අපි ස්ථාවර රටක් ගොඩනගනවා. ජනතාව සතුටින් තියනවා – අනුර දිසානායක

Published in පුවත්
Monday, 27 July 2015 14:15

වසර 67ක් මුළුල්ලේ මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා මෙන්ම ආණ්ඩු පෙරලූ බවත් නායකයෝ ගෙනා බවත් නායකයෝ මාරු කළත් අපේ ජීවිතවල ප්‍රශ්නය එලෙසම බවත් බලයට එන්නන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තුට්ටුවකට මායිම් නොකර ඒ අයගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවත් ගෙයක් නැත්නම් ගෙයක් හදාගන්න. එක වාහනයක් මදිනම් වාහන දහයක් ගන්න. දරුවෝ පිටරට යවන්න. හෝටල් හදාගන්න. නැව් ගන්න. කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි දේශපාලනයට ආවේ අපේ ප්‍රශ්න විසඳගන්න නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව බේරුවල පැවති ජන රැළියකදී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

දැන් පක්ෂ තුනක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය. අනෙක එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඊළඟ ජනතා විමුක්ති පෙරමුණ. අගෝස්තු 17 තීන්දුවක් ගන්න ඕනෑ පක්ෂ තුනෙන් කාටද දෙන්නේ කියලා. එජනිස ඉන්නේ මහින්ද මහත්තයා. 1970 මන්ත්‍රී වුණා. ඇමති වුණා. විපක්ෂ නායක වුනා. අගමැති වුණා. ජනාධිපති වුනා. වසර නවයක් රට පාලනය කළා. වසර දෙකක් ඉන්න තියෙද්දී එතුමාම තීරණය කරලා ඡන්දේ තියලා පැරදුනා.

දැන් එතුමට 70යි. ආයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න යනවා. ඒ අතරේ එතුමගේ නීතිඥ කණ්ඩායමක් කියලා තියෙනවා මහින්දට විචේනය කළ එකට විරුද්ධව මට නඩු දානවා කියලා. මමත් ඉන්නේ එතුමා අධිකරණයේදී මුණ ගැහෙනකල්. එතුමගේ මුළු පවුලටත් ළඟම හිතවතුන්ටත් මහජනයගේ දේපොළ හොරාකෑමට එරෙහිව පරීක්ෂණ දියත් වෙලා තියෙනවා. රාජපක්ෂ මහත්තයා හිතනවා මේ පරීක්ෂණ යටගහන්න නම් දේශපාලනයට ආවාම හරි කියලා. ඉතිං බුලත් කොලයට කතිරය ගහනවද? බුලත් කොලයට කතිරය ගැහුවොත් ඒකෙන් කියන්නේ හොරකම් කළාට කමක් නැහැ, හොරුන් ආරක්ෂා කළාට කමක් නෑ කියලා.

එහෙනම් කාටද දෙන්නේ. එජාපයට දෙනවද? කළුතරින් ඉදිරිපත් වෙන්නේ කවුද? රාජිත. මුලින්ම ශ්‍රීලනිප. ඊළඟ මහජන පක්ෂය. ඊළඟ බහුජන නිදහස් පෙරමුණේ. ඊළඟ පොදු පෙරමුණේ. ඊළඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. ඊළඟ එක්සත් ජාතික පක්ෂයේ. එහෙට පනිනවා. මෙහෙට පනිනවා දේශපාලනයද මේ. රාජපක්ෂගේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන හොරකම් ඔක්කොම අනුමත කළා. ඒ අයට මේ දේශපාලනය වෙනස් කරන්න බැහැ. රනිල්ට පුළුවන්ද මේ රටේ හොරකම, නාස්තිය නවත්වන්න; බැහැ. හොඳ රටක් හදන්න පුළුවන්ද? බැහැ. එයත් අවුරුදු දෙකක් රට පාලනය කළා. රක්ෂණ සංස්ථාව වික්කා. වැඩියෙන්ම ලාභ ලබපු තෙල් සංස්ථාවේ නැව් තෙල් අංශය ජෝන් කීල්ස් මුදලාලිට වික්කා. වැවිලි සමාගම් ගණනාවක් එජාප ආණ්ඩුව වික්කා. රාජ්‍ය අංශයේ සමාගම් සියල්ල තමන්ගේ හිතවතුන්ට පැවරුවා.

ඔන්න ආර්ථික සංවර්ධනේ. වසර දෙකට. ඒ විතරක්ද? දින සියයට අගමැති වුණා ජනවරමක් නැතිව. මහබැංකු බැඳුම්කර ගණුදෙනුවක් වුණා. කෝප් කමිටුවේ පරීක්ෂණ වාර්තාව එන්න හදනකොට අධිකරණ වාරණ ගන්නවා. හොරකම් කරනවා. හොරකම් යටකරනවා. මාස පහට කෝටි 4200ක වංචාවක්. කොහොමද එජාපයේ මුල පිරිල්ල. අවුරුදු පහක ආණ්ඩුවක් හැදුනාම කොහොම වෙයිද? කරුංකා ගනුදෙණුව, කොන්ත්‍රාත්කරුවන්ට හිග මුදල් ගෙවන විට සිදුවන ගණුදෙනු. ඒ නිසා වික්‍රමසිංහත් එයාගේ ගෝලබාලයෝ ටිකත් සැදී පැහැදී ඉන්නේ ජනතාවට සෙත සලසන්න නෙවෙයි. රාජිතලා, චම්පිකලා, හකීම්ලා එකිනෙකට නොගැලපෙළ අයගෙන් එකතුවක් හැදුවේ බලය වෙනුවෙන් පමණයි. ඒ නිසා අලියට කතිරය ගැහුවට ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා වසර 67ක් මේ පක්ෂ දෙක ඔප්පු කරලා තිබෙනවා දේශපාලනය කළේ තමන් වෙනුවෙන් කියලා. වසර 67කින් පස්සේ අපිට ඉතිරි කළේ මොනවද?

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවගෙන් ඉල්ලනවා. වසර පහකට අපිට රට භාරදෙන්න. මේ රට ගොඩනගනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා. ජාතික සමගිය ගොඩනගනවා. කරන්න බැරිනම් අපි යවන්න. ඒ නිසා තමයි ජාතික වැඩපිළිවෙළක් සමග අපි ඡන්දෙට ආවේ. මේවා ඡන්ද පොරොන්දු නෙවෙයි. අධ්‍යාපන ප්‍රතිපත්ති හැදුවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින්. සෞඛ්‍ය ප්‍රතිපත්තිය හැදුවේ එම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින්. සංස්කෘතිය කලාව ගැන ප්‍රතිපත්ති හැදුවේ මේ රටේ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග සාකච්ඡා කරලා. නීති ක්‍ෂෙත්‍රය පිළිබඳ ලියැවුණේ නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග. ඒ විදියට ධීවර, කෘෂිකර්ම ආදී සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව ප්‍රතිපත්ති සකස් කළේ ඒ ඒ ප්‍රවීණයින් සමග සාකච්ඡා කරලා.

මේ රට ගොඩනගන්න නම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕනෑ. අනෙක ස්ථාවර රටක් හදන්න ඕනෑ. දරුවන්ට අධ්‍යාපනයක් සෑම පුරවැසියෙකුටම ආදායම් මාර්ගයක් සකස් කළ යුතුයි. හොඳ සෞඛ්‍ය සේවක් ලබාදිය යුතුයි. සැමට නිවසක්. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදිය යුතුයි. මේ කරුණු පහ සම්පූර්ණ විය යුතුයි. එවිට ජනතාව සතුටින් ඉන්නවා. අපේ වැඩපිළිවෙල ජනතාව සතුටින් තබන වැඩපිළිවෙලක්. අනෙක් ප්‍රධාන දෙය තමයි රට ස්ථාවර කළ යුතුයි. ස්ථාවරය හදන්න ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න ඕනෑ. ඒ වගේම ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. හොඳ විදෙස් ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනෑ. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්න ඕනෑ. එහෙම වුනොත් ස්ථාවර රටක් හැදෙනවා.

මේ දේවල් කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. ඒ සඳහා අපේ වැඩපිළිවෙළේ සැලැස්මක් දියත් කරලා තිබෙනවා. අපේ රටේ හොඳ සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. රටක් ගොඩනගන්න නම් ඒ රටේ තිබෙන සම්පත් පිළිබඳ ඇගයීමක් තිබෙන්න ඕනෑ. රස්සා දශලක්ෂයක් දෙන්නම්, ෆැක්ටරි 1000ක් දාන්නම්. අයෝජන කලාප 100ක් හදන්නම් කියලා පට්ටපල් බොරු කියලා වැඩක් නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති හදලා තිබෙන්නේ අපේ රටේ තිබෙන සම්පත් ගැන නැති සම්පත් ගැන හොඳ ඇගයීමකට ඇවිල්ලා. ප්‍රධාන අර්බුදය තමයි ලෝක වෙළෙඳ පොළේ අපිට පංගුවක් නැතිව රට ඉස්සරහට ගෙනියන්න බැහැ. අපිට වසරකට භාණ්ඩ ආනයනයට ඩොලර් කෝටි 2500ක් අවශ්‍යයි. අපනයනය කරලා අපිට ලැබෙන්නේ ඩොලර් කෝටි 1400යි. ඩොලර් කෝටි 1100ක හිගයක් තිබෙනවා. මේ හිගය මගහැරගන්න නම් ලෝක වෙළෙඳ පොළේ පංගුවක් අත්පත් කරගත යුතුයි.

ජපානය කොරියාව, චීනය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඕස්ටේ්‍රලියව, ඩෙන්මාර්කය, වැනි සෑම රටක්ම තමන්ට වූ සුවිශේෂී කර්මාන්තයක් තිබෙනවා. ලෝක වෙළෙඳ පොළේ හොඳ පංගුවක් අත්පත් කරගෙන ඉන්නවා. අපේ රටට මොනවද තිබෙන්නේ. ගෙවල්වල වැඩට කාන්තාවන් පටවනවා. මැදපෙරදිග පමණක් අපේ රටේ කාන්තාවන් ලක්ෂ 14ක් ඉන්නවා. අපි සහතික කරලා කියනවා මේ වහල් වෙළෙදාම නතර කරලා වෘත්තීමය සේවා නිෂ්පාදනයේ ලෝක වෙළෙඳපොලේ කොටසක් අත්පත් කරගන්නා දිශාවට අපේ රටේ ආර්ථිකය මෙහෙයවනවා.

අපේ ආසන්න රටේ, ඉන්දියාවේ වෙළෙඳපොළ ලංකාව වගේ තිස්ගුණයක්. අපි ඉංදීය වෙළෙඳපොළේ අත්පත් කරගෙන තියෙන පංගුව මොකක්ද? සැලැස්මක් අපිට තිබෙන්න ඕනෑ. ඒ පංගුව අත්පත් කරගන්නේ අපේ රටේ ව්‍යාපාරිකයෝ. සමහරු කියනවා ජවිපෙ ආවොත් කඩ දෙකක් තිබ්බොත් එකක් ගන්නවා. කාර් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා, ෆැක්ටරි දෙකක් තිබ්බොත් එකක් ගන්නවා වගේ කතා. අපි සරදියෙල්ලා නෙවෙයි. ජවිපෙ ආර්ථික ප්‍රතිපත්ති සරදියෙල් ප්‍රතිපත්තිය නෙවෙයි. තිබෙන කෙනාගේ ආර්ථිකේ සුරැකෙන්නේ කොහොමද නැති කෙනෙක් බහිවුණොත්. නැති කෙනාටත් ආර්ථිකේ පංගුවක් ලැබුණොත් තමයි තිබෙන කෙනත් සුරක්ෂිත වෙන්නේ.

ජවිපෙ ආර්ථිකය මෙහෙයවන්නේ නැති කෙනාටත් පංගුවක් ලැබෙන විදියටයි. ඒ සඳහා රජයට පෞද්ගලික අංශයට වැඩක් තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයින්ට කරන්න වෙලා තිබෙන්නේ කළු ව්‍යාපාර. ව්‍යාපාරිකයින් ඒ තැනට පත්කළේ අපේ රටේ ආණ්ඩු. සෑම භාණ්ඩයකම මිල අඩුකරනවා. බොරු බිල් දානව. වරායෙන් බඩු පන්නනවා. බොරු බිල් පොත් තියාගෙන යනවා. මේව තමයි කරන්න වෙලා තිබෙන්නේ. අපි ව්‍යාපාර ලෝකය පිරිසිදු කරලා දෙනවා. මේ රටේ දේශපාලකයෝ ගොඩක් අය ව්‍යාපාරිකයෝ. ඒ අය රටේ ප්‍රතිපත්ති හදන්නේ එයාලගේ ව්‍යාපාරවලට වාසි ගන්න. ජවිපෙ අපි ව්‍යාපාරිකයෝ නෙවෙයි. ඒ නිසා ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අවතීර්ණය වෙනවා. එවිට මුදල් ඇමතිට, ආයෝජන ඇමතිට, වරාය ඇමතිට, පළාත් සභා මන්ත්‍රීට කප්පම් දෙන්න ඕනැ නැහැ.

ඒ ආර්ථික ප්‍රතිලාභයෙන් ජනතාවගේ අවශ්‍යතා ඉටුවෙනවා. රාජ්‍ය කාර්යක්ෂමතාවය ගොඩනැගෙනවා. දැන් හොඳ ප්‍රවාහන සේවයක් නැහැ. හොඳ රාජ්‍ය සේවයක් නැහැ. අවුරුද්දකට උසාවියට නඩු ලක්ෂ දහයක් එනවා. රථවාහන නඩු ලක්ෂ තුනහමාරයි. එක නඩුවකට තුන්සැරයක් ගියොත් නඩු ලක්ෂ තිහක් වෙනවා. මොකක්ද මේ පාලකයෝ කරලා තිබෙන්නේ. ජනතාව රස්තියාදු කරන එක විතරයි. ඕනෑම කෙනෙක් එක දවසින් වැඩක් කරගන්න පුළුවන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි ගොඩනගනවා. එවිට තමයි ජනතාව සතුටින් ඉන්නේ. අපි අවුරුදු 75න් මැරෙන කොට අයුකාලය හොඳ රටවල්වල මිනිස්සු අවුරුදු 89ක් ජීවත් වෙනවා. අපිට අවුරුදු 7ක් 8ක් දෙන්න. ජීවත්වෙන අවුරුදු ගාන වැඩි කරනවා. හොඳ ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, මානසික නිදහසක් තිබුණොත් ආයුෂ කාලය වැඩිවෙනවා. එහෙම රටක් අපි හදනවා. ස්ථාවර රටක් හදන්න ජාතික සමගිය හදන්න ඕනෑ. අපි සිංහල දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය දුරු කරනවා. රටක ස්ථාවරය හැදෙන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනින් නෙවෙයි.

මේ රටේ සියලූ දෙනාගේ සංස්කෘතික අයිතීන් පිළිගත්තොත් විතරයි රටක ස්ථාවරත්වය හැදෙන්නේ. එහෙම රටක් තමයි ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ. මේ රටේ සියලූම ජනකොටස් වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක්. මීට පසු අපේ රටේ ජාතිවාදී ගැටුමක් ඇතිවෙන්න ජවිපෙ ඉඩදෙන්නේ නැහැ. මේ වෙනුවෙන් ශක්තිමත් බලයක් ලබාදෙන්න. මේ පාර්ලිමේන්තුව හොරුන්ගෙන් පුරවන්න එපා. මහින්දගේ ආගමනයට හෝ රනිල්ගේ කොමඩිවලට මේ රට හදන්න බැහැ.

අපේ රට අලූත් පරපුරක් භාරගන්න ඕන කාලේ. ලෝකයේ සෑම තැනම පැරණි දේ පැරණි ව්‍යාපාර ඉවත් කරනවා. ලෝකයේ පාලනය නව පරම්පරාවට භාරදෙමින් තිබෙනවා. ලංකාවේ පාලනයත් නව පරම්පරාවක් අතට ජනතා විමුක්ති පෙරමුණ අතට මේ පාලනය භාරදෙන්න. අපි ජනතාව සතුටින් තියනවා. රට ස්ථාවර කරනවා. කළුතරින් අපේ නියෝජිතයින් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න. ජනතාවගේ හැගීම් දැනෙන පාලනයකට බලය දෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා.

001 3605

001 3555

001 3496

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us