නාසා කැලැන්ඩරයට ගිය ලාංකීය පුතු දහම්

Published in අනං මනං
Wednesday, 27 December 2023 15:09

වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.

චිත්‍ර ඇදීමට උපන් හපන් දහම් ලෝෂිත විවිධ වූ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, පසුව නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරගාවලියට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ”Living & Working in the Space – අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම” යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම චිත්‍රයට ලොව පළමු තැන හිමි වී ඇති බව වාර්තා වේ.

වැඩිදුරටත් සඳහන් වන්නේ , දහම්ගේ මෙම චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කර ඇති බවයි.

PIC

 -P.M

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us