අමාත්‍යාංශවල වැඩ ගැන සොයාබලන්න නව ඒකකයක් ! Featured

Wednesday, 01 November 2023 09:41

රජයේ වර්තමාන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සඳහා එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාළ කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර මහජනතාවට අදාළ කාර්යයන් ඉටුවී ඇතිදැයි දැන ගැනීමට සැලැස්වීමටත් කටයුතු කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ගණනාවක් සමඟ කොළඹදී ඊයේ (31) පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JI), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවෝ සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවෝ එක්ව සිටියහ.

මෙහි පළමු සාකච්ඡාව 2022 දෙසැම්බර් මාසයේ පැවැත්වුණු අතර ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

අර්බුදයේ සිට තිරසාර වර්ධන මාවතකට ප්‍රවිෂ්ට වීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවීම, රැකියා උත්පාදනය කිරීම සහ රජය හා මීට සහභාගී වන හවුල්කරුවන් විසින් ශ්‍රී ලංකාවට ඔරොත්තු දිය හැකි මෙන්ම සියල්ල අන්තර්ගත වූ හරිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය කැපවීම පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

2022 දෙසැම්බරයේ පැවති පෙර සැසිවාරයේදී ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතනවල නියෝජිතයින් තීරණය කළේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇතිව සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බවයි.

නැවත යථා තත්ත්වයට පත්වීමේ සිට තිරසර වර්ධන මාවතක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව සඳහා පවතින වර්ධනයේ උපායමාර්ගික දිශාවන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේදී සිය අදහස ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ මූලික සලකුණු පෙන්නුම් කර ඇති අතර, උද්ධමනය අවම කිරීම, විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය ලිහිල් කිරීම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගික සැලැස්ම අනුමත කිරීම ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රගතියක් ලබා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) මඟින් සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ, මූලික නීති සම්පාදනය කෙරෙමින් පවතින අතර ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට නැවත ප්‍රවේශය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත්, සීමිත මූල්‍ය සම්පත් හා බාහිර බාධකයන් හමුවේ මෙම ප්‍රතිසාධනය කරා යන මාර්ගය තවමත් පුළුල් වී නොමැත. ඉදිරියට යාමේදී, තිරසර වර්ධන මාවතක් නැවත ලබා ගැනීම සඳහා වේගවත් හා ප්‍රමාණවත් තරම් ගැඹුරු විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මෙන්ම ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා සාර්ව මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

සංවර්ධන හවුල්කරුවන් ද ඇතුළුව මීට අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පැහැදිලි හා සංක්ෂිප්ත ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම, රජය විසින් සිදු කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු ලෙස දායක වේ. රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සහ ප්‍රධාන යාවත්කාලීන සහ නිර්දේශ බෙදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය අතර විවෘත අවකාශයක් සැලසීම මෙම වටමේස සාකච්ඡාව මඟින් සිදු වේ.

රජයේ වර්තමාන ප්‍රතිසංස්කරණ සඳහා සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය යන දෙඅංශයේම කැපවීම සහ විශ්වාසය පළවීම ද මෙම වටමේස සාකච්ඡාවේ ප්‍රතිඵලයකි. මීට අදාළව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාළ කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර මහජනතාවට අදාළ කාර්යයන් ඉටුවී ඇත්ද, නැද්ද යන්න විවෘතව දැන ගැනීමට සැලැස්වීමටත් එහිදී තීරණය කෙරිණි.

ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා, ප්‍රගතිය, අභියෝග සහ අවස්ථාවන් සලකුණු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා “2022 දෙසැම්බර් මාසයේ පැවති අවසන් වටමේස සාකච්ඡාවේ සිට ක්‍රියාත්මක කර ඇති සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම, වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ණය ලබාගැනීමේ සුදුසුකම් නැවත ස්ථාපිත කිරීම සඳහා මධ්‍ය කාලීන වශයෙන් සැලසුම් කර ඇති ප්‍රධාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතිය” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සමඟ කටයුතු කළ හැකි රජයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකරණ වේදිකාව පිළිබඳව ද කරුණු දැක්වීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙතෙක් සිදුකරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කරමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

මෙම ඉදිරිපත් කිරීම් හා අදහස් දැක්වීම්වලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය , ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවෝ සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවෝ මෙහිදී මතුවූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

 

-P.M

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us