ගෑස් ටෙන්ඩර් මගඩිය පිටිපස්සෙත් ඇවන්ට්ගාර්ඩ් ! Featured

Friday, 08 July 2022 00:48

පසුගියදා මෙරට ගෑස් හිඟය පිළිබඳ පාර්ලිමේන්තු කෝප් කමි‍ටුව ලිට්‍රො ගෑස් සමාගමේ ප්‍රධානින්ගේ කැඳවා කළ ප්‍රශ්න කිරීම වලදි ගෑස් ගෙන්වීම සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් මගඩියක් ගැන හෙළිදරව් විය. ඒ කෙසේ වෙතත් අදාල ගෑස් ටෙන්ඩරය ඉල්ලුම කළ සමාගමක් සම්බන්ධයෙන් නම කියවුණු අතර එහි නාමය වූයේ ඇවන්ට්ගාර්ඩ්ය. සැබැවින්ම එය Avant Garde- Surface Safety Solutions නම් සමාගමකි.

ඇවන්ට්ගාර්ඩ් නම සමඟ රාජපක්ෂවරුන්ගේ නම් කියැවෙන විට පරළ වෙන ජනී ජනයා ටක්කෙට්ම හිතුවේ මේ මෙරට 'ඇවන්ට්ගාර්ඩ්' සමාගම රාජපක්ෂලා සමඟ කළ මගඩියක් බවය. එහෙත් ඉතා පැහැදිලිව මෙම සමාගම ජාත්‍යන්තර සමාගමක් වූ අතර මෙරට ඇවන්ට්ගාර්ඩ් සමාගම නොවේ. එහි අනුබද්ධ සමාගමක් හෝ නොවේ. මෙය දකුණු ඇමරිකාවේ ගයානා (Guyana) රාජ්‍යය මුලස්ථානය කරගත් සමාගමකි. Avant Garde- Surface Safety Solutions

එම සමාගම සම්බන්ධයෙන් පැහැදිලිව කෝප් කමි‍ටුව හමුවේදී අනාවරණය කළ නමුත් මෙරට ඇතැම් මාධ්‍ය ආයතන පවා ඒ ඇත්ත නොතකා නොදැන හෝ වුවමණාවෙන්ම මේ සම්බන්ධ තොරතුරු ප්‍රචාරය කර තිබුණේ මෙය නිශ්ශංක සේනාධිපති සභාපතිත්වය දරණ මෙරට පිහිටි ඇවන්ට්ගාර්ඩ් සමාගම විසින් කළ මගඩියක් බව හැඟවෙන පරිදිය. මෙරට ඇවන්ට්ගාර්ඩ් සමාගම කිසිදු මගඩියකට සම්බන්ධ බවට මෙතෙක් සාක්ෂි සහිතව ඔප්පු වී නැත. එයට එරෙහිව එල්ල වූ සියළු චෝදනාවලින් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ සමාගමකි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජික පාඨලී චම්පික කමි‍ටුවේදී අදහස් දක්වන්නේ ද ඒ මෙරට පිහිටි ඇවන්ට්ගාර්ඩ් සමාගම බවට හැඟීමක් ජනිත වන ලෙසය. එසේම පසුව පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවක් තබමින් ඇවන්ට්ගාර්ඩ්, ඇවන්ට්ගාර්ඩ්, යනුවෙන් පුනරුච්චාරණය කරන්නේ මේ නිශ්ශංක සේනාධිපති සභාපතිත්වය දරණ ඇවන්ට්ගාර්ඩ් සමාගම මෙම මගඩියට සම්බන්ධ බව හැඟවෙන පරිදිය.

මේ වෙන කොට සමාජ ජාලා තුළද මෙම පුවත සංස්රණය වන්නේ මේ වැරදි සහගත කරුණ පදනම් කරගෙනය.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතු බවට කියමනක් වෙයි. එහෙම නොවුණු විට සිදු විය හැකි පැටලැවිලි තමන්ට හෝ වෙනත් පාර්ශ්වකට හානි ගෙන දිය හැකිය. දැන් වී ඇත්තේ එයය.

මෙතන බරපතලම වැ‍රැද්ද සිදු කරන්නේ ස්වාධීන අපක්ෂපාත මාධ්‍යකරුවන් ලෙස පෙනී සිටින්නන් දැන දැනම තිබෙන තක්කඩි කමට මේ වැරැද්ද කිරීමය. අදාල වීඩියෝ පට අවශ්‍ය ලෙස සංස්කරණය කර, වැරදි තොරතුරු සහිත වාර්ථා සහ පෝස්ටර් නිර්මාණය කරමින් වැරදි අදහසක් සමාජගතකරමින් රට වැසියා නොමඟයවමින් සිටී.

පසුගිය දින කිහිපයේදී අප මෙවැනිම මාධ්‍ය වර්තා කිහිපයක්ම හුවා දක්වමින් මේ සිදු කරන ජඩ මාධ්‍ය භාවිතය ගැන හෙළි කළෙමු. එහිදී ද අප පැහැදිලිවම කියා සිටියේ ජන මාධ්‍ය කරණය මෙතරම් පහත් නින්දිත තැනකට ඇද දමමින් මේ සිදුකරන ජඩ මාධ්‍ය භාවිතය නැවැත්විය යුතු බවය.

https://www.lankadaily.com/latestnews/featured/item/12718-cybernews

https://www.lankadaily.com/latestnews/featured/item/12712-avantgarde-prison-incident-may-09

අද අරගලයක් කරමින් රට වෙනස් කළ යුතු බව, සිස්ටම් චේනජ් කළ යුතු බව කියන අරගලකාරීන්ම මේ පහත් නින්දිත ක්‍රියාදාමයේ යෙදී සිටීම කණගා‍ටුවට කරුණකි. මෙවැනි තුට්‍ටු දෙකේ වැඩ කරන අරගලකරුවන් කියන පිරිස සමඟ ගොඩනැගිය හැකි අලුත් රටක් නැත. ඔවුන් මේ අරගලය නමින් කරන්නේ ද වංචාවක් තක්කඩිකමක් විය හැකිය.

මේ නිසා ජනතාව මේ ජඩ මාධ්‍යවේදීන්ගෙනුත්, ජඩ අරගල කරුවන්ගෙනුත් , ජඩ දේශපාලකයන්ගෙනුත් පරිස්සම් විය යුතුය. නැතිනම් යළි වැටෙන්නේ මේ වැටී සිටින නරා වළට වඩා දහදුරා නරා වළකටය.

 

-SJ

Screenshot 2022 07 07 235812

Last modified on Friday, 08 July 2022 00:49

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us