විපක්ෂ නායක ධුරය නිමල් සිරිපාලටම. අනුර පරලවේ

Published in පුවත්
Friday, 26 June 2015 09:10

නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායකවරයා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම විපක්ෂ නායකවරයා ලෙස අනුමත කර ඒවා ඇති බවත් ඒ අනුව කතානායකවරයා සිරිපාල ද සිල්වා මහතා එම ධූරය සඳහා පිළිගෙන ඇති බවට නිවේදනය කර ඇති බවත් හෙතෙම කීවේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුරුන්දැයි පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා එසේ ප්‍රකාශ කෙළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාට පමණක් එලෙස නම් කළ නොහැකි බවත් විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ඒ පිළිබඳ විමසා නොසිටී බවට අනුර කුමාර දිසානායක මහතා පැවැසු අතර ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ කතානායකවරයාගේ නියෝග කිසිවකුට අභියෝගයකට ලක්කළ නොහැකි බවය.

රීති ප්‍රශ්නයක් මතුකරමින් කරුණු දැක්වු දිසානායක මහතා විපක්ෂයේ කොටස් දෙකක් සිටින බවත් ඔවුන්ගෙන් එක්තරා පිරිසක් පාර්ලිමේන්තුවේ එක් අයකුගේ නමක් විපක්ෂ නායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලා අස්සන් ලේඛනයක් කතානායකවරයාට බාරදුන් බවත් පාර්ලිමේන්තුව යන්නේ විපක්ෂ නායකවරයකු නොමැති එහෙත් විපක්ෂ නායකවරයා යැයි හදුන්වා ගත් කෙනෙකු සමඟ බවත් කීවේය.

ව්‍යවස්ථාදායක සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින්ද පත් කරන බවත් මේ වන විට පාර්ලිමේන්තුවේ විකෘති තත්ත්වය නිසා එම පත්කිරීම්වලද ගැටුළු මතු වන බවත් දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

දින සියයක් සඳහා මෙම පාර්ලිමේන්තුව තිබුනේ නම් ඔහේ ඔන්න කමක් නැහැ කියලා ඉන්න තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය නැහැ. එම නිසා කළ යුත්තේ මේ පාර්ලිමේන්තුව විසිරුවන එක. සමහර මැති ඇමැතිවරු කියනව අද නෙවයි හෙට කියලා . මෙය හරියට බාලගිරි දෝෂය වගේ. දැන් තිබෙන්නේ විකෘති කරපු පාර්ලිමේන්තුවක්. කිසිවකුට කිසිවකු වග නොකියන පාර්ලිමේන්තුවක් යැයි දිසානායක මහතා කියා සිටියේය.

විපක්ෂයට කරගෙන යෑමට බැරි නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළ අතර අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ නොව ආණ්ඩුවේ යැයි විපක්ෂ මන්ත්‍රිවරුන් ප්‍රකාශ කරන බව කිරිඇල්ල මහතා එහිදි කීවේය.

Last modified on Friday, 26 June 2015 09:14

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us