19 තෙවනවර ඡන්දයත් සම්මතයි !

Published in පුවත්
Tuesday, 28 April 2015 22:11

විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආලෝකමත් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද 225කින් 212ක් ලබා ගැනීමෙන් ඊයේ (28) සම්මත විය. මෙය මුළුමහත් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටසක් ම ලද සැබෑ නිදහසක් බව සඳහන් කළ හැකි අතර ලෝකයේ රාජ්‍යයක බලයේ සිටින නායකයෙක් සිදුකළ ඉහළම පරිත්‍යාගය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කරන ලද පරිත්‍යාගය ලක් ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු ඇත.

මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ පටන් සංශෝධනය සම්මත කර ගැනීම දක්වා දෝෂ දර්ශනයන්ට මෙන්ම විරෝධතාවන්ට මුහුණ දෙමින් ඒ සියල්ලටම පිළිතුරු දෙමින් මේ සංශෝධනය සම්මත කරවා ගැනීමට සැමගේ සහය ලබා ගැනීම සඳහා සිදුකළ සුවිශේෂ කැපකිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නමට ද එවැනිම තැනක් හිමිවනු ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙවන වර කියවීම 27 වැනිදා ආරම්භ කර 27, 28 දෙදින තුළ ඒ පිළිබඳ විවාදය ඉතා තියුණු අන්දමින් පැවැති අතර ඒ පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේදී 19 වැනි සංශෝධනයට පක්ෂව ඡන්ද 215ක් ද විරුද්ධව දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සරත් වීරසේකර ඡන්දය ප්‍රකාශ කළ අතර ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය. මේ අතර ප්‍රේමලාල් ජයසේකර, බැසිල් රාජපක්ෂ, ජානක ප්‍රියන්ත බණ්ඩාර, විනයාගමූර්ති මුරලිදරන්, එල්ලාවල මේධානන්ද, කෙහෙලිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් ඡන්ද විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත.

කාරක සභා අවස්ථාව පැය 3කුත් විනාඩි 10ක් පැවැති අතර එම කාලය තුළ 19වන ව්‍යවස්ථාවේ වගන්ති 56ට සංශෝධන 28ක් එක් කරන ලදුව තෙවන වර ඡන්ද විමසිමේදී පක්ෂව ඡන්ද 212ක් ලැබුණු අතර නොපැමිණි සංඛ්‍යාව 7 සිට 10 දක්වා වැඩි විය. දෙවන කියවීමේදී ලද ඡන්ද සංඛ්‍යාවට වඩා තෙවන වර කියවීමෙන් ලද ඡන්ද 3කින් අඩු වීමට හේතු වූයේ දෙවන වර ඡන්ද විමසන විට සභාගැබේ සිට ඡන්දය ප්‍රකාශ කළ රත්නසිරි වික්‍රමනායක, ප්‍රභා ගනේෂන් සහ දීමු ජයරත්න යන මන්ත්‍රිවරුන් සභාගැබේ නොසිටි නිසාවෙනි. තෙවන වර ඡන්ද විමසීමෙන් පසු 19වන සංශෝධනය සම්මත වූ බව කථා නායක වරයා දැනුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක් සඳහා වූ සංශෝධනයකට සහය දුන් සියලු දෙනාට ස්තූතිය පළකරන බව කීවේය.

අවසාන වශයෙන් සභාව ඇමතු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ මෙම ඓතිහාසික අවස්ථාවට දායක වීමට ලැබීම සියලු දෙනා ලද ජයග්‍රහනයක් බවය.1978 ව්‍යවස්ථාවට එරෙහිව එවකට පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හඬ නැගුව ද එතැන් පටන් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධනයන්ගෙන් 13 සහ 17 ව්‍යවස්ථා සංශෝධනයන් හැර සියලු සංශෝධනයන් ඉදිරිපත් කෙරුණුයේ විධායක බලය තව තවත් ශක්තිමත් කිරීමට පමණි.

අවස්ථා කිහිපයකදීම පත්වූ ජනාධිපතිවරුන් සිය මැතිවරණ ප්‍රකාශනයන්හි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ප්‍රකාශ කර තිබුණ ද බලයට පත්වීමෙන් පසු ඒ ගැන කිසිවක් කතා කෙළේ නැත. එවන් ඉතිහාසයක් තුළ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකර පාර්ලිමේන්තුවට වගකියන ව්‍යස්ථාවක් ඇති කරන බවට පොරොන්දු දෙමින් සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි රටේ බහුතර ජනතාවකගේ ඡන්ද බලයෙන් බලයට පත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ වේදිකාවේදී දුන් සියලු පොරොන්දු ඉටුකරමින් විධායක ජනාධිපති ධුරයේ බලතල අවම කරන 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම කාගේත් පැසසුමට මෙන්ම ගෞරවයට පාත්‍රවනු ඇත.

 

dinamina

Last modified on Wednesday, 29 April 2015 06:24

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us