ඕවා දලෙයි ලාමාගේ බොරු

Published in පුවත්
Tuesday, 08 July 2014 11:37

ලංකාවේ සහ මියෙන්මාරයේ සුළුතරයක් වන මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවත්විය යුතුව ඇති බව අධ්‍යාත්මික නායක දලයිලාමා හිමියන් කළ ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් එය තරයේ හෙළා දකින බවත් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

නිවැරැදි තොරතුරු හා මූල සාධක නොමැතිව පළ කළ එම තාර්කික නොවන ප්‍රකාශය මෙරට ජනකොටස්‌ අතරේ පවතින අන්‍යාන්‍ය විශ්වාසයට හා සහජීවනයට අහිතකර බලපෑම් ඇතිකරවන බවද ඒ හිමියෝ සඳහන් කළහ.

බෞද්ධ නායකයකු වන දලයි ලාමා තුමන් නොමග යවා මෙම ප්‍රකාශ ලබාගෙන ඇති බවත් පවසන ඇල්ලේ ගුණවංශ හිමි මෙරට පිළිබඳ සාවද්‍ය තොරතුරු පදනම් කොට ජාත්‍යන්තරයට හඬ නැගෙනසේ විවිධ වූ ප්‍රකාශ නිකුත් කිරීමේ මාධ්‍ය මෙහෙයුම වේගවත්ව කෙරෙන බව මේ මගින් පෙනී යන බවත් පැවසුවේය.

බුදුදහමේ මතවාදය අනුව ක්‍රියාකරන මෙරට බෞද්ධයා මෙත් සිතින් හා උපේක්‍ෂාවෙන් කටයුතු කළත් එම ප්‍රතිරූපය බිඳහෙළීමේ කුමන්ත්‍රණයක්‌ දශක ගණනාවක සිට ක්‍රියාත්මක බවත් සඳහන් කළ උන්වහන්සේ විදේශ කටයුතු අමාත්‍යංශය හා තානාපති සේවාවන් මේ පිළිබඳ සංවේදීව හා අවධානයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

කෙසේවෙතත් දළයි ලමා හිමියන් පසුගියදා වැඩිදුරටත් සදහන් කර සිටියේ බහුතරයක් බෞද්ධ ජනතාව වෙසෙන රටවල සුළු තරයක් වන මුස්ලිම් ජනයාට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් අනුමත කළ නොහැකි බවයි.

එබැවින් අපරාධවලට පෙළඹීමට ප්‍රථම බුද්ධ ප්‍රතිරූපය මෙනෙහි කරන ලෙස තමන් මෙම රටවල බෞද්ධ ජනයාගෙන් ඉල්ලීමක් කරන බව උන් වහන්සේ එහිදී සඳහන් කළේය.

බුද්ධ දේශනාව ආදරය හා කරුණාව බවත්, බුදුන් වහන්සේ ජීවමානව සිටීයා නම් බෞද්ධන්ගේ ප්‍රහාරයට ලක්වන මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු ඇති බවත් දලයිලාමා හිමියන් පෙන්වා දුන්නේය.

ඉරාකයේ සුන්නි මුස්ලිම් අන්තවාදීන් තවත් මුස්ලිම් ප්‍රජාවකට කරනු ලබන හිරිහැර පීඩාවන්ද අසා දැක තමන් ශෝකයට පත්වන බව උන්වහන්සේ සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us