මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නාමයෝජනා කමිටු ප‍්‍රධානී, දේශපාලන මණ්ඩල සභික, හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු පක්‍ෂ නායකයෝද සහභාගී වූහ.
බදුල්ල දිස්ත‍්‍රික්කයට නීතිඥ චමින්ද මහානාම, සරත් තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක්ද මොනරාගල දිස්ත‍්‍රික්කයට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද අද මෙසේ නාම යෝජනා පත‍්‍රවලට අත්සන් තබනු ලැබූහ.
ඌව පළාත් සභාවට තරග වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයෝ අද (03) බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී සිය නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබූහ.
Leave a comment