නව පාර්ලිමේන්තුවේ ජවිපෙට, දෙමළ සන්ධානයට තීරණාත්මක වගකීම් !

Published in පුවත්
Saturday, 25 July 2015 09:31

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු පත් වන නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක භූමිකා දෙකක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් නිරූපණය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව පාර්ලිමේන්තුව සෑම පක්ෂයකටම රටේ පාලනයට දායක වීමට හැකි පරිදි සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇති අතර ඒ යටතේ රටේ ප්‍රමුඛ ක්ෂේත්‍ර කිහිපයක වගකීම් එම පක්ෂ දෙකටම පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ඩොනමෝර් සම්ප්‍රදාය අනුව යමින් පාර්ලිමේන්තු කාරක සභා හරහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පරිවර්තනය වන පරිදි රටේ පාලන සැකැස්ම වෙනස් කිරීමට නව රජය ක්‍රියා කරනු ඇති බවයි.

විශේෂයෙන් ම වාරිමාර්ග සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ජනතා විමුක්ති පෙරමුණේ දායකත්වය වැඩි වශයෙන් ලබා ගැන්ම සම්බන්ධයෙන් දැනටම සාකච්ඡා සිදු වී ඇති බව ද ඔහු අනාවරණය කළේය.

එමෙන්ම මේ නව සැකැස්ම යටතේ රටේ ප්‍රමුඛ ක්ෂේත්‍රයන්ට අදාළ වගකීම් දැරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඇතුළුවීම අනිවාර්ය සාධකයක් නොවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අනුව අවශ්‍ය නම් විපක්ෂයේ පක්ෂ ලෙස කටයුතු කරමින් ම රටේ පාලන ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා එම පක්ෂවලට අවස්ථාව සැලසෙනු ඇත.

නව පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය තිස් දෙනකුට සීමා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට තිරණය කොට ඇතත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළහොත් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන සලසා දී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කටයුතු කිරීමට තමන්ට දැනට කිසිදු ගැටලුවක් නැති බවයි.

silumina

Last modified on Saturday, 25 July 2015 09:47

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us