'ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපාරය කුඩු' - රනිල්

Published in පුවත්
Sunday, 27 July 2014 10:09

රාජපක්‍ෂ රෙජිමයේ අලුත්ම ව්‍යාපාරය කුඩු විකිණීම බව ඊයේ (26) මාතලේ නගරයේ පැවති එජාප ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ 'ජනජය' වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

මත් කුඩු උවදුර දුරු කිරීම සඳහා ඔහු විසින් එහිදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ එමඟින් වසර දෙකක් වැනි කාලයක් තුළ මත්කුඩු උවදුර නැති කළ හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයද මේ සඳහා ලබාගෙන ස්වාධීනව කටයුතු කරන පොලිස් නිලධාරීන්, රේගු නිලධාරීන් සහ නීති නිලධාරීන් අදාළ වැඩසටහනට අවශ්‍ය බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.

ඔවුන්ට නියමිත ඉලක්ක ලබාදී වසරකින් එහි ප‍්‍රගතිය සළකා බැලිය යුතු බවත්, අවශ්‍ය අයුරින් කටයුතු කර නොමැති නම් ඔවුන් ඉවත් කර වෙනත් පිරිසක් අදාළ තනතුරට පත් කරමින් හෝ මත්කුඩු උවදුර දුරුකළ හැකි බවත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එහිදී කියා සිටියේය.

මාතලේ ශ‍්‍රී විද්‍යශේකර පිරිවෙන් විහාරස්ථානයට ඊයේ දින උදෑසන පැමිනි විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල යෙදිණ.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ක‍්‍රියාත්මක කරණුලබන ජනජය වැඩසටහන යටතේ ඊයේ දින මාතලේ නගරයේ ජනතාව දැනුවත් කිරීම සහ නව සාමාජිකයින්බඳවා ගැනීමේ වැඩසටහනට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් සිදුවිය.

මාතලේ මාතලන් පිටිය ගම්මානයේ ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට හා යටවත්ත නගරයේ තරුණ හමුවකටද ඔහු සහභාගී විය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් මාතලේ කැසිනෝ ශාලාවේදී මුස්ලිම් ව්‍යාපාරික හමුවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ස්වර්ග ආගමික නායකයින්ද සහභාගී විය.

රාජපක්‍ෂ ආණ්ඩුව විසින් වපුරමින් තිබෙන ජාතිවාදී ගැටුම මඩපවත්වා තමන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් සකසාගැනීමේ අරගලයට පෙරමුණගෙන සටන් කිරීම වෙනුවෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන් රනිල් වික‍්‍රමසිංහ මහතාව පැසසුමට ලක්කල අතර ඉදිරි ක්‍රියාමාර්ග සදහා තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද සහතිකවිය.

ඉන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතා මුස්ලිම්වරුන් නොම්බි ඇරීමේ 'ඉෆ්තාර්' මුස්ලිම් අගමික වතාවත් සදහාද සහභාගී විය.

ඊයේ පැවති මෙම වැඩසටහන් මාලාවට කථිකයකු ලෙස පළාත්සභා මන්ත්‍රී, ප්‍රවීන මාධ්‍යවේදී එස්.එම්. මරික්කාර් මහතා ද සහභාගී වී සිටියේය.

RW Matale 1RW Matale 2RW Matale 3RW Matale 4RW Matale 5RW Matale 6RW Matale 7RW Matale 8RW Matale 9RW Matale 10RW Matale 11RW Matale 12RW Matale 13RW Matale 14RW Matale 15RW Matale 16

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us