දෙමළ මාධ්‍ය නිදහස ඉල්ලා යාපනයේ උද්ඝෝෂණ

Published in පුවත්
Friday, 01 August 2014 09:28

උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංගම් කීපයක් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක් එකතුව යාපනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.

කොළඹ පැවති ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩමුළුවකට යාපනයේ සිට යමින් සිටි දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට වවුනියාව ඕමන්තෙයි මුරපොලේ දී යුද හමුදාවෙන් සහ පොලිසියෙන් එල්ල කෙරුණ බාධා කිරීම් සහ කොළඹ දී සංවිධානාත්මක පිරිසක් ඔවුන්ට හිරිහැර කිරීමට සූදානම් වීමට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත් කළ බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 

දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයක් රජයට ඇති බව කී ඔහු යුද්ධයෙන් පසුව එවැනි තත්ත්වයක් කිසිවෙකුත් අපේක්ෂා නොකළ බවත් කියා සිටියේය.

මෙම උද්ඝෝෂණයේ අරමුණ රටේ ගොඩනැගී ඇති ඉහත කී තත්ත්වය සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කිරීම බව සුනිල් ජයසේකර මහතා තවදුරටත් කියා සිටියේය. 

දකුණේ සහයෝගය

දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ටී. විනෝත් මහතා පවසන්නේ එදා සිටම මේ රටේ සෑම රජයක් ම දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය සියලු දෙමළ ජනතාව සමග එකතු වී පළ කරන බවයි.

දෙමළ මාධ්‍යවේදීන්ටද මේ රටේ සමාන අයිතිවාසිකමක් ඇති හෙයින් ඔවුන්ට එම අවස්ථාව ලබා දීම පිණිස තම සංවිධානය කටයුතු කරණ බව, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ලක්ෂ්මන් ගුණසේකර මහතා කියා සිටියේය. 

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් ඇතුළු තවත් දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකු ද මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ. 

(සංදේශය)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us