අද අපේ සිහිනය හෙට රටේ නීතිය

Sunday, 12 July 2015 09:41

ඉදිරි මහමැතිවරණයෙන් තේරීපත්වන මන්ත‍්‍රීවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ගොදුරුවීම වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමුකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා තිබුණි. මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෑම විටම බලය හිමි මහජන නියෝජිතයින් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි උත්සාහයක් දැරීමද දක්නට ලැබේ.පුහුල් හොරා කරෙන් දැනෙන්නාක් බදුව දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ගෑවුණු පුද්ගලයන් පිළිබදව ජනතාව තුළ අවබෝධය ගොඩනැගී ඇත.

මෙතෙක් චෝදනා එල්ල වී නොමැති දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම වැළැක්විම සඳහා මහජනතාව මැතිවරණ සමයේ දී මෙන්ම ඉන් පසුව ද බලපෑම් කළ යුතු බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ සදහන් කර ඇති පරිද්දෙන් ජනතාව සතුව ඒ උදෙසා වැඩි වගකීමක් පවතී.

ජනතාවගේ පාර්ශවයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හෙළාදැකීමේ කිසිදු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය ඇත්තේ දේශපාලකයන්ගේය.රටේ ප්‍රධාන පුරවැසියා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ ම නම ගිය අපරාධකරුවන්, එතනෝල් ජාවාරම්කරුවන් සහ කුඩු ජාවාරම්කරුවන්ට නාමයෝජනා දීමට කටයුතු කරමින් ජනතාව ඉදිරියේ පට්ටපල් බොරු කියමින් ජනතාව ගොනාට ඇන්දවීම පසුගිය දිනක දක්නට ලැබුණි.ඒ, ‘මතින් නිදහස් රටක්’ නමැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අවස්ථාවේය.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් දේශපාලනඥයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් බවයි.නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරත වනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහි ව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවේය.

නමුත් මෙම ජාවාරම් සියල්ලට ඉඩකඩ හා මනා වපසරියක් සහිත පරිසරයක් බිහිකර දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට යළිබලයට පැමිණීමට අවස්ථාව ලබාදී ජනතාව ඉදිරියේ මෙබදු ප්‍රකාශ සිදු කරමින් මහාපුරුෂයෙකු ලෙස පෙනී සිටිය හැක්කේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

නීතිමය පියවරක්ම ගැනීම කෙසේ වෙතත් ඔහු එවැනි දේශපාලනඥයින් සමග මහ මැතිවරණය ජය ගැනීමට මාන බලමින් සිටීම තුළ තව දුරටත් ඔහුට මේ පිළිබදව කතාකළ හැක්කේ කෙසේද? . එවැනි දේශපාලනඥයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම පසෙක තබා අවම වශයෙන් ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමටවත් ඔහු කටයුතු නොකළේය.ඔහු සිදු කලේ ලක්ෂ 62ක ජනතාවක් ගොනාට ඇන්දවීම පමණක්මය.

එහෙත් මහ මැතිවරණයේදී ජනතාව අනිවාර්යයෙන් මේවාට පිලිතුරු ලබාදෙනු නියතය.

දුෂණ චෝදනා එල්ල වූ පිරිස්වලට කුමන පක්ෂයකින් හෝ නාම යෝජනා ලබාදීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද ප්‍රකාශ කළේය.පවතින වාතාවරණය අනුව මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෙලේ සුදා නිදහස්ව සිටියා නම් ඔහුට වුවද නාමයෝජනා ලබාදීම මෙරට දේශපාලන පක්ෂවලට එතරම් ගැටලූවක් නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණි.දැන් පවතින වාතාවරණය අනුව සැබෑ තත්වය නම් එයය.

පසුගිය දිනක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසුවේය.
‘ජනතාවගේ දේපළ කොල්ල කන්නන් ඊළඟ ආත්මයේ දී බල්ලන්, කපුටන් ලෙස උපදින බව නිශ්ශංකමල්ල සෙල් ලිපියේ සඳහන් වෙනවා. ඒ සෙල් ලිපිය අදටත් ගැළපෙන බව මට හිතෙනවා. මේ නිසා නිශ්ශංකමල්ල සෙල්ලිපිය රජයේ ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්පත් කර ගන්න පුළුවන් වෙයි.ඔහු මේ බව පැවැසුවේ කොළඹ දී පැවැති පුරාවිද්‍යාල දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි.

ඔහු මේ පවසන්නට ඇත්තේ ඔහු විසින්ම සන්ධානයට ඈදාගත් පුද්ගලයන් ගැන විය යුතුය.දැන් ජනතාව සන්ධානයේ අයගෙන් විමසිය යුත්තේ ඔයා ඊළග ආත්මේ බල්ලෙක්ද? කපුටෙක්ද යනුවෙනි. ජනපතිගේ මෙම අදූරදර්ශී ක්‍රියාවලිය නිසා සමස්ත සන්ධානයම දැන් අපකීර්තියට පත්වී මහාරය.

දැන් ජනතාව බලාපොරොත්තු වන්නේ වෙනස්වූ දේශපාලන සංස්කෘතියකි. ජනතාව මූලාවූ මූලාවීම තවදුරටත් සිදු නොවනු ඇත.ජනතාව සිහින දකින්නේ දූෂණය රජයන ලොවක් උදෙසා නොව දූෂිතයන් ආරක්ෂා කර ජනතාව පීඩනයට පත් කරන රටක් උදෙසා නොව,මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ආරක්ෂා කරන,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුල්තැන දෙන සමාජයක් උදෙසා නොව.ජනතා අපේක්ෂා මුදුන්පත් වන නිදහස් නිවහල් රටක් උදෙසාය. 'අද අපේ සිහිනය හෙට රටේ නීතිය' යනුවෙන් ජොසේ මාර්ට් ප්‍රකාශ කර තිබේ.ඒ සිහිනය සැබෑ කර ගැනීම සදහා ජනතාව පසුබට නොවනු ඇතිවාක් මෙන්ම දූෂිතයන්ට ,ජාවාරම්කරුවන්ට යළිත් පාඩමක් ඉගැන්වීමට ජනතාව ඇගිලි ගනිමින් සිටිනු නොඅනුමානය.

ලක්මාලි පන්නල

Last modified on Sunday, 12 July 2015 10:42

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us