ප්‍රභාකරන්ව පණපිටින් අල්ල ගත්ත කියල මං කිව්වෙ නෑ - කරුණා

Published in පුවත්
Saturday, 25 July 2015 10:03

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රජයේ හමුදා විසින් ජීවග්‍රහයෙන් අල්ලාගත් බවත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා‍ට බාරදී දැඩි ලෙස වධහිංසාවට ලක්කොට ඝාතනය කළ බවට තමන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

තමා එලෙස ප්‍රකාශ කළ බවට ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි සහ ඇතැම් වෙබ් අඩවිවල ප්‍රවෘත්තියක් සංසරණය වන බවත්,තමන් කිසිදු මාධ්‍යයට ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් තමා විසින් නොකළ ප්‍රකාශයක් කළ බවට පළවන අසත්‍ය වාර්තා මගින් තම කීර්ති නාමයට හානියක් සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

එසේම මාධ්‍ය නිදහස අයුතු ලෙස යොදාගනිමින් මෙවැනි අසත්‍ය දේ ප්‍රකාශයට පත්නොකරන ලෙස තමන් සියලුම මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව ද මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියි.


කෙසේ නමුත් මෙම පුවත මුල්වරට පළ වී තිබුණේ දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් වන ටැමිල්ස් වොයිස් හීය.එහි දී කරුණ අම්මාන් පවසන්නේ ප්‍රභාකරන්ගේ මරණයට පෙර දරුණු වද හිංසාවලට ලක්ව තිබුණු බව පෙනෙනු බවත් ඔහුව ජීවග්‍රහණයෙන් අල්ලාගෙන මහින්ද රාජපක්ෂ වෙතට පැමිණ වූ බව තමන්ට සිංහල දෙශපාලනඥයන් දෙදෙනකු පැවැසූ බවත්ය. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ඊට සිනහවකින් පිලිතුරු දුන් බවත් කරුණා අම්මාන් පවසා තිබේ.

යම් ලෙසකින් හෝ ප්‍රභාකරන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයාට පැමිණවෙමෙන් පසුව ඝාතනය කළ බව සත්‍ය සිදුවීමක් වුවහොත් එය යුධ අපරාධ චෝදනා රසක් එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයාගේ ඉරණම කෙරෙහි තදින බලපැවැත්වෙනු ඇත.

 

සැබැඳි පුවත් : ප්‍රභාකරන්ව මැරුවෙ මහින්දට මුණ ගැස්වීමෙන් පසුවයි, කරුණාගෙන් හෙළිදරව්වක්

 

Last modified on Saturday, 25 July 2015 10:51

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us