මේ, අම්මා සොයා යා යුතු - ඇය නැවත කියවිය යුතු කාලයයි

Published in කලා
Tuesday, 19 August 2014 09:26

මේ අම්මා සොයා ය යුතු කාලයයි. අගේ උණුහුම අතැර අපි පැමිණියේ කොහේටද?

අපි, අභ්‍යවකාශය කියා පොළව කැන්නෙමු. අපි රෝස කියා පතොක් සිම්බෙමු. අපි නිම්නයක සැරිසරමුව කියා කළල් දියේ කරවටක් ගිලුනෙමු. අපි ලා තණ නිල්ලය කියා අන්දර ගාලේ වැතිරී උන්නෙමු. අපි රස මසවුළුය කියා පොල්කටු මේස මත නමා රස කරමින් පස් කෑවෙමු.

අපි අනෙකා සැක කර ඉනිදු නොනැවත චප්ප වන තෙක් යුද වැදුණෙමු. අපි මිනිසුනට වඩා ගවයන්ට ආදරය කරන තත්ත්වයට පත්ව ඇත්තෙමු. අනේ! 'අම්මා' අප ළඟ - අප තුල සිටියා නම් අපට මෙහෙම වන්නේ නැත.

එහෙයින්, මේ අම්මා සොයා යා යුතු - ඇය නැවත කියවිය යුතු කාලයයි.

උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින් 'ලංකා' පුවත් පතට කොටස් වශයෙන් ලියු 'අම්මා' නවකතාව පොතක් ලෙස දොරට වැඩීම අගෝස්තු 24 දින සවස 4ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

නන්දා මාලනියගේ ගෟරවනීය සම්ප්‍රාප්තියෙන්ද කැළුම් ශ්‍රීමාල්, ලාල් සරත් කුමාර, මොහාන් රාජ් මඩවල, සහ වජිර ජයවර්ධනගේ පුරකත්වයෙන්ද, සමන් වික්‍රමාරච්චි, කේ. ඩී. ලාල් කාන්ත සහ දිලීප අබේසේකරගේ දේශකත්වයෙන්ද ආදරණිය පාඨක සහෘදයන්ගේ සහභාගිත්වයෙන්ද එම උත්සවය පෙළ ගැසෙනු ඇත.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us