දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

Published in Gossip
Wednesday, 03 August 2016 18:50

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන්දරාමට එරෙහිව තිබෙන අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක් පැවැත්වෙන බැවින් ඇයට එම ලංකා පුවත් ආයතනයට පැමිණීම ජනමාධ්‍ය ලේකම්වරයා විසින් තහනම් කොට තිබුණද ඇය ඒ කිසිත් වගක් නොමැතිව එම ආයතනට පැමිණ සෙසු සේවකයන්ට චණ්ඩිකම් පෙන්වමින් සිටින බව සැලවේ.

පසුගියදා ඇය මෙම ආයතනය පැමිණ ඇයට අසභ්‍ය වදන් සහිත එස් එම් එස් පණිවිඩ එව්වා කියමින් මෙහි මාධ්‍යවේදියකුට අසභ්‍ය වදනින්ම බැණ වැදී ඇති අතර පසුව ඔහුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. එහිදී තමාට බලහත්කාර කම් කිරීමට උත්සහ ගත්තා යැයි බොරු චෝදනාවක් ද ගොනු කර තිබේ. පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගත්තද පසුව චෝදනාව බොරු බව හෙළිවීම නිසා ඔහුව නිදහස් කොට ඇත.

දුල්මා මේ සඳහා පොලිස් නිළධාරියකුගේ සහය ලබා ගෙන ඇත. ඒ වත්සලා නමින් මේ ආයතනයේම සේවය කරන තවත් කාගෙත් සුන්දරියක් වන් තැනැත්තියක ගේ ඥාති පොලිස් නිලධාරියකු මඟිනි.

ඒ කෙසේ නමුත් දුල්මාට එරෙහිව විමර්ශන කට යුත්තක් ජනමාධ්‍ය ලේකම්වරයාගේ නියොගයෙන් සිදු වෙමින් පැවැතියද ඒ බාර දී තිබෙන අනෙක් නිලධාරීන් දුල්මා ආරක්ෂා කර ගැනීම සඳහා එම ආයතනයේ සේවක සෙවිකාවන්ට බලපෑම් කරමින් කටයුතු කරන බවද දැන ගැනීමට තිබේ. ඒ දුල්මාගේ අඟර දඟර වලට වහ වැටී සිටින දෙශපාලන බලවතකුගේ වුවමනාව අනුව බවත් දැන ගනීමට ඇත. මේ දේශපාලන බලය නිසා දුල්මා පසුගිය දින කිහිපයකදීම ආයතනය පැමිණ ඇතැම් ලියකියවිලි රැගෙන ගොස් ඇති අතර තවත් ඒවා වෙනස් කිරීම සිදු කර තිබෙන බවත් අප මීට පෙරද වාර්තා කලෙමු.

මේ අතර දුල්මාගේ එහෙයියකු වන උපෙන්ද්‍ර නැමැති විවාහ මංගල ඡායාරූප ශිල්පියාව මාධ්‍යවේදියකු කොට මේ ආයතනයේ ‍රැකියාව ලබා දුන්නාට අමතර AE - 4936 දරන මොටර් රථයද ඔහුගේ භාවිතය සඳහා ලබා දී ඇත. ඔහුගේ මංගල ඡායාරූප කරණය සඳහා යාම් ඊම් වලට ද මෙම රථය යොදා ගන්නවාට අමතරව යටියන්තොට වෙසෙන වත්සලා නැමැති කාගෙත් සුන්දරියව දිනපතා රැගෙන ඒම හා ‍රැගෙන යාමද මොහු විසින් සිදු කරයි. එසේම මෙම රජයේ වාහනය තලවතුගොඩ පිහිටි ඔහුගේ නවාතැන් පොලෙහි නිතිපතා රදවා ගැනීම මොහු සිදුකරන්නේ දුල්මාගේ අවසරය පරිදිය.

කොහොම නමුත් හොරාගේ අම්මාගෙන් පේන අසන්නාක් වැනි මේ දුල්මාට එරෙහිව වන විමර්ශන කටයුතුවලින් අවසානයේ මෙහි සේවක සෙවිකාවන් කිහිප දෙනුකුට ගෙදර යෑමට සිදු වීම හැර මේ දුල්මාට අවැඩක් සිදු වීමේ ඉඩක් නැති බව දැන් පැහැදිලිය. දුල්මා ඒ තරමට හැඩ වැඩ පෙන්වා තිබේ. අපිට නම් දැන් පෙනෙන්නේ ජනමාධ්‍ය ඇමැති ගයන්තත් දුල්මා ඉදිරියේ කර කියා ගැනීමට දෙයක් නොමැතිව බඩ කොර කරගෙන තිබෙන හැටියකි. ඔහු යන්තම් සරම කඩා නොගත්තොත් ඒ ඇතිය.

ගයන්ත කරුණාතිලකලා කරුණාරත්න පරණවිතානලා නන්ද මුරුතෙට්‍ටුවේගමලා කතා කළ යහපාලනේ හැටි ඔයාකාරය. මේ රට බයිලකාරයන් මේ රට වළකටම ඇදගෙන යනවා මිස ඉන් මෙහා දෙයක් කරන්නෙ නැති බවත් දැන් ඉතා පැහැදිලිය.

සැබැඳි පුවත්

ලංකා පුවත් දුල්මා, ගයන්තවත් නටවනවාද? 

දුල්මාට ගහන කොට පරණවිතානට ද ඇඬෙන්නේ? 

දුල්මා ගයන්තවත් අන්දලා

ගුවන් විදුලි සභාපති, ඇයට මෙච්චර සලකන්නේ ඇයි ?

'ලංකා පුවත් ආයතනය' නන්දෙටත් ගොඩගන්න බැරි හැඩයි. රාජපක්ෂ පිල්ලි බලවත් වෙයි 

දුල්මාගේ 'ලංකා පුවත්' , ඒ මහින්දට හා අර මහින්දට ඕනෑ හැටියටයි

Last modified on Monday, 15 August 2016 13:40

Leave a comment

ld add copy

Connet With Us