ජර්මන් චාන්සලර්වරියගේ රුව ඇතුලත් සමරිසි දැන්වීම (video)

Published in අනං මනං
Saturday, 25 July 2015 17:11

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ රුවට සමාන රුවක් යොදාගනිමින් එරට සමරිසි වීඩියෝවක් නිර්මාණය වී තිබෙනවා.

පසුගියදා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වූ මෙම කුඩා වීඩියෝව  හරහා ජර්මන් චාන්සලර්වරිය සමරිසි සම්බන්ධතවයක් පවත්වන බවට ඇඟවීමට උත්සහ ගෙන ඇත.

මෙම වීඩියෝව නිර්මාණය කිරීමට හේතුව වී ඇත්තේ ඇන්ජලා මෑතකදී විවාහයක් සිදුවිය යුත්තේ ගැහැනියක් සහ පිරිමියෙක් අතර පමණක් බව තමන් විශ්වාස කරන බවට කරන ලද ප්‍රකාශයට විරෝධය දැක්වීම සඳහායි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජර්මනියේ සමාජ ක්‍රියාකාරීන් රැසකගේ විරෝධය එල්ල වී තිබුණි.

ජර්මනිය සමරිසි ජනතාවගේ විවාහ වීමට ඇති  අයිතිය 2001 වසරේ සිට පිළිගෙන තිබුණත් එම නීතිය බොහෝ අඩුපාඩු සහිත බවට චෝදනා එල්ල වේ. එසේම මේ වසරේ අයර්ලන්තය ජනමත විචාරණයක් හරහා සමරිසියන්ට විවාහ වීමට ඇති අයිතිය නීත්‍යනුකූලව පිළිගැනීමත් සමඟ ජර්මන් රජයටද පවතින නීතිය වැඩි දියුණු කරන ලෙස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් විය.

නමුත් ඇන්ජලා රජයේ නියෝජිතයෙක් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ සමරිසි විවාහ නීතිගත කිරීම  එම රජයේ ඉලක්කයක් නොවන බවයි.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us