ජෙනරාල් සරත් ෆොන්සේකා යළි ඉපැදේ

Published in පුවත්
Wednesday, 28 January 2015 17:08

ජනපති සමාව යටතේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමි සියලු තනතුරු, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් යනාදී සියලු හිමිකම් ඔහුට නිල වශයෙන් හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ හිමි බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනපති සමාවක් ලබාදුන්නේය.

ඒ අනුව ඔහුට තරු හතරේ ජෙනරාල්, පදක්කම, විශ්‍රාම වැටුප සහ ඔහු සේවයේ යෙදෙමින් දේශපාලනය කිරීමට හා සිරගත කිරීම නිසා යුද හමුදා අධිකරණය විසින්, 2010 දී ඉවත් කරන ලද සියලු වරප්‍රසාද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිය.

ඒ අනුව, ජෙනරාල් ෆොන්සේකා, රණ ශූර පදක්කම (RSP,), Vishishta සේවා විභූෂණ (වීඑස්වී), උත්තම සේවා පදක්කම (USP) සහ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු වෙත ලබා දුන් වෙනත් සියලු රණවික්‍රම පදක්කම (RWP) පැළඳීමට හැකිය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද බිමේදී ඔහු ලබාදුන් නායකත්වය අගයමින්, 2009 මැයි 18 වන දින ඔහු වහා ජෙනරාල් නිලයට උසස් කරන ලද අතර 2009 ජූලි මස 14 වැනිදා ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පත් කරන ලදී.

කෙසේ වුවද ඔහු යුද හමුදා සේවයේ යෙදෙමින් දේශපාලනය කළ බැව් කියමින් යුදාධිකරණය විසින් හෙතෙම වරදකරු කර සිරගත කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට යළි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව දුන් අතර නැවත ඔහු දේශපාලනයට පිවිසිණ.

මේ අතර පූර්ණ ජනපති සමාව හිමිවූ සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ ඡන්ද අයිතිය ද ඒ අනූව ලබාදුන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.

ඉකුත් රජය යටතේ ෆොන්සේකා මහතාට කලක් ඡන්ද අයිතිය අහිමිව තිබිණ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us