මහින්ද උසාවි යෑම තවත් ප්‍රොඩාවක්

Published in පුවත්
Monday, 27 July 2015 08:45

 මහින්ද රාජපක්‍ෂ මහතාට ද්වේෂ සහගත ලෙස අපහාස කිරීමට එරෙහිව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්‌ඩාර, රන්ජන් රාමනායක සහ ගායක සුනිල් පෙරේරා යන මහත්වරුන්ගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඊයේ (26 වැනිදා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අධිකරණමය පියවර ගන්නා විට මහ මැතිවරණය අවසන් වනු ඇති අතර හුදෙක්ම මහ මැතිවරණය තෙක් තමන්ට එල්ලවන අවලාදවලින් බේරී සිටිම සඳහා ගන්නා ලද උපක්‍රමයක් ලෙස මේ හැඳින්විය හැක. මන්ද මේ අධිකරණයට ගිය විට නැති කුණු ගොඩවල්ද මතුවීම සිදුවන බව මහින්ද රාජපක්ෂ අන් සියළු දෙනාට වැඩියෙන් දන්නා බැවිනි.


ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාට දේශපාලනඥයන් ඇතුළු පිරිස්‌ පදනම් විරහිතව එල්ල කරනු ලබන අසත්‍ය, ද්වේෂසහගත චෝදනා පිළිබඳව ජනාධිපති නීතිඥවරුන් ඇතුළු විසි දෙනකුගෙන් සමන්විත නීතිඥ කණ්‌ඩායමක්‌ නිරීක්‍ෂණය කළ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙම එන්තරවාසි යැවීමට පියවර ගත් බවත් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ මුදල් විදෙස්‌ රටක තිබෙන බවට මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රකාශයක්‌ කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 500 ක්‌ ද

ජනාධිපති කොමිෂන් සභාවෙන් මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඉඩ තියෙනවා" යන සිරස්‌තලය යටතේ ජාතික පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයකින් හිටපු ජනාධිපතිවරයාට අපහාස කළේ යෑයි අනුර කුමාර දිසානායක මහතාගෙන් රුපියල් මිලියන දහයක්‌ද, රූපවාහිනි වැඩසටහකදී රන්ජන් රාමනායක මහතා හිටපු ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් අදහස්‌ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි සියයක මුදලක්‌ද,

නලින් බණ්‌ඩාර මහතා "හෙළිදරව්ව" නමැති මාධ්‍ය සාකච්ඡාවලදී කළ ප්‍රකාශවලින් හිටපු ජනාධිපතිවරයාට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් කෝටි 200 ක මුදලක්‌ද ඉල්ලා එන්තරවාසි යවා ඇත.

 

Last modified on Monday, 27 July 2015 08:48

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us