‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ (09) මහවැලි කේන්ද්‍රයට එන්න

Published in කලා
Tuesday, 09 September 2014 12:24

කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාව දොරටවැඩීම අද( 09) වන දා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේ (නො 96, නෙලුම් පොකුණ මාවත, කොළඹ 07)  දී පැවැත්වෙයි.

 සිනමාත්මක දෘෂ්ටිකෝණයකින් දිග හැරෙන මෙම නවකතාව විසින් වර්තමාන ලාංකීය නාගරික ජීවිතයේ ප්‍රේමයේ හා ලිංගිකත්වයේ ඇති සංකීර්ණතාවයන් නව ආකාරයකට නැරඹිය හැකි කවුළුවක් විවෘත කරන්නට ඉඩ ඇත.

 

එසේම සමකාලීන සමාජය තුල විවිධ චරිත අහඹු ලෙස එකිනෙකා අභිමුඛ වන ආකාරයත්, හමුවන හා වෙන්වන ආකාරයත්, හඳුනාගැනෙන හා මගහැරෙන ආකාරයත් පෙන්වන මෙය පොදුජන ජීවිතය මර්දනකාරී වන විට පුද්ගලික ජීවිතයේ ඇති වන සංකීර්ණතා වටහා ගන්නට උත්සාහ කරයි.

 

මෙහි දී ‘කියවීම යන්නෙහි  සමකාලීන අදහස පිලිබව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් දේශනයක් පවත්වන අතර සමන් වික්‍රමාරච්චි හා උපුල් ශාන්ත සන්නස්ගල විසින් මේ රහස් කවුළුවෙන්  එබෙන්න නවකතාව පිලිබ ඔවුන්ගේ කියවීම් ඉදිරිපත් කරනු ඇත.

 

සංවාදය මෙහෙයවන්නේ ක්‍රිෂාන්ත ෆෙඩ්රික්.  

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us