ඡන්ද අවසන් වූ වහාම රාජපක්ෂ සනුහරේම අත්අඩංගුවට! - ජනපති නියෝගයක්

Published in පුවත්
Saturday, 25 July 2015 10:55

මහ මැතිවරණය අවසන් වූ වහාම මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පෑවති රජයේ දුෂණ වංචා වන්ට හවුල් වු සියලූම මැති ඇමැතිවරු හා හිතවතුන් වහම අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල අංශවලට උපදෙස් දී තිබේ.

ඒ අනුව මූල්‍යා අපරාධ කෝට්ඨාෂය(FCID) වංචා දූෂණ විමර්ශනය සඳහා පිහිට වූ විශේෂ ජනාධිපති විමර්ශන ඒකකය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එම කටයුතු සඳහා වන ලිපිගොනු සූදනම් කරමින් සිටින බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මැතිවරණය අවසන් වන තුරු චෝදනා ලැබූවන් කිසිවකුත් අත් අඩංගුවට නොගන්නා ලෙසද එම ආයතන ප්‍රධානින්ට උපදෙස් ලැබී තිබේ.

ජනාධිපතිවරයා මෙලෙස දැඩි තීන්දුවක් ගෙන තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ රාජපක්ෂ පවුලේ දූෂිතයන්ට එරෙහිව ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් බව පැවැසේ. ජනාධිපතිවරයා ලෙස තමන්ට තිබෙන බලතල උපරිමයයෙන් යෝදා ගෙන දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට පාර්ලිමේන්තුව හා රාජ්‍ය පාලනය පිරිසිදු කිරීමත් යළි දූෂිත රාජපක්ෂ පවුලේ කිසිවකුටත් දේශපාලන බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමත් ඔහුගේ තීරණය වී තිබේ.

Last modified on Saturday, 25 July 2015 12:30

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us