High-vibrational මිනිස්සු හඳුනගන්නේ කොහොමද? Featured

Published in අනං මනං
Wednesday, 06 March 2024 16:26

ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද?
ඒ වගේ අයට ආවේණික වෙන මේ වගේ පොදු ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න පුළුවන්. බලන්න ඔයා මෙහෙම කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාගේ වටපිටාවේ මෙහෙම අය ඉන්නවද කියලා.

1. මේ වගේ අය ගොඩක් වෙලාවට පිරිසක් අතර ඉන්නවටත් වඩා තනියම ඉන්න තමයි කැමති. (එයාගේ යාළුවෙක් වෙන්න ඔයාට ඕනේ නම් ඔයත් එයා වගේම හිතන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ කෙනෙක්ට යාළුවෙක් වෙන එක ඉතාම අපහසුයි. ඔවුන් මොනම හේතුවකටවත් තමන්ගේ ඉහළ සංඛ්‍යාතයන් පහළ දමා ගැනීමට අදහස් කරන්නේ නැහැ.)

 2. ස්වභාවික පරිසරයක් එක්ක නැත්නම් ගහ කොල එක්ක ඉන්නකොට ගොඩක් නිදහස් බවක් මේ වගේ අයට දැනෙනවා.

3. සතුන්ට මේ වගේ ඉහළ සංඛ්‍යාත පරාසයක ජීවත් වෙන මිනිස්සු අතර ඉතාම ආරක්ෂිත බවක් දැනෙනවා. සතුන් ඔවුන්ට නිරායාසයෙන්ම ආකර්ෂණය වෙනවා.

4. ඔබ ඉහළ සංඛ්‍යාත පරාසයක ජීවත් වන විට, පිරිසක් අතරට ගිය අවස්ථාවකදී ඔවුන්ගේ ආකර්ෂණය නිරායාසයෙන්ම ඔබට ලැබෙනවා.

5. ඒවගේම ඒ පිරිස අතර ඇති ශක්තීන්/energy /vibes කියවීමේ හැකියාවක් මේ අයට තියෙනවා.

6. ඒ වගේ අවස්ථාවකදී ඔවුන්ට ඒ ස්ථානයේදී Negative Vibes දැනුනොත් ඉතා ඉක්මනින් ම ඒ ස්ථානයෙන් මේ අය පිට වෙනවා. බොහෝ වෙලාවට මේ වගේ අය ඒ දේවල් වලට හේතු සපයන් නැතුවම ඒ වගේ ස්ථානවලින් අයින් වෙනවා..

 7. High vibrational frequencies තියෙන මිනිසුන් යම්කිසි දෙයක් manifest කරන විට ඒවා ඉතා ඉක්මනින් මොවුන් හට ලැබෙනවා. මොකද ඔවුන්ගේ ශක්ති ශරීරය (Aura ) ඉතාම බලවත්.

8. තමන්ව නොදන්නා කෙනෙක් වුණත් ඉතා ඉක්මනින් ම මේ වගේ කෙනෙක්ට ආකර්ෂණය වෙනවා.

9.ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ඉතා පෞද්ගලික දේවල් පවා මේ වගේ අයට කියන්න පෙළඹෙනවා.

10. ඉතා ඉහළ සංඛ්‍යාතවල ජීවත්වෙන බොහෝ දෙනා ඉතාමත්ම කාරුණික සහ ආදරණීය අයයි.

11. ඔවුන් ජීවිතයේ අර්ථය වටහා ගැනීමට බොහෝ අවස්ථාවල උත්සාහ දරනවා.

12. ඔවුන් ජීවිතය දෙස ධනාත්මකව හැමවිටම බලනවා.

13. නිතරම සිනාසීමට සහ සතුටින් සිටීමට ඔවුන් කැමතියි.

14. මේ වගේ විශේෂිත පුද්ගලයන් බොහෝ විට අව්‍යාජව ( Authentic self) සහ තමන්ගේ සුවිශේෂී බව රැකගෙන ජීවත් වෙන්න උත්සාහ දරනවා. ඔවුන් තුළ ස්වරූප දෙකක් ඇත්තේ නැහැ.

15. මේ වගේ High vibrational frequencies වල ජීවත් වෙන මිනිස්සුන්ගේ ආගම කුමක් වුවත් ඔවුන් බොහෝ විට ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන පිරිසයි.

16. අනෙකුත් විශේෂිතම දේ නම්, සමහර මිනිසුන් මෙවැනි විශේෂිත ( High vibrational ) මිනිසුන්ට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව වන්නේ, අකමැත්තක් දක්වන පිරිස ජීවත් වන්නේ ඉතාමත් පහළ සංඛ්‍යාත පරාසයක වීමයි. මෙවැනි ඉහල සංඛ්‍යාත පරාසයක ජීවත් වන මිනිසුන් දුටු විටම හේතුවක් නැතුවම ඔවුන් මේ පිරිසට අකමැති වෙන්නට පුළුවන්.

17. එම නිසාම මිනිසුන් ආශ්‍රය කිරීමේදී මේ High vibrational frequencies සහිත මිනිසුන් යහපත් සීමාවන්/healthy bountries භාවිතා කරනවා.

18. ඔවුන් බොහෝ විට අනිත් අයට උදව් කිරීමට පෙළඹෙනවා.

19. කිසිවිටකත් වෙනත් මිනිසුන්ව විනිශ්චයකට ( Judgemental ) ලක් කිරීමට පෙලඹෙන්නේ නැහැ.

20. ඔවුන් සැම විටම මේ අවස්ථාව තුළ ජීවත් වෙන්න ( Present moment)උත්සාහ දරනවා.

බලන්න ඔබ තුළ මෙවැනි ලක්ෂණ තිබෙනවාද කියලා. එහෙම නැත්නම් ඔබේ යහළුවන් තුළ. ඔබට හෝ ඔබේ යහළුවන්ට මේ අතරින් කිහිපයක් හෝ තිබෙනවා නම් ඒ දෙපාර්ශවයම ඉතා වාසනාවන්තයි.

Facebook

 

Last modified on Wednesday, 06 March 2024 16:26

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us