ස්‌ථාවර රජයක්‌ පත්කර ගත යුතුයි - ඒකාබද්ධ වාණිජ මණ්‌ඩලය

Published in පුවත්
Monday, 17 August 2015 08:03

රටේ සියලු ජනකොටස්‌වලට සමගියෙන් හා සංහිඳියාවෙන් යුතුව ජීවත්විය හැකි සමාජයක්‌ සහ ජාතික වැඩපිළිවෙළක්‌ දියත් කළ හැකි ස්‌ථාවර රජයක්‌ පත්කර ගැනීම ඡන්දදායක මහජනතාවගේ කාලීන වගකීමක්‌ බව ඒකාබද්ධ වාණිජ මණ්‌ඩලය සහ විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්‌වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ජාතික, ජනවාර්ගික සහ ආගම් භේදවලින් තොර සහ සියලු පාර්ශ්වයන් සමග මනා සංහිඳියාවකින් යුතු සමාජයීය වාතාවරණයක්‌ ඇතිකරීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියාකරන ලෙසට රටේ ප්‍රමුඛ වාණිජ මණ්‌ඩල සහ විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය දේශපාලන පක්‍ෂවලට සහ සියලු අපේක්‍ෂකයන්ට අවධාරණය කරයි.

රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් ලංකා වාණිජ මණ්‌ඩලය (CCC)ල ජාතික අපනයන කරුවන්ගේ මණ්‌ඩලය (NCE) ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය (JAAF) ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලය (CNCI) ජාත්‍යන්තර වාණිජ මණ්‌ඩලය - ශ්‍රී ලංකා (ICC - Sri Lanka) සහ වෘත්තිකයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය (OPA) ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක්‌ නිකුත් කරමින් සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය සාධනීය ලෙස ඉහළ නැංවීම සඳහා මෙන්ම රටේ ආර්ථික සංවර්ධනය තිරසාර ලෙස පවත්වාගෙන යැම සඳහා අත්‍යවශ්‍ය ප්‍රමුඛ සාධකයක්‌ වන අප රටේ ජීවත්වන සියලුම ජනකොටස්‌ අතර ජාතික, ජනවාර්ගික සහ ආගම් භේද වලින් සහමුලින්ම තොර සහ මේ සියලු පාර්ශ්වයන් සමග මනා සංහිඳියාවකින් යුතු සමාජයීය වාතාවරණයක්‌ ඇති කිරීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියාකරන ලෙසටත්, එසේ කරන බවට සහතික වන ලෙසටත්, ළඟ එන මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් සහ එම පක්‍ෂවල අපේක්‍ෂකයන්ගෙන් දැඩි අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටී.

පසුගිය දශක කිහිපය තුළ රට තුළ පැවතුනු විවිධාකාරයේ ගැටුම්කාරී සමාජ දේශපාලනික වාතාවරණය රටේ අස්‌ථාවරභාවයට මෙන්ම සියලු ජනකොටස්‌වල අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි වීම සඳහා පාදක වී ඇති බව පෙන්වා දෙන එම මාධ්‍ය ප්‍රකාශය, රට මුහුණදී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාතික, ජනවාර්ගික සහ ආගමික සංහිඳියාවේ සහ සාමකාමී සහජීවනයේ ඇති වැදගත්කම සහ අවශ්‍යතාව ද අවධාරණය කර සිටී.

Last modified on Monday, 17 August 2015 08:14

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us