'දිවයින' මුල් පුවත විදේශ ඔත්තු සේවාවක වැඩක්

Published in පුවත්
Sunday, 10 July 2016 14:03

යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක කටයුතු තවත් මාස නවයකින් ආරම්භ කෙරෙන බව සඳහන් අද (10) දිවයින පුවත්පතේ මුල් පුවත මෙරට ජාතික සංහිදියාවක් ඇතිවීම වැළක්වීම අරමුණු කර ගනිමින් ඊශ්‍රාලයීය සම්බන්ධතා ඇති (සියෝන්) පෞද්ගලික බුද්ධි අංශයක උපදෙස් මත සකස්කර පලකරනු ලැබුවක් බව විශ්වාස වන්ත ආරංචි මාර්ග වාර්තා කරයි.

මීට පෙරද 'රටෙන් පිට ඊළම ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිගනී' වැනි පුවතේ පටන් දිවයින පුවත්පත මේ ආකාරයට ජාතික සංහිඳියාවට හානි පමුණවන ආකාරයේ ප්‍රවෘත්ති පලකළ අතර ඒ සඳහා ද ඉහත කී පෞද්ගලික බුද්ධි අංශයේ උපදෙස් ලබාගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සැබවින්ම රටෙන් පිට දමිල ඊළම පිළිගැනීම පිලිබඳ පුවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිල වශයෙන් සිදුකළ එකක් ලෙස මේ අය වාර්තා කළත් එය මුළුමනින්ම අසත්‍යයක් විය. මෙම (ජුලි 10) පුවතද එසේමය. ජාත්‍යන්තර යුධ අධිකරණය හෝ විදුලි පුටුවට අදාළ වන ජාත්‍යන්තර සම්මුතියට අප රට අත්සන් තබා නැත. එනිසා කිසිසේත්ම එය මෙරට මානව හිමිකම් ගැටළුව සමඟ සම්බන්ධ කාරණයක් නොවේය. ඒ වෙනුවට මෙරට සිදුවූ යුධ අපරාධ වලට අදාළව වින්දිත පාර්ශ්ව වෙත යුක්තිය සැපයීම වෙනුවෙන් ජාත්‍යන්තරය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මේ වන විට ලිඛිතව පලවී හමාරය. ඒ පසුබිමේ මහින්දගේ සිහින කැබිනෙට්ටුවද එළි දැක්වුණු නිසා 2017 වසරේ ඔය කියන යුධ අධිකරණ නාඩගම වාර්තාව සිහින කැබිනට් නාඩගමේ එන සිහින යුධ අධිකරණයකට වැඩි දෙයක් නොවේය.

අප මෙසේ අවධාරණයෙන් කියන්නේ ජනාධිපති පත්තරේ දැක පේරාදෙණියේ කියූ කතාව නිසා නොව ජිනීවා හී නිල වාර්තා සැලකිල්ලට අරගෙනය. ඉකුත් වසරේ ජිනීවා නුවරදී සම්මත කරගත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ සඳහා යෝජනාවේ ඇත්තේ ඔය කියන යුධ අධිකරණ අට මගලක් නොවේය. ඒ වෙනුවට එහි ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට " පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන්, අභිචෝදකයන් සහ විමර්ශකයන්, සහ විශේෂ නීතිඥ කාර්යංශයක්’ ඇතුලත් ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසය. ඒ අනුව මේ සියෝන් ඒජන්ත අපේක්ෂාව හමුදා නායකයින් විදේශ අධිකරණ වලට යවා පාවා දෙන බව පවසා රටේ සංහිදියාවට අකුල් හෙළීම බව පැහැදිළිය. ගැටලුව ඇත්තේ සරත් ෆොන්සේකාට වීසා දීම ප්‍රතික්ෂේප කරන එක්සත් ජනපදය ආරක්ෂක ලේකම් ගෝඨාභයට වීසා ලබාදීම ගැන මේ අයගේ මාර ආරක්ෂක විග්‍රහ වල ප්‍රශ්න නොවීමය.


කෙසේ වෙතත් මේ අයුරින් විදේශීය බුද්ධි අංශ වෙතින් උපදෙස් ලබා ගැනීමත් ඒ වෙනුවෙන් කටයුතු කරන අය කරන කියන ගනුදෙනු ගැන තවත් විස්තර අප සතුව ඇතත් අප ඒ ගැන මීට වඩා වාර්තා කරන්නේ නැත. ඒ ඔවුන්ට "අනුන්ගේ ලේ" ගැන සංවේදීත්වයක් නැති උනාට අපට එවැන්නක් ඇති නිසාය. එහෙත් දිගින් දිගටම සියෝන් ජාතිවාදී බුද්ධි ඒජන්තයින්ගේ උපදෙස් පිට රට අවධානමේ හෙළන පුවත් පලවීම හමුවේ සීමිතව වුවත් ඒ ගැන හෙළිකරන්නට අපට සිදුව ඇත.

උග්‍ර සියෝන් වාදී ප්‍රවණතාවක සිට ක්‍රියාත්මක වන මෙම විදෙස් පෞද්ගලික බුද්ධි අංශ විවිධ රටවල ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු එකතු කිරීම සහ ඒවා අවශ්‍ය පාර්ශව වෙත ලබාදීම සිදු කරන අතර උපදේශන සේවාද සපයයි. විශේෂයෙන් විවිධ රටවල ජාතිවාදී ප්‍රවණතාවන් නඩත්තු කර පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් උපදේශන මට්ටමෙන් දායකත්වය සපයන අතර ඒ වෙනුවෙන් වන දේශීය නියෝජිතයන්වද සොයා ගනියි. එය බොහෝවිට මාධ්‍යවේදීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙතින් සිදුකර ගන්නා අතර ආරක්ෂක අංශ සමඟ සෘජු සබඳතා පවත්වන පාර්ශ්ව සිටීනම් ඔවුන්ව මඟ හැරීමටද මොවුන් කටයුතු කරයි.එය ඉතා දැනුවත්ව ඔවුන් හරහා සිදුවන්නක් වන අතර ඒ , තමන්ගේ කාර්ය කටයුතු ගැන ඒ ඒ රටේ ආරක්ෂක අංශ සාමාජිකයින් අතට තොරතුරු පත්වීමේ අවධානමින් මිදීම සඳහාය. එසේම මෙවැනි බුද්ධි උපදේශන වලදී බොහෝ විට රට ගිනි තැබෙන පුවත් සඳහා මුලාශ්‍ර කොට ගන්නේ විදෙස් ප්‍රවෘත්ති මුලාශ්‍රයන්ය.

මේ ගැන වන අපගේ තොරතුරු අවිශ්වාස කරන අයෙකු කළයුතුව ඇත්තේ පසුගිය සමයේ මේ සියෝන්වාදී ඒජන්තයින්ගේ උපදෙස් පිට පළවූ ප්‍රවෘත්ති කියවා බලා දිවයිනේ ආරක්ෂක පුවත් වාර්තා කරණයේ සිටි ජේෂ්ඨ මාධ්‍යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චිට ගෙදර යන්න වූ කාරණය සොයාබලන ලෙසය.

මේ වැඩේ දැනුවත්ව මාධ්‍ය හරහා සිදුකරන අයට අප දැනුම්දෙන්නේ කරුණාකර ඔය කැත වැඩේ නවත්වන ලෙසය. එසේ නොමැතිව ජාතිවාදයෙන් රටම ගිනි තැබීමට දැනුවත්ව කටයුතු කරනවා නම් අදටත් ඔබලාව වෘත්තීය මාධ්‍ය සගයින් ලෙස නොසලකන අපි, තවදුරටත් ඔබලා සම්බන්ධයෙන් ඉතිරිව තිබෙන 'මාධ්‍යවේදීන්ද මිනිසුන්ය' කියන සිතුවිල්ලද ඉවත් කර ගැනීමට අපට සිදුවන බව අනතුරු හඟවා සිටිමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us