බංකොලොත් වෙන්න ගිය රට යළි සංවර්ධන මාවතට..විපක්ෂය හබක් !

Tuesday, 28 December 2021 19:14

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය යම් පමණකින් විසඳාගැනීමට රජය සමත්ව තිබේ. ඒ චීනය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව චීනය සමඟ වන විදේශ විනිමය හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් මෙරටට ලබාදීම සිදුවන බැවිනි.

මේ අනුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ යෑම සිදුවේ. එම තත්වයන් නුදුරේම ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 500 විදේශීය ණය වාරිකයක් අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව සහ අත්‍යාවශ්‍ය ආනයනන් මෙරටට ගෙනවීම සම්බන්ධයෙන් තිබූ පීඩාකාරි තත්වයට සහනයක් ලැබී තිබේ. කොහොම නමුත් ශ්‍රී ලංකා විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකි රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් නම් කිරීමේ අවධානමක් පසුගියදා ඇතිවී තිබු නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල් ගේ තියුණු මැදිහත් වීම මත එම තත්වය වලක්වා ගැනීමට දැන් හැකිව තිබේ.

එහෙත් විපක්ෂ කොටස් ඇඟිලි ගැන ගැන සිටියේ ඉදිරි සති කිහිපයේදී රට බංකොළොත් වීමේ කාළකන්ණි සතුට විඳීමටය. සජිත්ලා අනුරලා රනිල්ලා බලා සිටියේ ජනවාරි මාසය වන රට බංකොලොත් වී, ඉන්ධන නැති වී, විදුලි බලය නැතිවී,කන්න බොන්න නැතිවී, රට අවුලෙන් අවුලට පත් වී ජනතාව වීදි බැස ආණ්ඩුව පන්නා දමා විපක්ෂයට බලය ලබා දීමට පෙළ ගැසෙන තෙක්ය. ඒ අතර IMF ණය උගුලේ පටලවා රට තවත් නන්නත්තාර කිරීමට විපක්ෂය මැව් සිහිනයද දැන් අවසන්ය.

විදේශ විනිමය අහිමි වීමේ ගැටළුව නිසා ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය ගෙවීමේ අවදානමක් පසුගිය මාස කිහිපය තුළම ඇති වී තිබුණද පසුගියදා මහ බැංකුව නිකුත් කළ නිවේදනය අනුව මෙම දෙසැම්බර් මස අවසන් වීමට පෙර මෙම චීන ණය පහසුකමත් ඇතුළත්ව ඩොලර් බිලියන දෙකක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විය. ඒ අනුව නුදුරේදී මැද පෙරදිගින් සහ ඉන්දියාවෙන් මෙම ණය පහසුකම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් ලබන වසරේ මුල් භාගයට අවශ්‍ය විදේශ විනිමය සපුරා ගැනීමේ හැකියාවත් ලැබෙනු ඇති බව මහ බැංකු නිවේදනය අනුව පැහැදිලිය.

කෙසේ නමුත් කොවිඩ් තත්වය නිසා අනපේක්ෂිතව ඇතිවූ හදිසි මුල්‍ය අර්බුදය හේතුවෙන් රට බංකොලොත් වීමේ අවදානමෙන් මුදවා ගැනීමට වත්මන් ජනාධිපතිවරයාගේ දුරදක්නා නුවණ නිසා ම පෑදුනු බව සටහන් කළ යුතුය. මන්ද නැවත සිහිපත් කරන්නේ නම් කොවිඩ් පළමු රැල්ල සමයේදී රටේ ආර්ථිකය අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව ජනාධිපතිවරයා පැහැදිලිවම දැන සිටියේය. එම අවස්ථාවේදී එවකට මහ බැංකු අධිපතිවරයා සහ නිළධාරීන් කැඳවා වහාම ගැටළුවට පිළියම් ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිනි.

එහෙත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ නිසි විසැඳුම් වසරක් පමණක් යන තුරුත් ප්‍රමාද විය. ආර්ථික ගැටළු දිනෙන් දින උග්‍ර විය. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ යුගයේ හිටපු මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් පත්කරන ලදී. කබ්රාල් මහතා යනු යුධ සමයේදී ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 10 කට වඩා වැය කිරීමට සිදුව තිබියදී එම මුදල් සොයා දීමටත් යුද්ධයෙන් පසුව ගෙන ගිය දැවැන්ත සංවර්ධන සංග්‍රමයටත් මුදල් සොයාදුන් අති දක්ෂයෙකි. එවකට ඇමරිකාව යුරෝපා සංගමය ඇතුළුව ඔවුන්ට හිතවාදී රටවල් සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරා ගෙන සිටින අමාරු අවස්ථාවක ඔහු මෙරටට අවශ්‍ය මුදල් සොයා දීමට සමත් වූ අයෙකු බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. මේ දක්ෂයාව අවශ්‍ය අවස්ථාවේ අවශ්‍යම තැනට පත්කර නිසි පළ නෙළා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු නොකළේ නම් රට මේ වන විටත් බංකොළොත් වීමට ඉඩ තිබිණි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධුරය ලබා ගැනීමෙන් පසුව පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව විදේශ විනිමය ගැටළුව විසඳාගන්නා ආකාරය හෙළි කළේය. ඔහු කිව්වා සේ මේ වන විට වැඩ පෙන්වා ඇත. මේ වන විට එම වැඩපිළිවෙල ප්‍රකාරව රජය විසින් ද්විපාර්ශ්වික ණය පහසුකම් ලබා ගැනීම, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම මෙන්ම බහුපාර්ශ්වීය සංවිධාන තුළින් ණය ලබාගැනීමේ ක‍්‍රියාවලියක යෙදී සිටී.

එපමණක් නොවේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබුණු මෙරට සංචාරක ක්ෂේත්‍රයට ජීවයක් එක් කරමින් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් මඟින් ලබන වසරේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නැංවිය හැකි බවට මේ වන විට පැහැදිලිව තිබේ.

මේ අතර විදේශ ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන ආදායම් පසුගිය කාලවකවානුවේදී අඩුවූ නමුදු මහබැංකුව හඳුන්වා දී තිබෙන ආකර්ෂණීය ක්‍රමවේදය මත එම විදෙශ ප්‍රේශන වැඩි වෙනු ඇති බව විශ්වාස කළ හැකිව තිබේ.

තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ මෙරට අපනයන ආදායම් ඉහළ යමින් පවතින බවය. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී අඛණ්ඩව පස් වැනි වරටත් ඩොලර් බිලියනයකට වඩා ඉහළ මට්ටමක අපනයන ආදායම පවත්වා ගෙන ඇත.

මේ අනුව මෙම වසර පුරා පැවැති විදේශ විනිමය අර්බුදය නුදුරේම කෙමෙන් සමනය වීම බලාපොරොත්තු විය හැකිව තිබේ.

 

- the novemberist

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us