුවේ අභ්‍යන්තර පැවැත්ම තුලද මුලූ මහත් රාජ්‍ය ආයතන පද්ධතිය තුලද සමස්ථයක් ලෙස රට තුලද මහින්ද රාජපක්ෂ පවත්වාගන යන ලද්දේ දිමියන්ගේ දිමිගොටු හැදීම පන්නයේ දේශපාලනයකි. මෙම දිමිගොටු දේශපාලනය වූ කලි එක්තරා ආකාරයකට රාජපක්ෂ ආණ්ඩුවේ ආරම්භක පැවැත්මට වඩා වාසිදායක විය. එම දේශපාලනය රටට ජනතාවට කොතරම් හානිදායකද යන්න විමසීමට වඩා එම තත්වය ගොඩනගා පවතින්නට ඉඩ හැර ඉන් ප‍්‍රයෝජන ගැනිම මහින්දගේ අවශ්‍යතාවය විය.

එහෙත් මෙම අවශ්‍යතාවය ගසේ පැවැත්මට බාධා කරන දිමියන් මෙන් ආණ්ඩුවට එක්කර ගත් පිරිස් අවාසිය බවට පරිවර්තනය කරණු ලැබිණ. මෙම සමස්ත අවාසිය හමුවේ මහින්දට ජනාධිපතිවරණය ආරම්භයේදී පැවති වාසිය ලෙස පිරවිය නොහැකි අර්බුදකට මුහුණ දීම අනිවාර්ය විය. අවසන මහින්දට ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉතිරිව තිබුණේ දිමි ගොටු ඇවිස්සීමේ දේශපාලන කලාවත් රැවටීමත් ප‍්‍රහාරයත් පමණි.

සිය ජයග‍්‍රහනය වෙනුවෙන් මෙම උපක‍්‍රම තුනම ඔහු විසින් එකවර යොදා ගනු ලැබුණි. දැන හෝ නොදැන සැලැස්මකින් තොරව සිදුකළ ආණ්ඩුවේ එම ක්‍රියාවලිය තුල ආණ්ඩුව විසින් සිය චිත‍්‍රය තවතවත් බොඳ කර ගනු ලැබිණි. කොතරම් දැඩි මර්දනකාරි ආණ්ඩුවකට වුවද ජනතා මර්දනය දියත් කරන්නේ සැලැස්මකට අනුවය. ඒ දේශපාලන උපායීක වශයෙන් ගලා එන සමාජ විරොධය අවශෝෂණය කර ගැනීම සදහා වේ.

බලයෙන් ඉදිමුණ රාජපක්ෂලාට ඒ කිසිවක් සොයා බලන්නට අවශ්‍ය නොවීය. තමන්ට රට කරන හැටි උගන්වන්න අවශ්‍ය නැතැයිද තම පරපුර වසර 70 ක් රට පාලනය කළ නායකයන් බව ඇමරිකන් තානාපතිට මූණට කියූ බවට තොරාගත් මාධ්‍ය වලට ගොඨාභය වරක් කයිවාරු ගැසීය.( ගොඨාභය එසේ ඇමරිකානු තානාපති වරයාට කීවේදැයි අපි නොදනිමු.)

තෙවන වර ජනාධිපතිවරණය සදහා ජයගැනීමට අවශ්‍ය ප‍්‍රහාරක බලය අවශ්‍ය පමණටත් වඩා ඇතැයි කල්පනා කළ මහින්දට රටතුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවැදගත්ම සාධකය විය. එනිසාම මහින්ද රාජපක්ෂට සමාජ ආර්ථික දේශපාලන කිසිදු කේෂ්ත‍්‍රයක සදාචාරමය බලයක් පැවතුනේ නැත. මාධ්‍ය මර්දනය පුද්ගල පැහැර ගැනීම් හා ජනතාවට වරින් වර පහර දීම් හේතුවෙන් එම තත්වය මත ජනතාවගෙන් බලය ඉල්ලා සිටීමේ සදාචාරමය අයිතිය ඔහු විසින් අහෝසි කර ගත්තේය. ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට වලංගු තර්කයක්ද මහින්ද රාජපක්ෂට නොවිය.

දේශපාලනයේදී පුද්ගලික පලිගැනීම් සහ පුද්ගල මර්ධනය රැවටීම මිස මහින්දට අළුත් උපක‍්‍රම පැවතියේ නැත. එනිසාම තමන්ට බලයට පැමිණීමට උදව්කල එක පුද්ගලයෙකු හෝ අතනොහැර පතුරු ගැසුවේය. ඒ නිසාම දේශපාලන ගමන් මග තුල මහින්දට එරෙහි විවේචන කරන්න් මැරුම් කෑ යුතු විය. තංගල්ලේ කළු මුදලාලිගේ ඝාතනයේ සිට පැහරගත් අවසාන මිනිසා දක්වා ලබාදුන් පණිවුඩය මහින්දගේ දේශපාලනයට ප්‍රජාතන්ත්‍රික සදාචාරයක් නොපැවති බ‍ව පමණි.

මහින්ද සිය ආණ්ඩුවේ අනාගතය දුටුවේ ගෝඨාභය මෙහෙයවන ඔත්තුසේවා වාර්තා වල කෝණයෙනි. එහෙත් තිරණ ගත්තේ කට්ටඩියකුගේ මානසිකත්වයෙනි. රටේ ආර්ථිකය මෙහෙයවන ලද්දේ ජාවාරම් කරුවන් ගේ හස්ථයෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ජනතා අයිතීන් රටතුල තඹයකට මායිම් නොවන්නේ ඔහු හිතාමතා කල යමකට වඩා ඔහුගේ ජඩ සහ විකාර රූපී දේශපාලන භාවිතයෙනි. පෞද්ගලික අහංකාරය කැටිකර ගත් බලහත් කාරය හේතුවෙනි.

උතුරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු ගොඩනැගුණු මිල්ටරීමය බලය විටෙක ආභරණයක් ලෙසද තවත් අවස්ථාවක අවියක් ලෙසද සිවිල් සමාජය ඉදියේ වරින් වර ප‍්‍රදර්ශනය කරනු ලැබිණි. ඒ මත සමජය‍ තුළ ගොඩ නගන බලය සමාජ භීතියක් ලෙස දේශපාලන පැවැත්මේ දී භාවිතයට ගැනුණි. අවසානයේ එල් ටී ටී ඊය වැනි සංවිධානයක් මර්දනයට යොදන බුද්ධිම උපායන් නිරායුද ආණ්ඩු විවේචකයන් වෙත එල්ල කෙරිණි වරක දේශපේ‍්‍රමය ලෙසද වරක පුද්ගල ඝාතන ලෙසද කරලියට එන්නේ මෙම දේශපාලන භාවිතය මිස අන් යමක් නොවේ.

මේ සියල්ලට පිළිතුරු සොයා ජනතාව ආණ්ඩුවක් බලයට පත්කර තිබේ. මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර පාඩමක් උගන්වන ලද බවට ඇතැමුන් හිත හදා ගනිමින් පැත්තකට වෙමින් සිටී. එහෙත් බලයෙන් පහ කිරීම මහින්දට පාඩමක් නොවේ. මන්ද පාඩමක් ඉගනීමට හෝ එවැන්කින් වෙනස් වීමට පුද්ගලයෙකුට මානව සමාජයට නම්‍ය ශීලි සදාචාරයක් තිබිය යුතුය.එහෙත් ඔහුගේ පාලන කාලය තුළ හෝ දේශපාලන ජීවිතය තුල එවැන්ක් දක්නට ලැබී නැත.

එහෙත් මහින්ද රාජපක්ෂ දේශපාලන විෂයෙහි ර මෙටේ අනාගත පාලකයන්ට උගැන්වූ පාඩමක් තිබේ ඒ අන් කිසිවක් නොව දූෂිතයන් මිනීමරුවන් තක්කඩින් හෝ මත් ජාවාරම් කරුවන් රකින ආණ්ඩු විසින් ජනතාව කොතරම් මර්දනය කළද අවස්ථාව ලද සැනින් ජනතාව ඊට පිළිතුරු දෙන බවය. එමෙන්ම දූෂිතයා රැක්කත් ජන බලය හමුවේ කිසි දිනක දූෂිතයා තම රැකවරණයෙන් පසු රැක ගත් පුද්ගලයා වෙනුවෙන් හෝ ආණුඩුවක් වෙනුවෙන් පෙනී නොසිටින බවය.

එය මෛත‍්‍රීපාලගේ ආණ්ඩුවටද වැදගත් වනු ඇත. මන්ද මහින්ද ගේ ඔඩොක්කුවෙ සිටී සියළු දූෂිතයන් මේ ආණ්ඩුවට එක් වෙමින් සිටින බැවිණි. එමෙන්ම මහින්ද ගේ එලිදරවූ නොවූ ඝාතකයන් තවමත් ස්ථාන ගතව සිටින බැවිණි. අමාත්‍යංශ කරවූවෝ මහින්ද අතහැර ‍ෙමෙත‍්‍රී වෙත පැමිණ එම මේස පුටු වටා කරකැවෙමින් සිටින බැවිණි.

අවසන ගස මැරීයන විට අතු ඉති හැළුණු කල ගොටුගසා රිංගා සිටීමට කොල නොමැති කල මැරුණු ගස අත හැර අනෙක් ගස වෙත බඩගානු මිස දිමියන් කුමක් කරනුද?. එහෙත් මහින්ද උගත් පාඩම මෛත‍්‍රිට අත්හදා බැලිමට ඉඩ නැත. මන්ද ජනතාව එම දේශපාලන භාවිතයේ නිර්මාතෘ මහින්ද රාජපක්ෂ සමග මුළු පවුලම ඉතිහාසයේ කුණු මුල්ලට අතුගා දමා ඇති බැවිණි.

ධම්මික ප්‍රියදර්ශන- lankaherald

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us