විප්ලවීය වෙළෙඳ සංවර්ධනයකට මඟ රිෂාඩ් කියයි

Published in පුවත්
Thursday, 18 October 2018 15:09

දකුණු ආසියානු කලාපයේ විද්‍යුත් වාණිජ්‍ය ලාබාල අවධියක පැවතිය ද එය ලෝකයේ වේගයෙන්ම දියුණු වන කලාපයක් වන නිසාම දකුණු ආසියානු කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ප්‍රයෝජනයට ගෙන එම කලාපයේ සුවිශාල ආර්ථික සංවර්ධනයක් ගොඩනැගීමට හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා ගල්කිස්ස හෝටලයේ පැවති (SAARC-CCI) දකුණු ආසියා කලාපයේ කර්මාන්ත හා වාණිජ මණ්ඩල විද්‍යුත් වාණිජ්‍ය පදනම් කරගත් කලාපීය වැඩමුළුවට සහභාගී වෙමිනි.

මෙම කලාපීය වැඩමුළුව, දකුණු ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස් (Ronald Meinardus) මහතා ප්‍රමුඛව රටවල් 20 ක පමණ නියෝජිතයින් සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"කලාපයේ වෙළෙඳාම හා වෙළෙඳ ගණුදෙනු ඉහළ නැංවීම සඳහා සාක් කලාපයේ රටවල් ඉහළ තාක්‍ෂණය භාවිතා කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. මේ මගින් වේගයෙන් සංවර්ධනය වන කලාපයේ ලෙස වෙළඳාමේ ඉහළ විභවයක් පවතිනවා. මේ නිසාම දකුණු ආසියාතික ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳාමට හා ආයෝජනයට ඉතා හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. එම නිසා රාජ්‍යයන් විද්‍යුත් වාණිජයට මුල පිරීම සඳහා නීතිමය, මුල්‍යමය, ප්‍රවර්ධන හා ටෙලි සන්නිවේදන යටිතල පහසුකම් කඩිනමින් ලබා දිය යුතු වෙනවා. මෙම අභියෝග ජය ගනිමින් විද්‍යුත් වාණිජ්‍ය හා දකුණු ආසියාවේ රටවල් සඳහා ඉහළ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා ලබා දිය යුතුයි. එබැවින් මගේ අමාත්‍යාංශය SAARC-CCI නිලධෘරීන් සමග දිගින් දිගටම සබඳතා පවත්වාගනිමින්, සාකච්ඡා කරමින් මෙම ප්‍රතිලාභයන් ලබා ගැනීමට කටයුතු කරනවා. මේ මගින් අපගේ වෙළඳ හා ආර්ථික සංවර්ධනය අත්පත් කරගත හැකි සෑම වාසිදායක තත්ත්වයක්ම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව 2016 දී ශ්‍රී ලංකා විද්‍ය්‍රත් වාණිජ්‍ය අංශයේ මුළු වෙළෙඳාම ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් වුණා. අපි එය 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 4 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කරලා තියෙනවා." යැයි පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us