සමාගම් දෙකකට අධිකරණ නියෝග පනවමින් ෂාෆ්ටර්ගේ රක්ෂණාවරණ සතියකට අත්හිටුවයි ! Featured

Thursday, 09 November 2023 11:14

ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර්ට අයත් දේශීය පෞද්ගලික රක්ෂණ සමාගම් දෙකක රක්ෂණාවරණ සතියක කාලයක් සදහා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ (08) නියෝග කළාය.

‘ෆෙයාර් ෆස්ට්’ සහ ‘ජන ශක්ති’ යන රක්ෂණ සමාගම් දෙකේ ප්‍රධානීන් වෙත මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම රක්ෂණාවරණ වන්දි ලැබෙන පාර්ශ්වය මරණකරුගේ බිරිය හෝ දරුවන් නොවී තෙවැනි පාර්ශ්වයක් වුයේ නම් එය සැකයට හේතුවක් වනු ඇතැයි සඳහන් කරමින් මෙම රක්ෂණාවරණ ගෙවීම අත්හිටුවන්නැයි අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපත් කළ මෝසමක් සලකා බලා මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ඝාතනයට ලක් වූ ෂාෆ්ටර් මහතා දේශීය රක්ෂණ සමාගම්වලට අමතරව විදේශීය රක්ෂණ සමාගම්වලින්ද ජිවිත රක්ෂණ ලබාගෙන ඇති බවට තොරතුරු තිබෙන බව මෝසම ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අධිකරණයට තොරතුරු වාර්තා කෙළේය. .

කව්ද මේ දිනේෂ් ෂාෆ්ටර් ?
----------------------------------------------

දිනේෂ් ෂාෆ්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු හා පසුව ක්‍රිකට් පරිපාලකයෙකු වූ චන්ද්‍රා ශාෆ්ටර්ගේ පුත්‍රයායි. ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 51 කි. ඔහු කොළඹ 7 මල්පාරේ පදිංචිව සිටියේය. දිනේෂ් ෂාෆ්ටර් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

නීති උපාධිධාරියෙකු වන දිනේෂ් ශාෆ්ටර් බ්‍රිතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතන සාමාජිකයෙකු වෙයි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන ඔහු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ සහ ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.

 

ඝාතනයට ලක් වන දින ....
---------------------------------------------------

දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල ප්‍රදේශයට යන බව තම බිරිඳට පවසමින් නිවසින් පිටත්ව ගොස් තිබුණි.

හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් හමුවීමට යන බව ඔහු නිවැසියන්ට පවසා තිබේ.

බ්‍රයන් තෝමස් ෂාෆ්ටර්ගෙන් රුපියල් කෝටි 14 ක ණය මුදලක් ලබාගෙන නැවත ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව අනාවරණය කළේය.

පස්වරු 2.00 ට පමණ නිවසින් පිටව ගිය සැමිගේ දුරකතනයට බිරිඳ ඇමැතුම් කිහිපයක් ලබාගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොතිබූ අතර පසුව ඇය දුරකතන යෙදුමක් භාවිත කර තම සැමියාගේ ජංගම දුරකතනය ඇති ස්ථානය පිළිබඳව සොයා තිබේ.

ෂාෆටර්ගේ ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමිය තුළ තිබෙන බවට සංඥා ලැබීමත් සමග ඇය දිනේෂ් ෂාෆ්ටර්ගේ සමාගමේ නිලධාරියෙකු එම ස්ථානයට යවා තිබේ.

එම නිලධාරියා පැමිණ පරීක්ෂා කිරීමේදී දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ අත් හා ගෙල බැඳ දමා සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති අතර සුසාන භූමියේ සේවකයෙකු හා එක්ව ඔහුව රෝහල් කර රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මුණගැසීමට යන බව බිරිඳට දැනුම් දුන් බව කියන හිටපු ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශ ලබා ගැනුණි .

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් ලබාගත් බව කියන රුපියල් කෝටි 14ක ණය මුදල සම්බන්ධයෙන් ඔහු බ්‍රයන් තෝමස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිලි කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් මීට පෙර අත්අඩංගවට ගෙන ඇපමත මුදා හැර තිබුණි.

ඝාතනය සිදුවු දිනයේ තමා එනතුරු සිටින බවට දිනේෂ් ෂාෆ්ටර්ගෙන් තම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණු බව බ්‍රයන් තෝමස් මාධ්‍ය වෙත පවසා තිබේ.

එපමණක් නොව බ්‍රයන් තෝමස්ට විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බවත් එම අංක දෙකටම අදාළව විදේශ ගමන් තහනම අධිකරණය විසින් පනවිය.

 

ෂාෆ්ටර් ඝාතනයේදී ප්‍රකාශ ලබා ගත්තේ කාගෙන්ද ?
-----------------------------------------------------------------------

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් 23 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

*පවුලේ සාමාජිකයින්

*රෝහල්ගත කිරීමට සහය වූ පුද්ගලයින් ඒ අතර වෙති.

*අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසය මගින් ප්‍රකාශ 16ක් ද සටහන් කර ගෙන තිබේ.

ෂාෆ්ටර් පවුලෙන් නිවේදනයක්
-----------------------------------------------

එවකට දිනේෂ් ශාෆ්ටර්ගේ හදිසි අභාවය පිළිබඳව ෂාෆ්ටර් පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කර තිබුනේය.

එහි දැක්වෙන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පවුලේ සාමාජිකයින් මේ හදිසි මරණය වටා ඇති කරුණු අනාවරණය කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවය.

තමන්ගේ හැඟීම් සහ පුද්ගලිකත්වයට මේ මොහොතේ ගරු කර සැබෑ කරුණු සනාථ කර ගැනීමට ඉඩ සලසන ලෙස ෂාෆ්ටර් පවුල මාධ්‍යයෙන් හා මහජනතාවගෙන් ඉල්ලා තිබුනේය.

දිනේෂ් ෂාෆ්ටර් තම පවුලේ යහපත්ම තැනැත්තා බවත් ඔහු පවුලේ ආත්මය හා හදවත බඳු අයෙකු බවත් පවසන ෂාෆ්ටර් පවුල සිහිපත් කරන්නේ ඔහු ව්‍යාපාර හා ක්‍රීඩා ක්ෂේත්‍රයට නිහඬ දායකත්වයක් ලබා දුන් අයෙකු බවයි.

පවුලට, මිතුරන්ට, පරම්පරා ගණනාවකට පමණක් නොව නූපන් අයට ද ඔහුගේ නොනිමි මෙහෙය සදා අනුස්මරණීය වනු ඇතැයි ෂාෆ්ටර් පවුල නිකුත් කළ නිවේදනයේ සදහන් විය.

වසරකට පසු හෙළිවූ ෂාෆ්ටර් අභිරහස
---------------------------------------------------

වසරකට පසු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට පසුගිය සතියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබුණි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.

මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බව මසේත්‍රාත්වරිය සඳහන් කළේය.

එම කමිටුවේ සාමාජිකයන් ගේ මතය 04ට 01ක් ලෙස සඳහන් ව තිබූ බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ පැවසීය.

පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මේ අතර, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටරගේ මරණය ගැන සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මඟින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, මරණය සිදු ව ඇත්තේ, සයනයිඩ් ශරීරගත වීමකින් ද නැතහොත් ගෙල සිර කිරීමකින් ද යන්න පිළිබඳවයි.

ඒ අනුව සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වී ඇත්තේ, ෂාෆ්ටර් මහතා රෝහල්ගත කරන විටත් ඔහු ගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වී තිබූ බවයි.

ඒ අනුව හෘදය වස්තුව අකර්මණ්‍ය වීම සයිනයිඩ් ශරීරගත වීමෙන් සිදු ව නොමැති බවට කමිටුව නිගමනය කර තිබේ.

අනතුරු ව ෂාෆ්ටර් මහතා ගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර ඇත්තේ, ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.

ෂාෆ්ටර් මහතා ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් ෂාෆ්ටර් මහතා ගේ ගෙල සිරකිරීම තන්තුවක් යොදා ගනිමින් සිදු කළේ ද නැතහොත් අතකින් සිදු කළේ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව කමිටු වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙය ස්වාභාවික මරණයක් නොව තුන් වැනි පාර්ශ්වයක් විසින් සිදු කළ මරණයක් බවත් ශරීරයට ඔක්සිජන් අඩු වීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවත් කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඒ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පසුගිය සතියේ ( 04 )වැනිදා ජාවත්ත සුසාන භූමියේ දී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දෙන ලදී.

 

-P.M

 

 

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us