චීනයෙන් බාල ඇපල්

Published in අනං මනං
Tuesday, 28 July 2015 12:34

ව්‍යාජ ඇපල් ජංගම  දුරකථන 41000ක් පමණ නිෂ්පාදනය කළ සමාගමක් චීන බලධාරීන් විසින් වටලා තිබේ. මෙම සමාගම තුල සිය ගණනක් සේවකයන් ව්‍යාජ කොටස් යෙදූ ජංගම දුරකථන අපනයනය සඳහා පිළියෙළ කරමින් සිට ඇත.

එම සමාගමේ තිබී  ඇමරිකන් ඩොලර් මිලියන 19 ක් පමණ වටිනාකමකින් යුතු ව්‍යාජ ජංගම දුරකතන ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙම කර්මාන්ත ශාලාව පිළිබඳ අනාවරණය කරගෙන තිබෙන්නේ පසුගිය මැයි මාසයේදී වුවත් එය එය මාධ්‍ය වෙත දැනුම් දෙනු  ලැබුවේ පසුගිය ඉරිදායි. චීන බලධාරීන් පවසන පරිදි ව්‍යාජ දුරකථන පිළිබඳ ඇමරිකානු බලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව මෙම මෙහෙයුම සිදු කර තිබේ.

මීට වසර 4ට පෙරත් චීනයේ කුන්මින්ග් නගරයෙන් ව්‍යාජ ඇපල් දුරකථන නිෂ්පාදන කම්හලක් වටලනු ලැබීය.

චීන මාධ්‍ය වාර්තා  කරන පරිදි මෙම ව්‍යාජ කම්හලේ වැඩකළ සේවකයන් විශ්වාස කර ඇත්තේ තමන් ඇමරිකානු ඇපල් සමාගමට සේවය කරන බවයි.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us