පොහොට්‍ටුවේ අපේක්ෂකයා කවුද කියල තීරණය කරන්නෙත් රනිල් Featured

Sunday, 04 August 2019 10:21

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ බවට ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් මේ වන විට විශාල ප්‍රචාරයක් දියත් කරමින් තිබේ. එජාපයේ සජිත් ප්‍රේමදාස මුහුණ දී ඇති අර්බුධය හා සමානව ගොඨාභයටද තමන්ගේම පක්ෂයේ කල්ලි කණ්ඩායම් සමඟ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සටන් වැදීමට සිදුව තිබේ.

ගොඨාභය රාජපක්ෂ හමුවේ ඇති ලොකුම අභියෝගය අමරිකානු පුරවැසිභාවය් පිළිබඳ ගැටලුව නියාමාකාරයෙන් විසඳා ගැනිමට නොහැකිවීමයි. පුරවැසිභාවය ඉවත් කරන මෙන් සිදු කරනු ලැබූ ඉල්ලීම මිසක් තවමත් එය අමරිකාව විසින් අනුමත කර නැත. ඒ අතර ඔහු සිය අමරිකානු ගුවන් ගමන් බලපත්‍රයද අහෝසි කරවාගෙන තිබේ. එය මාධ්‍යට පෙන්වූයේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ සහතිකයක් ලෙසය. එහෙත් ඒවා ලෝකෙ හිනස්සන වැඩය. ඒ අතර තමන් දිවිත්ව පුරවැසියකු බව සඳහන් නොවන ශ්‍රීලංකා ගුවන් ගමන් බලපත්‍රයක්ද ඔහු ලබා ගැනීමට සමත් වී තිබේ. ඊට ඇමැතිවරයකු උදව් කර ඇතැයි පැවැසේ. කොටින්ම ඔහු අගමැතිවරයාගේ පාලනයට යටත්ව කටයුතු කර තිබේ.

 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පවතින නීතිමය බාධක ජය ගැනිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ සහය ඔහුට අත්‍යාවශ්‍ය සාධකයක්ව තිබේ. විශේෂයෙන්ම අගමැතිවරයාගේ කැමැත්තකින් තොරව තමාට ජනාධිපතිවරණ අපේක්ෂක ධුරය ලබා ගැනීමේ හැකියාවක් ද නොමැති බව ගොඨාබය පමණක් නොව මහින්ද රාජපක්ෂද හොඳින්ම දන්නා කරුණකි.

රාජපක්ෂලාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිය නවා දෙපරැන්දේ ගසා ගැනීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විටින් විට කටයුතු කළේ රාජපක්ෂලා සමඟ ගනුදෙනු ගොඩින් බේරාගැනීමටය. රාජපක්ෂලාගේ අසරණකම හමුවේ ඔවුන්ට ඊට එකඟ වෙනවා හැර වෙන කළ හැකි දෙයක් තිබුණේ නැත. ඉදිරි ජනාධිපතිවරණය පමණක් නොව මහ මැතිවරණයේදී ද රාජපක්ෂලාට තමන්ගේ න්‍යායපත්‍රය අනුව කටයු‍තු කිරීමේ ඉඩ කඩක් ඇත්තේ නැත. සිරිසේනගේ බලය අවම වන තත්වයකදී එය අගමැතිවරයාගේ පාලනය යටතේ සිදුවෙයි. ශ්‍රීලනිපය දෙකඩ කෙරුණේ අගමැතිවරයාගේ මෙහෙයුමක් අනුවය. පොදු ජන පෙරමුණද අගමැතිවරයාගේ සංකල්පයකි. ඒ ආකාරයෙන්ම ඉදිරි පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයාද අගමැතිවරයාගේ කැමැත්ත ප්‍රකාරව ‍තෝරා ගැනීම සිදුවෙනු ඇත.

එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල් නම් ගෝඨාභය පොහොට්‍ටු අපේක්ෂකයා වීමේ සම්භාවිතාව වැඩිය. ඒ ගෝඨා කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට අභියෝගයක් නොවන නිසාය. රනිල් ඉදිරිපත් නොවන විටක පොහොට්‍ටු අපේක්ෂකයා ගෝඨාභය වන්නෙ නම් එය වෙනම කල්පනා කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ මේ වන විට මුහුණ දී තිබෙන අර්බුධය එජාප ජනාධිපති අපේක්ෂයා කවුද යන්න තීරණය කිරීම සඳහා තමන්ට තිබු බලයට දැන් අභියෝගයක් එල්ල වී පැවැතීමය. එහෙත් ඔහුගේ දේශපාලන පරිචය අනුව ඒ ඔහු ඔහුට වාසිදායක ලෙස විසඳා ගනු ඇතැයි කල්පනා කළ හැකිය.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us