සය මසකින් උතුරේ පාසල් සංවර්ධනය කරන්න

Published in පුවත්
Saturday, 28 March 2015 13:03

උතුරු පලාතේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු පලාතේ අධ්‍යාපන බලධාරින් මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ.

මෙහිදි පලාතේ අධ්‍යාපන ඉහළ නැංවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ විදුහල්පතිවරුන් අතර දිර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.

යුද්ධය පැවති සමයේදී උතුරේ අධ්‍යාපන මට්ටම කැපී පෙනෙන ලෙස අඩු වූ බවද දැන් එය නගා සිටුවීමට කාලය එළැඹ ඇතැයි ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ නැවත පදිංචි කිරිමේ අමාත්‍යංශය ඒකාබද්ධව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඒ සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට ද සැළසුම් කර ඇත.

මාස 6ක කාලයක් තුළ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති අතර අදාළ කාලය තුළ අධ්‍යාපනය ඉහළ නැංවීමට නොහැකි වුවහොත් එම විදුහල්පතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන බවද රනිල් වික්‍රමසිංම මහතා පවසා තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us