ලංකා ඉතිහාසයට නව පිටුවක් ! Featured

Tuesday, 23 November 2021 20:16

අපේ රටේ පාලම් ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් කැලණි ගඟ හරහා ඉදිකළ එල්ලෙන පාලම හෙට ජනතා අයිතියට පත් කෙරෙනවා.

මීටර් 180 ක් දිග මෙම පාලම ඉදි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුයේ 2014 අවුරුද්දෙදීයි. ඒ අනුව නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ අතින් සිදුකිරීමට නියමිතව තිබේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බවයි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත. එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මුල්‍ය දායකත්වයෙනි.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටි. මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් විදුලි ආලෝකකරණය කර ඇත.

අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ මෙම නව කැලණි පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ ලෙස නම් කර ඇත. මෙවැනි තාක්ෂණයක් යොදා ගනිමින් ලංකාවේ ඉදි කළ පළමු පාලම මෙය වීම මෙහි විශේෂත්වයයි. රටක් දියුණු වීමේ ප්‍රධාන සාධකය එම රටෙහි සංවර්ධනය මත රදා පවතී. ශ්‍රිලංකාවේ අති විශාලා සංවර්ධනයකට මුල පිරු යුගය ආරම්භ වුයේ 2005 වර්ෂයෙන් පසුව බව අවිවාදිතය. ඒ අනුව ශ්‍රිලංකාවේ අධිවේගී මාර්ග ඉදි කිරීම, ශ්‍රිලංකාවේ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් මත්තල ඉදිකිරිම , නවීන තාක්ෂනය භාවිතා කරමින් නෙලුම් පොකුණ රගහළ මෙන්ම ජාත්‍යන්තරයේම අවදානය දිනා ගනිමින් නෙළුම් කුළුණ ඉදි කිරීම ,හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ඉදි කිරීම ඇතුළු සුවිශාල සංවර්ධනයකට රට ගෙන යනු ලැබුවේ රාජපක්ෂ යුගය තුළ බව අප නැවතත් මතක් කරන්නෙමු. ඒ අනුව අදද කොතරම් අභියෝගිකාරී වාතාවරණයකට රට මුහුණ දී සිටියද ඒ සියල්ල මතින් වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කරා ගෙන යන ගමන ප්‍රශංසනීයය.

-පංචාලි

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us