ගෝඨා එක්ක බෑ . පොහොට්‍ටු ප්‍රාදේශීය නායකයන් මහින්දට පැමිණිලි කරයි. Featured

Published in පුවත්
Tuesday, 13 August 2019 11:23

ගෝඨාභය රාජපක්ෂ, තමන්ගේ අනාගත නායකයා ලෙස පිළිගැනිමට පොදුජන පෙරමුණ තීරණය කර තිබුණද තමන් අතින් වූයේ වැරැද්දක් බවට එම පක්ෂයෙ ක්‍රියාකාරිකයන් වෙතින් මහින්ද රාජපක්ෂට පැමිණිලි ගලා එන්නට පටන් ගෙන තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ගෝඨාබයගේ මිලිටරි ජුන්ටාව සිය මිලිටරි බලය පෙන්වා ප්‍රාදේශීය මැතිවරණ ප්‍රචාරක කටයුතු සියතට ගැනීමට ගන්නා උත්සාහය නිසා මෙම ගැ‍ටුම්කාරි තත්වය ඇතිව තිබේ. මේ වන විට සැම දිස්ත්‍රික්කයකම විශ්‍රාමික හමුදා නිළධාරීන්ගෙන් සමන්විත ජුන්ටා බලෑණියක් ගෝඨාබය විසින් සූදානම් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රිකවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධ වගකීම ඔවුන් බලහත්කාරයෙන් සියතට ගැනීම නිසා පොදුජන පෙරමුණේ ප්‍රාදෙශීය සංවිධායකයන් මේ වන විට මහත් අසීරු තාවයකට පත්ව ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකය ලෙස නම් කිරීමට පෙර සතියේදී ගෝඨාබයගෙ වියත් මඟ සම්මන්ත්‍රණයක් කුරුණෑගල සංවිධනය කර තිබියදී එම කටයුතු වලට ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ ගෝල බාලයන් එය කඩා කප්පල් කිරීම සඳහා ප්‍රසිද්ධියෙම වෙහෙසුනු අයුරු දකින්නටද ලැබිණි. ඊට හේතුව වූයේ ද මේ මිලිටරි ජුන්ටාව ප්‍රාදේශිය දේශපාලන නායකයන් නොසලකා කටයුතු කරන්නට යෑමය.

කෙසේ නමුත් මෙම තත්වය සම්බන්ධයෙන් මේ වන විට මහින්ද රාජපක්ෂට පැමිණිලි කිරීමට ප්‍රාදේශීය නායකයන් රැසක්ම කටයුතු කර තිබේ. ඔවුන් හමුවේ මහින්ද රාජපක්ෂ දැනුම් දී තිබෙන්නේ ගෝඨාට බිය නොවන ලෙසත් ගොඨභයගේ මිලිටරි ජුන්ටාවට අවශ්‍ය අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත්ය. ගොඨාභය පොදු ජන පෙරමුණේ සාමාජිකයකුවත් නොවන නිසා එම පක්ෂයේ කටයුතු වලට ඔහුගෙන් වන බාධාවන්ට ඉඩ අහුරණ බවත් ප්‍රාදෙශිය මැතිවරණ කටයුතු තමන්ගේ නායකත්වයෙන් පමණක් සිදු කිරීමට තීරණය කළ බවත් මහින්ද රාජපක්ෂ මෙම සංවිධායකයන්ට පොරොන්දු වී තිබේ. ඒ අනුව ගොඨාභයගේ අසනීප තත්වයද සලකා බලා ඔහුව නාගරිකව සිදුවන ප්‍රචාරක කටයුතු සඳහා පමණක් යොදා ගන්න බවත් අවධාරණය කර තිබේ.

ජනාධිපතිධුරය බලරහිත තනතුරක් බවත් වඩා වැදගත් වන්නේ අගමැතිධුරය බවත් මෙහිදී පෙන්වා දී ඇති මහින්ද මෙම ජනාධිපතිවරණය එළඹෙන මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතක් ලෙස සලකා සිදු කරන ලෙසද ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ තමන් මීළඟ අගමැතිවරයා ලෙස පත්වන බව අවධාරණය කරමිණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us