සජිත්ට අභියෝග කළ හැකි, කොන්දක් තියෙන වෙන එකෙකු එජාපයේ නැද්ද? Featured

Saturday, 03 August 2019 15:45

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මේ වන විටත් එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා තමන් බව ප්‍රකාශටපත් කර අවසන්ය. එ් වෙනුවෙන් පසුගිය ටිකේ වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. ඒ අතරේදි එජාපයෙම පිරිසක් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීම වැලැක්වීම වෙනුවෙන් වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. සජිත්ගේ නුසුදුසුකම් ගැන කියවමින් එම පිරිස් තවමත් කාලය වැයකරමින් තිබේ.

එජාප නායකය රනිල් වික්‍රමසිංහ. රවී කරුනානායක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක ආදීන් එහිදී කැපී පෙනුනි. සජිත්ගේ අපේක්ෂකත්වයට අකුල් හෙලන ඊට බාධාකරන ප්‍රකාශයන් හා ක්‍රියාකාරකම්ද විටින් විට දකින්නට ලැබිණි. විශේෂයෙන්ම රවී කරුණානායක සෘජුව සජිත්ට එරෙහිව කටයුතු කරමින් තිබේ. ඔහු විසින් මිලදී ගෙන තිබෙන සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයන් විශාල ප්‍රමාණයක් හරහා සජිත්ට එරෙහිව මඩ ගැසීමේ කටයුතුද සිදු වෙමින් තිබෙන හැටි මේ දිනවල දැකගත හැකිය. ඒ අතරෙහි චම්පිකගේ රාජිතගේ ෆොන්සෙකාගේ සහ රනිල්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම්ද යම් තරමකින් සජිත්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටී.

මේ තත්වයන් හමුවේ එජාපය තුල ජනාධිපති අපේක්ෂකයා කවරෙක්ද යන්න ගැන එකඟතාවයකට ඒම පැටලිලිසහගත තත්වයකට පත්ව තිබේ. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා තමන් බව කියමින් එජාපය තුලත් සමාජය තුලත් පෙනී සිටිමින් කරන කියන දේවල් අකුලා ගෙනද නැත. පසුගිය දා එජාපය තවත් පක්ෂ සමඟ සන්ධානගත වීම ගැන පැවැත්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරන සටන තව දුරටත් වේගවත් කර තිබේ. නමුත් එය දැන් එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනා ගැනීමේ සටනක් බවටද පත්ව තිබේ. සජිත් දැන් සටන් කරන්නේ සිය පක්ෂයේ ඔහුට එරෙහි නොපෙනෙන බලවේග සමඟය.

සජිත් ප්‍රේමදාස පක්ෂය තුල අපේක්ෂකත්වය දිනා ගැනීමේ සටනක් දියත් කළත් එජාපය තුල ඔහුට තරගයක් දිය හැකි ප්‍රතිවාදියක් නොමැත. වෙනත් කිසිවකුත් තමන් ජනාධිපති අපේක්ෂකධුරය බලාපොරොත්තු වන බව කියමින් ඒ වෙනුවෙන් තරගයක් දෙන බව පෙනෙන්ට නැත. තැන් තැන්වල ඒ බව හැඟවෙන පුංචි පුංචි කතන්දර එළියට දමනවා විනා සෘජුව කිසිවකුත් ඉදිරිපත්ව නැත. බරපතල ලෙස සජිත් විරෝධයක් පෙන්නුම් කරන රවී කරුණනායක කිසි විටෙක තමන් ජනාධිපතිවරණ අපේක්ෂක සටනට එන බව කියා නැත. ඔහුට එහෙම හයියක් නොමැති බව ඔහුම පිළිගෙන ඇති බව ඉන් පෙනීයයි. එනම් සජිත්ට තියෙන සුදුසුකම් ඔහුට නොමැති බවය.

එහෙත් නායක රනිල් , රාජිත් චම්පික, ෆොන්සේකා ආදීන් තුල අපේක්ෂකත්වයේ ආසාව තිබෙන බව පැහැදිලි නමුත් ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණ සටන් කරන්නෙ නැත. ඒ සජිත්ට අභියෝග කිරීමට තරම් ශක්තියක් නොමැති නිසා විය හැකිය. තමන්ට තමන්ගේ බලය, හැකියාව, පෞර්ෂය ගැන විශ්වාසයක් තිබෙනවා නම් තමන්ගේ දේශපාලන අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබිය යුතුය. එහෙත් මේ දක්වා එහෙම සිදුව නොමැත.

කුමන්ත්‍රණකාරී මෙහෙයුම් හරහා ,නැතිනම් තවත් කෙනෙකු විසින් උදාකර දෙන අවස්ථාවකින් දේවල් ලබා ගැනීම සෘජු නායකත්ව ලක්ෂණයක් නොවේ. එය තක්කඩිකමකි. දේශපාලනයේදී අරමුණ අත් නොහැර සටන් කිරීමට ඇති හැකියාව සෘජු එඩිතර නායකයෙකුට තිබිය යුතු ගති ලක්ෂණයකි. කුමන්ත්‍රණකරුවන් කියන්නේ එහෙම නායකයන්ට නොවේ.

සජිත් ප්‍රේමදාස චරිතය එජාප පාක්ෂිකයාට වැදගත් වන්නෙ මේ නිසාය. ඔහු ආර් ප්‍රේමදාසගේ පුතා නිසා ඔහුට එජාපයෙන් ලැබුණු දෙයක් නැත. ඔහු සටන්කර දිනා ගත් දෙයක් හැර උරුමයෙන් ලැබුණු දෙයක් නැත. සිය පියාගේ මැද කොළඹ ආසනයද අත් හැර රාජපක්ෂ බලකො‍ටුව වූ හම්බන්තොටට ගිහින් දේශපාලනය අරඹා තමන්ගේ තිබෙන දේශපාලන නායකත්ව පෞර්ෂය පෙන්වා අද එජාප පාක්ෂිකයාගේ විශ්වාසය දිනා ගැනීමට සජිත් ට හැකිව තිබේ. ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත්වන් බව නොබියව කියමින් සටනට අවතීර්ණ වන්නේ ඒ සාමාජිකත්වය කෙරෙහි ඇති විශ්වාසය නිසාය.
ඒ හැකියව රනිල්ට,රවීට චම්පිකට රජිතට හෝ ෆොන්සේකාට නැත. රනිල් හැරුණු කොට අනෙක් අය කිසිදා නිශ්චිත දේශපාලන ප්‍රතිපත්තියක පිහිටා හිටපු අයද නොවේ. එජාපයට සම්බන්ධ වන්නේ නන්නන්තාර ගමනක අවසානයේදීය. එජාපය ඔවුන්ට පවතින්න හැකි ‍තෝතැන්නක් බවට පත් වීම නිසා ඔවුන් එතැන රැඳී සිටියි. මේ කිසිවකුට විශ්වාසදායක ජනපදනමක් නැත.

මේ තත්වයන් හමුවේ එජාපයේ රනිල් ප්‍රමුඛ මේ කල්ලිය එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා නොදී කුමන්ත්‍රණකාරී ලෙස එය තමන් අතරේ කෙනෙකු පත් කර ගැනිමට ගන්න තීරණය එජාප පාක්ෂිකයා කෙසේ බාර ගනුදැයි මේ අය කල්පනා කළ යුතුය. 2010 දී සහ 2015 දී එජාප නොවන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත් වූවද මෙවර එම උපක්‍රමය ක්‍රියාත්මක කළ නොහැක. මන්ද සජිත් සියලු දෙනාට වඩා ඉදිරියෙන් දැන් සිටගෙන සිටින බැවිනි. සජිත්ට සෘජුව අභියෝග කළ හැකි වෙනත් නායකයකු එජාපය තුලින් තව දුරටත් ඉදිරිපත් නොවේ නම් සජිත් මිස එජාපයට වෙන තීරණයක් නැත. සජිත් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නුසුදුසුකම් චෝදනා කිසිවක් එවිට අදාල වන්නෙ නැත.

sajith unp2

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us