ජාතක කතා අතරින් හමුවන සත්ථිකුම්භ ජාතකය සිහි ගන්වන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

මෙක්සිකෝවේ ධීවර නගරායක නගරාධිපතිවරයකු කිඹුලියක විවාහ කරගත් පුවතක් විදෙස් වාර්තා අනාවරණය කරයි.

සම ලිංගික සම්බන්ධතා නිරූපණය කරන ලොව පැරණිතම ශිලා රූප ඒජියන් දූපතෙන් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ග්‍රීසියට අයත් මේ දූපතේ ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසත් අතර කාලයේ දී මේ රූ සටහන් තබා ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. මේ සටහන් මෙතෙක් ලොව හමු වූ පැරණිත ම ශෘංගාරාත්මක සටහන් විය හැකියැයි ද පර්යේෂකයෝ කියති.

පර්යේෂණය සිදුකළ අයොන්නිනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්රියස් ව්ලාචොපලස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ පැරණි ග්‍රීසියේ පිරිමින් අතර සමලිංගික සම්බන්ධතාවලට තහනමක් නොතිබූ බවයි.

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

erotic-graffiti

 

erotic-graffiti-2

 

පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ.

මීට වසර තිහකට පෙර හමු වූ පොසිල ආධාරයෙන් ලොව සිටි විශාලතම පක්‍ෂියා හඳුනා ගැනීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත් වෙති.

දැනට මිහි පිට සිටින විශාලතම පක්ෂියා වන අල්බට්‍රොස් මෙන් දෙගුණයක් පමණ විශාල වූ මෙම පක්‍ෂියා තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව විද්‍යාඥයන් පවසති.

වසර මිලියන විසිපහකට පෙර මෙලොව ජීවත් වූ මෙම පක්‍ෂියා රුව පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති අතර එය දර්ශනීය සැහැල්ලු ගුවන් යානයක ස්වරූපයක් ගනී.

නමුත් මෙම පක්‍ෂියා විශාලත්වය හා බර සැලකිල්ලට ගැනීමේදී ගුවන් ගත වීම සහ යළි පොළොවට වැසීම ඉතා දුෂ්කර කාර්යයක් වන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

Biggest-Bird

පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති පක්‍ෂියා

Big-Fly 1

තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව

තරුණ ගුරුවරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සිසුන් තිදෙනෙක් ඉන්දීය උත්තර් ප්‍රදේශ් පොලීසිය විසින් අත්අඩංගුවට ‍ගනු ලැබ තිබේ.

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගබඩා සංකීර්ණයක අලුතින් ඉදි කළ තාප්පයක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

උතුරු ඉරාකයේ සුනී මුස්ලිම් සටන්කාමීන් විසින් රඳවා ගනු ලැබ සිට නිදහස ලැබූ ඉන්දියානු හෙදියන් හතලිස් හය දෙනා විශේෂ ගුවන් යානයකින් තම ගම් බිම් බලා පැමිණියහ.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us