ශ්‍රී ලාංකීය ලේඛක ලේඛිකා නාමාවලිය එළි දකී

Published in කලා
Tuesday, 03 March 2015 12:59

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ශ්‍රී ලාංකීය ලේඛක ලේඛිකා නාමාවලියක් ප්‍රකාශයට පත්කොට ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම ලේඛනයේ යෙදෙන ලේඛක ලේඛිකාවන් දෙදහසක ගේ පමණ තොරතුරු මෙම නාමාවලියට ඇතුළත්ව ඇති අතර අදාළ ලේඛක ලේඛිකාවන්ගේ ලිපින, දුරකතන අංක සහ විද්‍යුත් ලිපින ද මෙහි අන්තර්ගත ය. 

2014 වසරේ දී ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලය මගින් පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය පිළිබඳ සමීක්ෂණයක් කරන ලදී. එම සමීක්ෂණ වාර්තාව ද ඉංග්‍රිසි බසින් කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.(Readership Survey of School Children in Sri Lanka)

දිවයිනේ සෑම ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දහසක් පමණ මෙම සමීක්ෂණයට සහභාගී වී ඇති අතර ඒ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැමති කෘති සහ ලේඛක ලේඛිකාවන් සහ ඔවුන් අවසන් වශයෙන් කියවා ඇති කෘති සම්බන්ධ තොරතුරු මෙම වාර්තාවේ අන්තර්ගත ය.

මෙම කෘතියේ මිල රුපියල් 400.00 කි. ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ පොත් අලෙවි මධ්‍යස්ථානයෙන් මෙම කෘතිය ද මිලදී ගත හැකි ය.

 

Cover

 

book

Last modified on Tuesday, 03 March 2015 13:27

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us