ආනයන භාණ්ඩ තහනමෙන් ගොඩගත යුත්තේ රට ද පක්ෂයද? Featured

Wednesday, 24 August 2022 13:12

තෝරගත් ආනයනික භණ්ඩ 305 කට පනවා තිබු තහනම තව දුරටත් දීර්ග කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබීම ගැන ඇතැමුන් කලඹල වී සිටින බව සාමාජ මාධ්‍යයන්හි පෙනෙන්නට තිබේ.

මෙම භාණ්ඩ තහනම ගැන සහ එයට එරෙහිව අදහස් දක්වන්න අය මෙහිදී මතු කිරීමට යත්න දරන්නේ, මෙම තහනම වත්මන් ජනාධිපතිවරයා හිතු මතේ ගත් වැරදි තීරණයක් බවත් එමඟින් රට බංකොලොත් වීමේ අවදානමක් පවා පවතින බව හුවා දක්වන අදහස් සමඟිනි.

ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟ වීමේ ගැටලුව මත දැන් වසර දෙකකට වැඩි කාලයක් මුළුල්ලෙ පීඩාවට ලක්ව සිටින බව අමුතු කතන්දරයක් නොවේ. ඒ තත්වයන්ට වගකිව යුත්තේ කවුරුන් නමුත් අද මුහුණ දීමට සිදුව තිබෙන යතාර්ථය නම් මේ ගැටළු වලින් මිදීමට යළි විදේශ විනිමය සංචිත වැඩි කරගැනීම විය යුතු බවය.

පසුගිය සමයේදී මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පවා විදේශ විනිමය අවශ්‍ය තරම් නොතිබුණු අතර ඉන්දියාව ප්‍රමුඛව ජාත්‍යන්තරයෙන් ලැබුණු ණය සහ ආධාර මත මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සැලකිය යුතු තරමකට සපුරා ගැනීමට හැකි විය.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන වන්නේ අපනයනය, සංචාරක කර්මාන්තය සහ විදේශ ගත ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ මුදල්ය. එහෙත් සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම සහ විදේශ ප්‍රේෂණ ඉතා අවම වීම මත විදේශ විනිමය අර්බුදය ඇති වීමට මූලික හේතුව විය .

කෙසේ නමුත් වතමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු බලය අත්පත් කරගැනීමෙන් පසුව මේ අර්බුදකාරිත්වයන් රැසක් යළි යථා තත්වයට පත් කරගැනීමට සමත් වී ඇත.

මහ බැංකු අධිපතිවරයා පසුගිදා පවසා සිටියේ, ගෙවුණු කාලය තුළදී මෙරට ආර්ථිකයට බලපානු ලබන ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මගින් මේ වනවිට සාධනීය තතත්වයක් පෙන්නුම් කරන බවය.

ඒ අනුව ආනයන වියදම් අඩුවීම, විදේශ ප්‍රේෂණ පැමිණීම, අපනයන ආදායම් ලැබීම, උද්ධමනය යම් ස්ථාවර මට්ටමකට පැමිණීම, විදේශ විනිමය හිඟය සමනය වීම, යනාදී යම් වර්ධනයක් පෙන්වා ඇතැයි ඔහු සඳහන් කර තිබිණි.

ගෑස්, ඉන්ධන, අත්‍යයාවශ්‍ය ආහාර සපයා ගැනීමෙහි කිසියම් හැකියාවක් මේ තුළින් ලැබී ඇතැයි ද ඉදිරියට ගමන් කරනවිට මූලික අවශ්‍යතා සඳහා කෙටි කාලීන ණය ලබානොගෙන කටයුතු කිරීමේ හැකියාවත් අත්‍යාවශ්‍ය රටේ මූලික වියදම් කළමනාකරණය කරගැනීමටත් හැකිවී ඇතැයි ද ඔහු පෙන්වා දී තිබිණි.

එමෙන්ම උන්ඩියල් වැනි නීති විරෝධී ක්‍රම මගින් මුදල් හුවමාරුව කිසියම් අඩුවීමක් මෙන්ම එවැනි ක්‍රම මගින් ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩුවී ඇති තත්ත්වයක් තුළ මෙරට බැංකු හරහා විදේශ ප්‍රේෂණ ලැබීම සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය වී ඇති බවත් මිල මට්ටම් ස්ථාවර වන බවත් ඔහු පෙන්වා දී තිබිණි.

එසේම මේ වන විට විවෘත ගිණුම් හරහා ආනයනය කරන භාණ්ඩ සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බවත් ඔහු නිර්දේශ කර තිබිණි. මෙමගින් මහ බැංකුව උත්සහ කරමින් සිටින්නේ ඩොලර් කළු කඩ මා‍ෆියාව අඩපන කිරීමටය.

ආනයන තහනම තව දුරටත් දීර්ග කිරීම තුළින් මෙරට ඩොලර් සංචිත අත්‍යවශ්‍යම භාණ්ඩ වෙනුවෙන් ඉතිරි කරගැනීමත් උන්ඩියල් හවාලා වනි නීති විරෝධී මුදල් ප්‍රවාහයන් අඩපන කර මෙරටට නිත්‍යනුකූල මාර්ගයන් ඔස්සේ ඩෝලර් අත්පත් කරගැනීමත් වෙනුවෙන් ගත් තවකාලික ක්‍රියාමාර්ග බවව පැහැදිලිය.

රට වැසිය මුහුණ දෙමින් තිබුණු ප්‍රධානම ගැටලු වූයේ තෙල් ගෑස් ආහාර ඖෂධ පොහොර ආදිය හීඟ වීමෙ ගැටළුය. ඒ හා බැඳුන තවත් ප්‍රශ්න ගනනාවක් විය. අද මේ ප්‍රශ්න ගනනාව යම් තරමකට හෝ විසඳා ගත්තේ රජය ගත් ආර්ථිකමය පියවරයන්ගේ සාර්ථකත්වය නිසාය.

එහෙත් අබුර්දය අවසන් නැත. එහි දැඩි අවදානම තවත් වසරක්වත් යන තුරුම පැවැතිය හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ද තිබේ. මේ නිසා තව වසරක්වත් යනතුරු මේ දැඩි ආර්ථික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් ආර්ථිකය යථාවත් කළ යුතුව තිබේ.

ආනයන භාණ්ඩ තහනම තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ඒ නිසාය. සාමාන්‍යයෙන් ආනයනයන් තහනම් කරන විට ඒ දේශීය නිශ්පාදන කර්මන්තයන්ටද බලපෑම් කර අපනයන ආදායම්ද ඊට සාපේක්ෂව අඩු වීමේ ස්වභාවයක් පවතී.. ඒ නිසා ඩොලර් හිඟ වෙනවා කියා හිතු මතේ ආනයනයන් තහනම් කළ නොහැක.

රටෙ ආර්ථිකයට අවම හානියක් වන ලෙස ‍තෝරා ගත් භාණ්ඩ පමණක් තහනම් කෙරුනේ ඒ නිසාය. කෙසේ නමුත් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අපනයන ආදායම වැඩි කරගැනීමටත් අපනයන ආදායමට වඩා ආනයන භාණ්ඩ වියදම් වැඩි වීමේ පරතර යම් ප්‍රමාණයකට අඩු කරගැනිමටත් සමත් වී තිබේ.

ගෙදරක ආදායම් සීමා වී ආර්ථික අර්බුදයකට වැ‍ටුණු විට වෙනදා ගත කළ ජීවිතය ගත කරන්නට නොහැකිය. යළි ආදායම් උපයා ගැනීමට හැකි වන තෙක් ගෙදර අනවශ්‍ය වියදම් සීමා කරන්නට වෙන බව අපි කවුරුත් අත්දැකීමෙන් දන්නා දෙයකි. වෙනදා බත් වේලක් කෑමෙන් පසුව අයිස් ක්‍රීම් කෑවා නම් දැන් මේ අයිස් ක්‍රීම් කෑම නවත්තන්නට සිදුවෙයි. බත් පතෙන් වැංජන 4 ක් තිබුණා නම් එය දෙකටවත් අඩුකරන්න සිදුවෙයි.. එවැනි කැප කිරීම් නොකර හෙට දවසෙ බත් පතට මුදල් ඉතුරු කර ගත නොහැක.

සරලවම රට මුහුණ දී තිබෙන්නෙත් එවැනි තත්වයකටය. දැන් තිබෙන ආදයම අනුව වියදම් සීමා කරගෙන යළි ආදායම් උපයා ගත හැකි මාර්ග විවර කර ගැනීමට සිදුව තිබේ.

නමුත් ප්‍රශ්නයව තිබෙන්නේ මෙම කටයුත්ත කළමනාකරණය කරගෙන හොඳම විසඳුමක් සොයා ගැනීමට අවශ්‍ය සාමුහිකත්වය නොමැති වීමය. ආනයන තහනම් කරන විට 'ඔන්න රට ඉවරෝයි' ගාගෙන රජයට එරෙහිව මහජනතාව කුලප්පු කරනවා නම් මේ කටයුත්ත කළ නොහැක. රටේ තියෙන සල්ලි ටිකෙන් මේ අත්‍යාවශ්‍ය නොවන වැයකිරීම් කරපියව් කියා කෑ ගසනවා නම් නම් රටට හෙට දවස්ක ඉතුරු වන්නෙ නැත.

අද මේ ආනයන තහනමට එරෙහිව හඬ නඟන පිරිස පැහැදිලිවම උත්සහ කරන්නේ රට තවදුරටත් අර්බුදයටම යැවීමය. ජනතාව පිඩාවෙන් පිඩාවට පත් කිරීමටය. තෙල් ගෑස් ඖෂධ ආහාර පොහොර ආදිය ගෙන්වීමට තිබෙන මුදල් මෙම ආත්‍යවශ්‍ය නොවන දේ වෙනුවෙන් වැය කිරීම මඟින් වෙන්නේ තව සතියකින් හමාරකින් ජනතාවට යළි පොලිම්වල ගාල් වෙන්න සිදුවෙන එකය.

ජවිපෙ හෝ විපක්ෂයේ කිසිවකුත් ජනතාව පෝලිම් වලට ගාල් වූ විට ඒ ඉන්නෙ තමන්ගේ පක්ෂයට ඡන්ද දී ගොඩ වැඩි කරදීමට යැයි සිතනවා නම් ඒ බරපතල වැරදීමකි. එසේම අතිශය නරුම සිතුවිල්ලකි.

එසේම මෙහි ඇති අනෙක විහිළුව නම් රටට ඩොර් එවන්න එපා යැයි කියමින් විදේශ ගත ශ්‍රමිකයන් ඉදිරියේ වැඳ වැටෙමින් සිටින් ජවිපෙ වැනි සංවිධාන විසින් මෙම අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වා දියව් කියා උද්ඝෝෂණය කිරීමය.
ජනතව ඒ වෙනුවෙන් කුපිත කරවීම මඟින් ඔවුන් කරන්නේ තව දුරටත් රට අර්බුදයට යැවීම බව පැහැදිලිය.

විටෙක මේ රටේ ඉදි කට්ටක්වත් හදන්නෙ නෑ ඔක්කෝම පිටරටින්ම ගෙන්වනවා කියමින් වේදිකා ගානේ කෑ ගසන ජවිපෙ දැන් පිටරටින් බඩු නොගෙනෙනවාට එරෙහිව මතයක් ප්‍රචාරය කරන්නෙ කොහමදැයි තේරෙන්නේ ද නැත. විය යුතුව ආනයන තහනම වාසියට යොදාගෙන තිබුණේ පිටරට භාණ්ඩ මෙරට නිශ්පාදනයට රජයත් ජනතාවත් ඊට පෙළඹවීමය.

මේ දෙබිඩි තක්කඩි දේශපාලනය විසින් හැමදාම සිදු කළේ රටත් ජනතාවත් කබලෙන් ලිපට තල්ලු කිරීමේ කටයුත්තය පමණය. අද මැතිවරණ ඉල්ලමින් දඟලන්නේද ඒ වෙනුවෙන්ම පමණය. අර්බුදය හමුවේ ඊට නිශ්චිත පැහැදිලි විසඳුම් යෝජනා කරනවා වෙනුවට මැතිවරණ ප්‍රතිපළයක අවදානම් විසඳුමක් යෝජනා කිරීම විකාරයකි.

අර්බුදය විසඳාලීමට කිසිදු සහයක් ලබා නොදෙමින්, ඒ වෙනුවෙන් වන සර්ව පාක්ෂික වැඩ පිළිවෙලකට එකඟ නොවෙමින්, ඒ තබා අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් කිසිදු විසඳුම් යෝජනාවලියක් හෝ ඉදිරිපත් නොකරමින් කරන මේ තකක්ඩි දේශපාලනය තවදුරටත් රටේ ජනතාවගේන් සැඟවිය හැකි නොවේ.

ජවිපෙ යනු කුමක්දැයි අද ජනතාවට පැහැදිලිය. සජ‌බය යනු කුමක්දැයි අද ජනතාවට පැහැදිලිය.පොහොට්ටුව යනු කුමක් දැයි අද ජනතාවට පැහැදිලිය. ඩලස්ලා විමල්ලා යනු කවුරුන්ද යන්නත් අද ජනතාවට පැහැදිලිය. ජනතාවගේ ප්‍රශ්න හමුවේ උත්තර නැති දේශපාලනයකින් රටට වැඩක් නැත.

 

-SJ

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us