‘‘මා හින්දා’’ මහින්ද ද ? - ‘‘මා හින්ද’’ මහින්ද ද? Featured

Monday, 30 March 2015 08:56

නළුවන් නිළියන් තම රංගන ජිවිතයේ දී රඟ දක්වන ඇතැම් ජවනිකා කෙදිනක හෝ සිය ජීවිතයේ දී සැබැවින් ම අත්දකින්නට ලැබූ අවස්ථා දක්නට ඇත. ඒ අතුරින් මා මතකයේ රැඳී ඇති එක් දෙබස් ඛණ්ඩයක් ඇතුළත් වූයේ විජයකුමාරතුංග රඟපැ ‘‘මමයි රජා’’ සිනමා නිර්මාණයේ ය. මගේ මතකයට අනුව එහි එක් අවස්ථාවක විජය මෙබඳු දෙබසක් පවසයි.



‘‘මම දන්නව කවද හරි සතුරා මා සොයා පැමිණෙන බව. නමුත් එදාට ඒ සතුරාගේ තුවක්කුවට මුහුණ දෙන්න මම බය වෙන්නෙ නැහැ. සතුරාට මගේ සටන නවත්වන්න පුළුවන් එකම ක්‍රමයත් ඒක වෙන්න පුළුවන්. එතෙක් මම යුක්තිය වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් සටන් කරනවා.’’ (මෙහි ඇතැම් වදන් නිවැරදි නොවන්නට පිළිවන. ඒ පිළිබඳ කමත්වා. මන්ද මා මතකයට අනුව එහි සරල අර්ථය මෙවැනි අදහසකි.)

විජයගේ මුවින් ගිලිහුණු දෙබස යථාර්ථයක් කරමින් ඔහුගේ දේශපාලන සතුරා ඔහු සොයා පැමිණියේ ය. ඒ රුදුරු ගිනි අවිය ඔහුගේ ජීවිතය උදුරා ගත්තේ ය. ඒ පිළිබඳ රට ම කම්පා වූහ.

දැන් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඊ. එම්. ඩී. උපාලි නාට්‍යයවේදියාගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයේ ඇතුළත් ගීතයකි.



වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණනි

අවසර උඹ පිළිගන්නට මේ කීකරු බලු කුක්කට

කලකට පෙර මියැදුණාට හතර රියනෙ වැළලුණාට

උඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනෙයි තාම

 

උඹේ සපත්තුව වැලඳ බදා _ උඹේ සබුක්කුවෙ පහර කකා//

ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ - දෙවියනි මුන් අද කරති නිගා

 

ඉරක් උදාවන්නේ කුමටා - අඳුර තමා මට පරම සැපා//

ඒ ඝන අඳරේ කිරුළු දරන්නට - දෙවියනි මුන් අද කරති නිගා

ජෙනරාල් වැලන්ටයින් උතුමාණනි, මං ඔබේ කීකරු බලු කුක්කා

පැබ්ලෝ



‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යය නරඹා ඇති සැවොම මෙම ගීතය ගයමින් එදා රංගනයේ යෙදුණේ කව්දැයි යන්න හොදින් ම දනී. එමෙන් ම එකී නළුවාගේ වත්මන් භූමිකාව ද හොඳින් ම දනී. ඔහු එදා රඟ දැක්වූ භූමිකාවට ම අද ඔහු යථා ලෝකයේ දී පිවිස ඇත. දැන් සැබෑ ලොකයේ ඉර පායා ඇත. එහෙත් මෙබඳු නළු-නිළියන්, ගායික-ගායිකාවන් සහ තවත් කලාකරුවන් (තව දුරටත් මොවුන් කලාකරුවන් ලෙස හඳුන්වනවාද යන්න ද ගැටලුවකි.) පිරිසකට ඉර පායා තිබීම මහත් හිසරදයකි. මන්ද ඔවුන් රුචිකත්වයක් දක්වන්නේ අඳුරට මය. ඒ ඔවුන් අඳුරේ සිටීමට නොව රටේ බහුතරයක් ජනතාව අඳුරේ ගිල්වා තබන්ට ය. එවිට ජනතාවගේ ඇස් රවටා තම තමන්ට හිතු මතේ මුදල් සරි කරගත හැකි නිසාවෙනි. තවදුරටත් ජනතාව අඳුරේ තබන්නට දතකන මොවුන් වැනි කලාකරුවන්ට ජනතාව නිගා දෙන බව මෙම ගීතයෙන් ගම්‍ය නොවන්නේ ද?

එක් කාලවකවානුවක දී මෙරට විසූ රාජ්‍යය අමාත්‍යවරයෙක් එවකට රට පාලනය කළ නායකයාගේ සෙරෙප්පු තම්බා සුප් බොන්නට වුව ද සැදී පැහැදී සිටි බව අපට අමතක නැත. වර්තමානයේ ද හිටපු නායකයාගේ සපත්තුව බදා වැලඳ ඒ නායකයාගේ සබුක්කුවෙන් පහර කන්නට මහත් ගිජුකමක් දක්වන මේ කලාකරුවෝ එදා සිය රංගන ජිවිතයේ දී රඟ පැ භූමිකා අද යථා ලෝකයේ ද රඟපාමින් නොසිටින්නේ ද?

ලංකාවේ කලා කටයුතුවල නිරතව සිටින ලන්ඩනයේ නිවසක් හිමි කලාකරුවකු සිටී ද? ලංකාවේ කලාකරුවකු ලෙස දිවි ගෙවන්නෙකුට ලන්ඩනයේ නිවසක් මිලදී ගත හැකි ද? එවැනි හැකියාවක් තිබේ නම් සැබැවින් ම එය ආශ්චර්යකි. එසේ නම් එහි අරුමයක් නොමැත්තේ ය. මන්ද පසුගිය ජනවාරි 09 වන දිනෙන් නිමාවට පත්වූයේ ආසියාවේ ආශ්චර්ය යුගයේ අවසානය යි; ඒ ජනතාවගේ ආශ්චර්යමත් යුගය නොව ආණ්ඩුවේ බලධරයන්ගේ සහ ඔවුන්ගේ සට්ටැඹියන් ගේ ආශ්චර්යමත් යුගය යි. දැන් මේ සට්ටැමි කලාකරුවෝ යළිත් ඒ ආශ්චර්යමත් යුගය උදාකරගන්නට සතිපතා රැස්ව සාකච්ඡා මෙහෙයවති. කුමන්ත්‍රණ කරති. රහසේ නොව ප්‍රසිද්ධියේ ම කුමන්ත්‍රණ කරති. එසේ කුමන්ත්‍රණ කරමින් ‘‘මහින්ද රාජපක්ෂ පරාජය වූයේ නැත. සිදුවුයේ කුමන්ත්‍රණයක්’’ යැයි කියමින් පොළොවේ හැපෙති.

මේ රටේ බලය පැහැරගැනීමට විවිධ කණ්ඩායම් සහ පුද්ගලයෝ කිහිප විටක් උත්සාහ කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. නමුඳු ඒ කිසිවකුට නොදැනෙන පරිදි ය; හොර රහසේ ය. එහෙත් පුදුමය වන්නේ මේ මොහොතේ ප්‍රසිද්ධියේ ම රටේ පාලන බලය උදුරා ගැනීමට මොවුහු මෙහෙයුම් දියත් කිරීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුජීත ලෙස පරාජය වී මැදමුලනට ගොස් ජනෙල් පොලු අතරින් ජනතාව අමතන මොහොතේ එහි සිටි පිරිස් පවසා සිටියේ ‘‘ඇයි සර් ගහල හරි මරල හරි ගත්තෙ නැත්තෙ’’ යනුවෙනි. ඒ සාමාන්‍යය ජනතාව ය. ඔවුන් ආවේගශීලි යැයි යමෙකුට පැවසිය හැකි ය. එහෙත් පසුගිය දිනක පරාජිත මහින්ද හමු වූ කලාකරුවන් පිරිස අතරේ සිටි එක් ගායිකාවක් පුන පුනා පවසා සිටියේ ‘‘බලෙන් හරි රාජ්‍යය බලය ලබාගත යුතුයි’’ යනුවෙනි.

රාජපක්ෂ සමයේ යම් පුද්ගලයකු විහිළුවට හෝ මෙවන් වදන් පෙළක් පැවසුවේ නම් අදාළ පුද්ගලයාගේ ඉරණම කෙසේ විසඳේ ද යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එහෙත් වර්තමානයේ මේ කලාකරුවන් යැයි කියාගන්නා බත් බැලයෝ සහ සට්ටැඹියෝ ප්‍රසිද්ධියේ ම රාජ්‍යය පැහැර ගැනීමට කතිකා කරති. මෙය දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් මෙවන් දෑ ඇසු දුටුව ද වත්මන් රාජ්‍යය බලධාරියෝ අඳ, ගොළු, බිහිරි ව්‍රතය රකිති.

තවත් එක් රංගවේදියෙක් ‘‘මහින්ද’’ යන වදනට අපූරු අර්ථ කතනයක් සැපයී ය. ඔහු කලක් විප්ලවවාදි කොමියුනිස්ට් පක්ෂයේ ද, තවත් කලෙක ජනතා විමුක්ති පෙරමුණේ ද දේශපාලනයේ නියැළුණ පුද්ගලයෙකි. ඔහුට අනුව ‘‘මහින්ද’’ යනු ‘‘මා හින්දා’’ ය. ඒ අනුව එහි සිටි සැවොම ‘‘මා හින්දා’’ පෙනී සිටි, ‘‘මා හින්දා’’ හොරකම් කළ, ‘‘මා හින්දා’’ මුදල් වංචා කළ, ‘‘මා හින්දා’’ බිලියන ගණනින් කොමිස් කෑ ‘‘මහින්ද’’ යළි බලයට පත් කළ යුතු ය; ඒ සදහා කුමන්ත්‍රණය කළයුතු ය; අත් නොහරින සටනක නියැළිය යුතු ය.

අදාළ නළුවාට අනුව ‘‘මහින්ද’’ යනු ‘‘මා හින්දා’’ නම් රටේ ජනතාවට ද මේ ‘‘මා හින්දා’’ යන වදන වෙනත් අරුතක් සැපයිය හැකි ය. එනම් අප සැමගේ ජිවිත සිඳ බිඳ දැමු බැවින් රටේ ජනතාවට ද ඔහු ‘‘මා හින්දා’’ යනුවෙන් නම් කළ හැකි ය. සට්ටැඹි කලාකරුවන්ට, බත්බැල කලාකරුවන්ට ‘‘මහින්ද’’ ‘‘මා හින්දා’’ වන ආකාරයත් රටේ ජනතාවට ‘‘මහින්ද’’ ‘‘මා හින්දා’’ වන ආකාරයත් ඉතා අපූරුවට විග්‍රහ කළ ඒ නළුවාට ජනතාව තුති පිදිය යුතු ය.

විශේෂ ස්තූතිය:- ‘‘වීර විකුම් පෑ’’ ගීතය උපුටා දැක්වීමට අවසර දුන් ඊ. එම්. ඩී. උපාලි නාට්‍යයවේදියාට



ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us