මුස්ලිම් කතුන්ට පාට 'අබායා'

Published in පුවත්
Monday, 14 July 2014 10:49

ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට කළු පැහැති දිගු ගවුම වෙනුවට වෙනත් පැහැති ඇඳුමක් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සූදානම් වෙයි.

ලොව බොහෝ රටවල මුස්ලිම් කාන්තාවන් අඳින දිගු ගවුම ඔවුන් හඳුන්වන්නේ අබාය යනුවෙන් වන අතර ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර වැඩියෙන් භාවිතා වන්නේ කළු පැහැති අබායා ඇඳුම්ය.



එම වැඩසටහන හඳුන්වා දීමට හේතු පහදන කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් විස්තර කළේ කළු නොවන අනෙක් පැහැති අබයා මිලදී ගැනීමට අපහසු අතර දැනට වෙළඳපොළ තුල ඇති විවිධ පැහැති අබයා මිල අධික බවයි.

පහසු මිලට විවිධ පැහැයන්ගෙන් යුත් අබයා වෙළඳපළට හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු තව දුරටත් පැවසීය.



'පාට ඇඳුම ලස්සනයි'


මෙම යෝජනාවට මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් අදහස් දක්වන මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා කියා සිටියේ කළු ඇඳුමට වඩා පාට අබයා ඇඳුම ලස්සන බවයි.

ලේඛිකාවක සහ ක්‍රියාධාරිණියක වන අමිනා හුසයින් කියා සිටියේ ලංකාවේ අතීතයේ මෙලෙස කළු පැහැති අබායා වෙනුවට මුස්ලිම් කාන්තාවන් ඇඳීමට පුරුදු වී සිටියේ සාරි බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ කළු අබායා ඇඳීය යුතු බවට මුස්ලිම් ආගමේ නීතියක් නොමැති බවයි.

දිළිඳු පවුල්වල මුස්ලිම් කාන්තාවන්ට පාට අබායා ඇඳුම් නොමිලේ ලබා දීමේ වැඩසටහන් ඉදිරි දින කිහිපය තුල ආරම්භ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරයි.


(සංදේශය)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us