හම්බන්තොට සහ පුත්තලමේ භූගත ජලය සිඳීලා

Published in පුවත්
Monday, 04 August 2014 10:27

නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට බව ගොවිජන සංවර්ධන කාර්යාලය පවසයි.  එහි ජල කළමනාකරන අංශයේ ප‍්‍රධානී ප‍්‍රභාත් විතාරණ මහතා  සදහන් කළේ එම දිස්ත‍්‍රික්කවල භූගත ජලය ද සිදී ගොස් ඇති බවයි.

මේ වන විට දිස්ත‍්‍රික්ක රැසකට බලපෑම් එල්ල කර ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල් තුන්ලක්ෂ 23, 476කට අයත් පුද්ගලයන් එකලොස් ලක්ෂ 50, 994 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය. ඉන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි.  එම සංඛ්‍යාව හාරලක්ෂ 73, 125 කි.  හම්බන්තොට දිස්ත‍්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 6420ක් පීඩාවට පත්වී ඇත. 

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල ජලාශවල ජල මට්ටමද පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් අඩුවී තිබේ. වාරිමාර්ග  දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය කියා සිටියේ අඛණ්ඩව මෙම තත්ත්වය පැවතුනහාත් පානීය අවශ්‍යතා සඳහා පමණක් ජලය නිකුත් කිරීමට සිදුවන බවයි.

නියං කාලගුණ තත්ත්වය බලපා ඇති දිස්ත‍්‍රික්කවලට ලබන ඔක්තෝම්බර් මස මැද වනතුරු වැසි අපේක්ෂා කළ නොහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.

මේ අතර නියඟය පවතින බොහෝ ප‍්‍රදේශවල ජනතාවට එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම පානීය ජලය ලබාගැනීමද  බරපතල ගැටළුවක් වී තිබේ. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us