JVP නායකයා “බල්ලා” කීවේ ජයශංකර්ටද? Featured

Wednesday, 28 February 2024 10:56

අනුර කුමාර දිසානායක ඊයේ (26) පැවති ජවිපෙ දේශපාලන රැස්වීමකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

සියලු සමීක්ෂණ වාර්තා අනුව ඊළඟ ජනාධිපති වීමට නියමිත අනුර කුමාර පසුගියදා දිල්ලියේ ගොස් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය S. Jaishankar මහතා හමු විය. අනුර කියන ආකාරයට එය ඉන්දීය ආණ්ඩුවේ ආරාධනය මත සිදු කළ නිල සංචාරයකි. මාක්ස්වාදී-ලෙනින්වාදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එම හමුවීම සඳහා ජීවිතයේ පළමු වතාවට යුරෝපීය විලාසිතාවේ කෝට් ඇඳුමකින් සැරසී රතු ටයි පටියක්ද පැළඳ සිටිනු දක්නට ලැබිණි.

ඓතිහාසිකව ඉන්දීය විරෝධී ජවිපෙ විසින් සිදු කළ එම ඉන්දීය සංචාරය ලාංකීය සමාජය තුළ බොහෝ කතාබහට සහ උපහාසයට ලක් විය. ශ්‍රී ලංකා රජයට එරෙහිව ජවිපෙ දියත් කළ 88-89 සාහසික ත්‍රස්ත ප්‍රහාර ආරම්භ වූයේ 1987 ඉන්දීය හමුදා මැදිහත්වීමට එරෙහි ප්‍රතිරෝධයක් විලසිනි. ජීවිත 60,000ක් බිලිගත් එම ජවිපෙ සන්නද්ධ කැරැල්ල ලොව දරුණුතම මානව හිමිකම් කඩකිරීමක් වුවත් අද දක්වා එහි වින්දිතයන්ට යුක්තිය ඉටු වී නොමැත. "ඉන්දියානු ව්‍යාප්තවාදය" යනු ලංකාවේ නූගත් තරුණයන්ගේ මොළ සේදීමට ජවිපෙ භාවිතා කරන කුප්‍රකට පන්ති පහෙන් එකකි. එහෙයින් මේ අංශක 180ක ප්‍රතිපත්තිමය හැරවුම, 88-89 ඉන්දීය විරෝධී ත්‍රස්ත ක්‍රියාවලට හවුල් වූ ජවිපෙ සාමාජිකයන්ට අනුව නිර්ලජ්ජිත පාවා දීමකි.

ලංකාවේ හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වරක් “බලු රේස්” එකක් නැරඹීමට යුරෝපීය විලාසිතාවේ කෝට් ඇඳුමක් ඇඳ ගිය බව දිසානායක සිය කතාවේදී කියයි. “බලු රේස් එකකට කෝට් ඇඳුමක් ඇන්දේ ඇයි” දැයි ඇසූ විට “බලු රේස් බලන්න බලු ඇඳුමක් ඇඳිය යුතුයි” කියා බණ්ඩාරනායක පිළිතුරු දුන්නේ යැයි අනුර කුමාර පවසයි. ඔහු එම සංසන්දනය කළේ ජයශංකර් සමග සිදු කළ හමුවීම “බලු රේස්” එකක් ලෙස ඔහු සලකන බව අසහනයට පත් සිය පාක්ෂිකයන්ට දැන්වීමටද?

විදේශ භූමියකදී ඉන්දියානු සොල්දාදුවන් ඝාතනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයන් නිල වශයෙන් හමුවීමට තරම් ජයශංකර් අනාථ වූයේ ඇයිද යන්න ගැටලුවකි. ජවිපෙ කැරලිකරුවන් විසින් ඉන්දීය හමුදාවට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම පකිස්තාන ත්‍රස්ත ප්‍රහාරවලින් වෙනස් නොවේ. පකිස්තාන ත්‍රස්තවාදයට එරෙහිව නිතර බෙරිහන් දෙන ජයශංකර්ට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ සමග ඔවුන්ගේ ඇති ලේ වැකුණු ඉතිහාසය අමතක වුණාවත්ද? ලංකාවේ නිවාස සිය ගණනක් කොල්ලකා ගිනි තබා, අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකට පහර දී, කාන්තාවන් නිරුවත් කර අපයෝජනය කළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහ දවල් මහමග අමානුෂික ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ 2022 ප්‍රචණ්ඩ අරගලය සඳහා ජවිපෙ න්‍යයාචර්ය නිර්මාල් දේවසිරි සහ පිරිස නායකත්වය දුන්නේය.

ඉන්දීය හමුදාවන් ඝාතනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමකට ඉන්දියාවේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයා විසින් සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂයෙන් වචනයක්වත් අසන්නට නොලැබුණු නිසා ඔවුන්ටත් මේ ඉතිහාසය අමතක වී ඇත්දැයි අපට සිතේ. ඉන්දියාවේ සහ ලංකාවේ ජනතාව අතර ඓතිහාසික සිහිමදභාවය පොදු රෝගී තත්ත්වයක් බව පෙනේ. ඉන්දියන් සාගර කලාපයේ විදේශ සබඳතාවලදී ඉන්දියාව බරපතළ ලෙස අසාර්ථක වෙමින් තිබේ. පළමුව, ලංකාවේ 2022 රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය පාලනය කිරීමට ඉන්දියාව අසමත් වූ අතර, පසුව ඔවුන් මාලදිවයිනේ දී චීන ජාතිකයින් හට පරාජය විය. හින්දු දෙවියෙකු වන හනුමාන්ට අවමන් කරමින් ඉන්දීය හමුදාව “වඳුරු හමුදාව” ලෙස හැඳින්වූ ජවිපෙ මෙදා අගමැති මෝදිගේ කණ්ඩායම විසින් නිල වශයෙන් පිළිගැනීම ඉන්දියානුවන්ට කළ මහත් අපහාසයකි.

කෙසේ වුවත්, ඔවුන්ගේ නව ඉන්දියානු සබඳතාවට එරෙහිව නැගුණු අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ තමන්ට නොගැලපෙන යුරෝපීය විලාසිතාවේ කෝට් ඇඳුමක් ඇඳීමෙන් ජනතාව අතර උපහාසයට ලක් වීමෙන් මිදීමට ජවිපෙ නායකයා ගත් මෙම උත්සාහය සූක්ෂම එකක් බව කිව යුතුය. තමාට දරන්න බැරි කෝට් ඇඳුම ඔහු විසින් පහත් කළා පමණක් නොව, ජයශංකර් සමග හමුවීමත් “බලු රේස්” එකක් ගානට දමා කතා කිරීම දක්ෂ දේශපාලන උපායකි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ජයශංකර්ට මෙතරම් තිරශ්චීන ලෙස සැලකීම අපට පුදුමයක් නොවේ. "බල්ලන් සමග නිදා ගත් විට මැක්කන් සමග අවදි වේ" යන පැරණි කියමන ජයශංකර් මහතාට අපි මතක් කරමු. ධර්මය ඔබට මග වේවා!

-එරන්ද ගිනිගේ

Last modified on Wednesday, 28 February 2024 11:34

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us