‘අද වගේ දවසක තාගෝර්’- සාහිත මධු සාදය

Published in කලා
Wednesday, 11 February 2015 13:52

CCL කණ්ඩායම සංවිධානය කරන සාහිත මධු සාදය - මහජන සම්භාෂණයෙන් පෙබරවාරි 14 අදාරවන්තයින්ගේ දිනයේදී ‘ජාතිකවාදී මෛත්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය, පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සාකච්ඡා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර්ඡීවන ව්‍යාපාරය පිළිබඳවයි.

තාගෝර්ගේ ගෝරා ඇතුළු චාරුලතා, තැපැල් මහත්තයා, කබුලිවාලා මෙන්ම එරික් ඉලයප්ආරච්චිගේ ‘තාගෝර්-ආදරවන්තයාගේ කතිකාව’ නමැති වියමන ද මෙහිදී කියවීමට ලක් කරන අතර සුනිල් විජේසිරිවර්ධන, ධර්මසිරි පතිරාජ, අශෝක හඳගම, සීතා රංජනී, එස්.ජී. පුංචිහේවා, අනෝමා රාජකරුණා, හිනිඳුම සිනිල් සෙනෙවි සහ විදර්ශන කන්නන්ගර ඇතුළු සංවාද මණ්ඩපය විසින් එදින සවස 4.30 ට තාගෝර්ගේ සංස්කෘතික ප්‍රතිසංස්කරණ හා බෙංගාල පුනරුදය ගැන අදහස් පල කිරීමට නියමිත ය.

නදීකා බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන මෙම සංවාද මණ්ඩපය තාගෝර්ගේ ගීතාංජලී කාව්‍යයේ එන ගී කවි කිහිපයක් ගායනා කරමින් රසාලිප්ත කරනුයේ චන්ද්‍රසෝම බිංදුහේවා විසිනි.

එදින පස්වරු 1ට තාගෝර්ගේ සාහිත්‍ය කෘතියක් පදනම් කොටගෙන සත්‍යජිත් රායි විසින් නිර්මාණය කළ ‘ඝරේ බායිරේ’ (Home and the world) සිනමා කෘතිය ප්‍රදර්ශනය කරමින් ඇරඹෙයි. මධු සැදෑවක් ලෙසින් පැවැත්වෙන මෙම කතිකාමය මොහොතට සහභාගී වන ඔබ රුපියල් 250.00 ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන පැමිණෙන ලෙස සංස්කෘතික විමුක්ති ගිවිසුම (CCL කණ්ඩායම) ආරාධනා කර සිටී.

විමසීම් - 0712667592 / 0715971183

tagor1

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us