නුවන්ට ආචාර්ය උපාධියක්

Published in කලා
Thursday, 29 January 2015 14:31

කලා විචාරක මාධ්‍යවේදියෙකු වන නුවන් නයනජිත් මහතා පසුගියදා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිනමාව පිළිබඳ දර්ශන ශූරි උපාධියකට හිමිකම් කියනු ලැබුවා.

ඔහු ලාංකේය සිනමාව පිළිබඳ ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයට  එම උපාධිය පිරිනමා තිබේ. මේ අනුව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී දර්ශන ශූරි උපාධිය ලැබූ පළමුවැන්නා ලෙස ඒ මහතා ඉතිහාස ගත වේ.

මාධ්‍යවේදියෙකුද වන නුවන් නයනජිත් මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද ක්‍රියා කරයි.

මීට අමතරව අධ්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවනතාව, ශ්‍රී ලාංකීය සිනමා වංශය, ලෙස්ටර් චිරචිත ලේඛන සංහිතා, සොඳුරු අදියුරු සකසුවාණෝ නම් ග්‍රන්ථ රැසක් රචනා කළ ඒ මහතා සිනමා සාහිත්‍ය වෙනුවෙන් ඉටු කළ මෙහෙය වෙනුවෙන් සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා තිබේ.

නුවන් නයනජිත් ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාරගේ සහ ගායන ශිල්පී දමයන්ති ජයසූරියගේ එකම පුතණුවන් වේ.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us