පියුං මහත්වරුන්ගෙන් ජාතික සම්පතක් ගලවාගැනීම Featured

Tuesday, 07 November 2023 23:48

නුවරඑළිය තැපැල් කන්තෝරුව පවත්වාගෙන යන්නේ සුද්දාගේ කාලයේ සිටම ඒ වෙනුවෙන් භාවිතා වූ ගොඩනැගිල්ලේය. මෙය සුප්‍රසිද්ධ යටත් විජිත ගොඩනැගිලි අතර සුවිශේෂීව කැපී පෙනෙන තැනකි. එහි ආකර්ශනීය බාහිර පෙනුමෙන් එය අද්විතීය නිර්මාණයක් වන අතර යටත් විජිත බ්‍රිතාන්‍ය ලංකාව පිළිබඳ මතකයන් නැවත ගොඩනගන්නකි.

මෙම නුවරඑළියේ තැපැල් කන්තෝරුව බ්‍රිතාන්‍යයන් විසින් 1894 වර්ෂයේදී ඉදිකරන ලද්දකි. එය ශ්‍රී ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාලවලින් එකකි. එසේම එය නගරයේ පැරණිතම ගොඩනැගිලි කිහිපයෙන් එකකි. කොහොමත් නුවරඑළිය නගරය කියන්නේම සුද්දාගේ ඉදිකිරීමකි. එහි ජනපදකරණයත් සුද්දාගේ වැඩකි. ඒ කියන්නේ එංගලන්ත සුද්දා මේ නගරයට උරුමකාරයෙකි.

මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයට අයත් මුල්ම කාලයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලට සමාන වේ. මෙය ටියුඩර් පන්නයේ තේජාන්විත දෙමහල් ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ එක් පැත්තකින් සර්පිලාකාරව ඇති ඔරලෝසු කණුව, දීප්තිමත් රතු පැහැති ගඩොල්, ඉරි මෙන්ම වහලය අපූර්ව නිර්මාණයකි. එය 2007 පෙබරවාරි 23 දින ප්‍රකාශයට පත් කරන ලද රජයේ ගැසට් නිවේදනයක් මගින්, ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා ලොකු සද්දයක් දමා තිබුණේ වත්මන් තැපැල් කන්තෝරුව එම ස්ථානයෙන් ඉවත් නොකිරීම ගැනය. මොකද නුවර එළිය සංචාරක කලාපයක් කිරීම වෙනුවෙන් සකසා තිබෙන දැවැන්ත වැඩපිළිවෙල (Greater Nuwara Eliya Development Plan 2022-2032) අනුව මෙම ගොඩනැගිල්ලත් සංවර්ධන ව්‍යපෘතිය තුළ වැදගත් සංධිස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙන නිසාය. ඒ සදඟා තැපැල්පතිගේ අනුකූලතාවය ප්‍රමාදවීම නිසාය. එසේම මේ කාරණය අලුත් එකක්ද නොවේ. 2017 වසරේදීත් මෙම යෝජනාවම අගමැති රනිල් ගෙන ආ නමුත් එදත් තැපැල් සේවක වෘත්තීය සමිතිකාරයන්ගේ විරෝධය මත ඒ කටයුත්ත කිරීමට ඉඩක් නොලැබ තිබිණි. කොහොම නමුත් මෙම ගොඩනැගිල්ල ආකර්ශනීය සංචාරක ස්ථානයක් බවට පත් කිරීමට ඇති සක්‍යතාවයන් පිළිබඳ යෝජනා ඉදිරිපත්ව තිබුණේ ඊටත් බොහෝ කාලයක පෙර සිටය. ව්‍යාපෘති වාර්තා ගනනාවක්ද රජයේ නොවන විවිධ පාර්ශ්ව විසින් ද ඉදිරිපත් කර තිබිණි.

nuwara eliya post office

කොහොම නමුත් නව සංවර්ධන සැලසුම අනුව මෙම ගොඩනැගිල්ල පමණක් නොව නවුරඑළියේ තවත් ඓතිහාසික ගොඩනැගිලි ගනනාවක්ම සංවර්ධනය කිරීම වෙනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘති යෝජනාව අනුව නුවරඑළිය සුද්දාගේ කාලයේ තිබු පරිදි ‘පුංචි එංගලන්තය’ නැවත මතු කරගැනීමත් අරමුණක්ව ඇත. ඒ අනුව ඇතැම් නව ගොඩනැගිලි පවා කඩා බිඳ දැමීමක්ද විය හැකිය. අද නගරයම පවතින්නේ කිසිදු ප්‍රතිපත්තියක් දැක්මක් නොමැතිව අවිධිමත් ලෙස ගොඩනැංවී ජරාවාස වී ඇති ජනාකීර්ණ නගරයක ස්වරූපයකින්. නුවරඑළිය අලංකාර භූ දර්ශනයත් මේ ඉදිකිරීම් නිසා විනාශ වී ඇත. පුංචි එංගලන්තය බලන්න කියා අද එංගන්ත සුද්දෝ ලංකාවට ආවට දකින්න ලැබෙන ජරාවාස වූ නගරයකි. යටත් විජිත කාලේ තමන්ගේ මුතුන් මිත්තෝ ගොඩගඟන ලද විභූතිමත් නගරය විනාශ වෙන්නට ඉඩ හැර ඇති අයුරුය. ඒ පැමිණි අයෙකු නැවත මේ නටබුන් බලන්න එන්නේ නැත. දන්නා කෙනෙකුට නුවරඑළිය බලන්න යන්න කියන්නේද නැත.

මේ නිසා සුද්දාගේ කාලයේ සිට නුවරඑළියට සංචාරක ආකර්ශනය ලැබී තිබුණේ එය ‘පුංචි එංගලන්තය’ ලෙස ප්‍රසිද්ධව තිබු නිසාය. ‘පුංචි එංගලන්තය’ යන්න සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සුද්දා යොදාගත් ආකර්ශනීය ප්‍රචාරක පාඨයක් පමණක් වුයේ නැත. ඔවුන් එයට සරිලන ඒ අයුරින්ම නගරය නඩත්තු කළේය. ඒ තත්වයන් විනාශ කරගත්තේ සුද්දා මෙය අත්හැර ගිය පසුව භාරගත් මෙරට මෝල්ලුය. කොහොම නමුත් එම ‘පුංචි එංගලන්තය’ හැඳින්වීමට යළි එම අර්ථය ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නව සංවර්ධන සැලසුම ගොඩනංවා වැඩි සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීම සඳහා වන නාගරික ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා කර ඇත.

රජයේ සාමාන්‍ය කාර්යාලයක් වන තැපැල් කන්තෝරුව මෙතැනින් ඉවත් කරගන්නා ලෙස ජනාධිපතිට සැරෙන් කියන්නට සිදු වූයේ රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවකට රජයේ නිලධාරීන්ම හරස් වීම නිසාය. නමුත් තැපැල්පතිට හෝ තැපැල් සේවකයන්ට හෝ මේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් ගන්නා පියවරයන් ගැන මෙලෝ අලබෝලයක වැටහීමක් තිබුණේ නැත. තැපැල් කන්තෝරුවට සුද්දෙක් දෙන්නෙක් ඇවිත් බලලා ගියාම සංචාරක කර්මාන්තේ ටොපේ ටොප් එකට නඟා සිටුවන්න තමන් දායක වී ඇති බව ඔවුන් සිතාගෙන සිටින බව මේ දිනවල මේ විරුද්ධවාදීන් කියවන හෑලි වලින් පැහැදිලිය. මෙහි වෘත්තීය සමිතිකාරයන්ට අනුව මෙය, ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමකි. අඩුම තරමින් ශ්‍රී ලංකා තැපැල් සේවය පාඩු නොලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට, කාර්යක්ෂම කිරීමට හැකියාවක් නැති මේ අය මේ පෞරාණික ගොඩනැගිල්ල නිසි නඩත්තුවකින් පවත්වාගෙන යෑමට ද අසමත්ව ඇති බව ගොඩනැගිල්ලේ වර්තමාන ස්වරූපය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලිය. දැනටමත් මෙම ගොඩනැගිල්ල තුළ අපනශාලා, විවේක කාමර පහසුකම් ආදිය සැපයීමේ සේවයක් තිබුණද ලැබු ලාබයක්ද නැත.

කොහොම නමුත් මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා තනිව ගත් තීදුවක් නොවේ. වසර ගනනාවක් තිස්සේ ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් අධ්‍යයනය කර සැකසුනු ව්‍යාපෘති වර්තා අනුව කැබිනට් මණ්ඩලය මගින් ද අනුමත කරන ලද වැඩ පිළිවෙලකි. මෙහිදි මෙම පැරණි ගොඩනැගිල්ල, හුදු ගොඩනැගිල්ලක් හෝ හෝටලයක් ලෙස පමණක් සංචාරක ප්‍රවර්ධනයට යොදාගැනීම ගැන යෝජනාවක් නැත. එය වැදගත් වෙන්නේ සුද්දාගේ කාලයේ තැපැල් කන්තෝරු ගොඩනැගිල්ල ලෙසය. ඒ සළකුණ ආරක්ෂාකිරීම විය යුතුය.

මන්ද නුවර එළිය තැපැල් කන්තෝරුවෙන් අතීතකාමී විනෝදයක් ගන්න එන්නේ එංගලන්තේ සුද්දා හෝ වේවා වෙනත් සංචාරකයකු හෝ වේවා ඒ විනෝදය හෝ දැනුම ගැනීමෙහි ඉඩක් වෙන් කිරීම සිදුනොවේ නම් මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන ප්‍රතිලාබයන් අවම වෙනු ඇත. රජය කටයුතු කරන්නේ ඒ අවබෝධය සහිතව බව අදාල ව්‍යාපෘති වාර්ථාව අනුව පැහැදිලිය.

මෙම ගොඩනැගිල්ල ඉහළම පන්නයේ සංචාරක ආකර්ශනය ලබාගත හැකි හෝටලයක් බවට පර්වර්ථනය වුවත් මෙය පැරණි මතකයන් ප්‍රදර්ශනය විය යුතුය. කවර අයෝජකයෙක් මෙහි සංවර්ධන කටයුත්තකට අතගැසුවත් මෙය යටත් විජිත යුගයේ තැපැල් කන්තෝරුව බව පෙන්වා දීමට හැකි සහ ඒ අත්දැකීම ලබාදීමට හැකි නිර්මාණාත්මක කටයුත්තක් කිරීමට හැකි පහසුකම් සහිතව පවත්වාගෙන යෑම වැදගත් වෙනු ඇත. මේ සඳහා තැපැල් දෙපාර්ථමේන්තුවේම සහය ලබාගෙන විදේශිකයන් වෙනුවෙන් මේ වන විටත් පවත්වාගෙන යන සේවාවන් ලබාදෙන විශේෂ තැපැල් මධ්‍යස්ථානයක් ද මේ තුළ පවත්වාගෙන යා හැකිය. අවශ්‍යනම් යටත් විජිත යුගයේ පැවැති ස්වරූපයෙන් හෝ ඒ පවත්වාගෙන යා හැකිය. මේ අකාරයේ නිර්මාණාත්මක විසඳුම් උපක්‍රම සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේ අවස්ථාවන් කොතෙකුත් තිබියදී රාජ්‍ය නිලධාරීන්ගේ බාධාකිරීම්, වෘත්තීය සමිතිකාරයන්ගේ වැඩවර්ජන යනු රට ගොඩනැගීමට ඇති අවස්ථාවන් කඩාකප්පල් කිරීමකි. ඒ කඩකප්පල් කිරීම් හමුවේ ජනාධිපතිවරයාගේ දෘඩ හැසිරීම අතිශය සාධාරණය. ඒ එසේ විය යුතුය. නිවැරදි දේ වෙනුවෙන් සෘජුව පියවර ගැනීමට ඔහුට ඇති ශක්තිය අගය කිරීම විය යුත්තකි.

සත්‍ය ලෙසම මේ ගොඩනැගිල්ල ජාතික සම්පතක් වන්‌නේ ඒ තුළ පැරණි තැපැල් කන්තෝරුව පාඩු පිට පවත්වාගෙන යෑමෙන් නොවේ. රටට ආදායම් උපයන තැනක් කිරීමෙන් බව වැඩවර්ජනය කරන පියුං මහත්වරුන්ට අවබෝධ කරගැනීමට නොහැකි වීම කණගාටු දායකය.

 

- සුවී

Last modified on Tuesday, 07 November 2023 23:51

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us