දිස්ති‍්‍රක්ක 11 කට ඉඩෝරය -සතුන්ටත් වතුර නෑ

Published in පුවත්
Friday, 01 August 2014 11:12

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප‍්‍රධාන ජලාශ හැත්තෑ දෙකේ ජල මට්ටම ඊයේ  (31) වනවිට 16% දක්වා අඩු වී ඇති අතර, නියඟය පවතින දිස්ති‍්‍රක්ක සංඛ්‍යාවද 11 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පොළොන්නරුව, අනුරාධපුර, මොණරාගල, අම්පාර, හම්බන්තොට, පුත්තලම, ති‍්‍රකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ති‍්‍රක්කවල ජනතාව පීඩාවට ලක්ව ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ අලිමංකඩ, කරච්චි ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම වව්නියාව දිස්ති‍්‍රක්කයේ පෙරියකුලම්, මාන්කුලම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව පානීය ජලය ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියි. 

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ නියඟය හේතුවෙන් පවුල් එක් ලක්ෂ 11,459 ක ජනතාව පීඩාවට ලක්ව ඇති බවයි. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම 16% දක්වා පහත වැටී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස ප‍්‍රකාශ කළේය. 

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නියඟය පවතින ප‍්‍රදේශවල ජනතාවට දිස්ති‍්‍රක් ලේකම්වරු හරහා ජලය ලබාදීමට කටයුතු කර ඇති බවයි.   

මේ අතර පවතින නියඟය හේතුවෙන් යාල, කුමන සහ විල්පත්තු යන ජාතික වනෝද්‍යානවල ජීවත්වන සතුන් පානීය ජල සහ උග‍්‍ර ආහාර හිඟයකටද මුහුණ දී සිටින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක සඳහන් කළේය. 

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වියළි කාලගුණික තත්ත්වය ඔක්තෝම්බර් මාසය දක්වා පැවතිය හැකි බවයි.

(හිරු එෆ් එම් )

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us