තැඹිලි අපනයනයෙන් මේ වසරේ ආදායම මිලියන 140ක් ! Featured

Thursday, 02 November 2023 10:43

මෙම වසරේ ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පසුගියදා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමඟ මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කළ සාකච්ඡාවේදීය.

මෙතෙක් වැවිලි භෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිලි සඳහා මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇති බව ද එම අධිකාරියේ වාර්තා අනාවරණය කරයි. එමෙන්ම මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14කි. ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140කි.

මේ අතර ලබන වසරේදී අපනයනය ඉලක්ක කර ගත් තැඹිලි අපනයන වගා ආදර්ශ ගම්මානයක් ස්ථාපිත කිරීමට ද එහිදී යෝජනාවක් ඉදිරිපත් වී තිබේ..
මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේ තැඹිලි බෝගය වගාවක් වශයෙන් තවමත් අපේ රටේ ප්‍රචලිත වී නැති නිසා පාංශු පරීක්ෂාවක් සිදු කර තැඹිලි වගාවට උචිත ප්‍රදේශයක් හඳුනාගෙන එම ප්‍රදේශය තැඹිලි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කරන ලෙසයි. තැඹිලි වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ලබන වසර තුළ ආරම්භ කරන්නැයි ද ඇමැති අමරවීර පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

දාහය, පිපාසය නිවාලන්නට තැඹිලි ගෙඩියක් තරම් අගනා පානයක් තවත් නැති තරම්ය. මේ නිසාම දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශීය වෙළෙඳපොළේ ද තැඹිලි සඳහා ආකර්ෂණීය, ඉහළ ඉල්ලුමක් පවතී. එක් අතකින් තැඹිලි වතුර යනු සෞඛ්‍යමය පානයකි. තැඹිලිවලට පවතින ඉල්ලුම කිසිවිටෙක කිසිම අයුරකින් පහත නොවැටෙන්නේ ඒ නිසාය. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ගත කරන මේ දුෂ්කර කාල සීමාවේ අපේ දේශීය දෙයකින් වැටුණු ආර්ථිකයට ශක්තියක් දෙන්නට සිතනවා නම් තැඹිලි යනු ඊට කදිම ආදේශකයකි.

තැඹිලි යනු ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයකි. පාණදුර, බණ්ඩාරගම, කළුතර, හොරණ හා ඉංගිරිය වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් තැඹිලි වැවෙන බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව බොහෝ නිවෙස්වල අඩුම තරමින් තැඹිලි ගසක් හෝ දක්නට ලැබේ. රන් තැඹිලි හා ගොන් තැඹිලි යනුවෙන් තැඹිලි වර්ග දෙකක් ඇති බව අප අසා තිබේ. මේ අතරින් දිලිසෙන තැඹිලි පැහැයකට උරුමකම් කියන රන් තැඹිලි ගෙඩියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

එපමණක් නොව රන් තැඹිලි ගෙඩියේ වතුරවල රසය ද ඉතා අනර්ඝය. මේ නිසාම දෙස් විදෙස් ජනතාව තැඹිලිවලට මහත් ඇල්මක් දක්වති. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තැඹිලි ආවේණික වුවද ඉන් අපේ රට තරම් අවම ප්‍රයෝජනයක් ගන්නා රටක් නැති තරම්ය.

ශ්‍රී ලංකාවෙන් එතෙරට යන තැඹිලි ගෙඩියක් විදේශයන්හි දී අලෙවි වන්නේ මෙරට තැඹිලි සැපයුම්කරුවන් සිතන්නේවත් නැති මුදලකටය. ඒ අනුව, අපෙන් යවන තැඹිලි ගෙඩියකට ඩුබායි වරායේදී අවම වශයෙන් ඩොලර් 0.8ක මුදලක් හිමි වේ. එය ඩුබායි රට තුළ වෙ‍ළෙඳපොළට යන විට ඩිරාම් 25කට පමණ මුදලකට අලෙවි වන බව දැනගන්නට ලැබේ. ඒ අනුව තැඹිලි ගෙඩියක් එරටේදී රුපියල් 2,500කට ආසන්න මුදලකට එරටේදී අලෙවි වේ. විශේෂයෙන්ම මේ වන විට හඳුන්වා දී තිබෙන නව ඇසුරුමකින් යුක්තව ඇසුරුම් කරන තැඹිලි සඳහා විදෙස් රටවල පවතින ඉල්ලුම වැඩිය.

කෙසේ වෙතත් අපේ රටේ තැඹිලි සැපයුම්කරුවන් වෙළෙඳපොළ මාෆියාවන්ට ගොදුරු වන නිසාම මේ තැඹිලි ගෙඩියෙන් ලැබෙන ලාභයෙන් භාගයක්වත් ඔවුන්ට හිමි නොවීම හේතුවෙන් තැඹිලි සැපයුම්කරුවන් තැඹිලි වගාව සඳහා දක්වන උනන්දුව පහත වැටීමට ද ප්‍රධාන හේතුවක් වී තිබේ.

මේ සියලු හේතු සාධක නිසා අපනයනය ඉලක්ක කර ගත් තැඹිලි අපනයන වගා ආදර්ශ ගම්මානයක් ස්ථාපිත කිරීමට ගත් යෝජනාව ශ්‍රිලංකාවේ ඉදිරි ආර්ථිකයට මනා පිටුවහලක් වනවා නොඅනුමානය.

-P.M

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us