හොර ලේඛන හැදුවේ වන ජීවී දෙපාර්තමේන්තුවමයි

Published in පුවත්
Sunday, 18 January 2015 10:12

පෞද්ගලික අලි හිමියන් භාරයේ සිටින අලි පැටවුන් 27 න් 22 ක්ම හොර අලි බවද ඔවුන් සදහා ව්‍යාජ ෙල්ඛන සකස් කර බලපත්‍ර ලබාදී තිබෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් යැයිද හිටපු වනජීවී අැමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

ලංකාවේ පුද්ගලයන් සතු හීලෑ අැතින්නියන්ට මෙතෙක් ලැබී අැත්තේ පැටවුන් 5 දෙනෙකු පමණක් වන අතර අනෙක් අලි පැටවුන් 22 දෙනාම ලංකාවේ ජාතික වනෝද්‍යානය හා අභයභූමි වලින් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන අැති සතුන් බවද සොයිසා මහතා පවසයි.

තමන් වනජීවී අැමතිවරයා වුවත් පැවති තත්වය හමුවේ තමන්ට කිසිවක් කළ නොහැකිවූ බව අමාත්‍යවරයා පවසයි.

පසුගියදා දූෂණ විරෝධී පෙරමුණට ලැබී අැති පැමිණිල්ලකට අනුව නාමල් රාජපක්ෂ ,ශෂීන්ද්‍ර රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,ගන්දිනී රාජපක්ෂ,තිළිණ ගමගේ,සජීන් වාස් ගුණවර්ධන,අජිත් ගාල්ලගේ,රොෂාන් අාදී පුද්ගලයන් 18 දෙනෙකු භාරයේ අලි පැටවුන් 27 ක් සිටින බවද වාර්තාවිය.

පසුගිය කලයේ මෙම අලි ජාවාරමට සම්බන්ධ වූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබුණු අතර ඔහු හා ජනාධිපතිවරයා අතර වන සමීපතාවය නිසා ඒ ඇමැතිවරයාට පාලනය කර ගත නොහැකිව තිබුණු බවද හෙළිව තිබිණි. මේ හේතුවෙන් වන ජීවී අධ්‍යක්ෂකවරයාගේ දුෂණ වංචා හෙළි කර ගැනීමට ඇමැතිවරයා විසින් වෙන්ම විමර්ශන කණඩායක්ද පත්කර තිබිණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us