සෞභාග්‍යයේ දැක්මේ තවත් පියවරක් සැබෑවක් වූ වගයි ! Featured

Monday, 28 March 2022 19:53

කොවිඩ් අර්බුදය දෙවසරක් තිස්සේ අපේ රටේ ආර්ථිකයට ,ජනතාවගේ මානසික තත්ත්වයන්ට ,ඔහුන්ගේ ජිවනෝපයන්ට එල්ල කරේ දරුණු පහරක්..තවමත් එම පීඩාව පහව ගොස් නැත.

මෙම තත්වය හමුවේ නැවතත් පුරවැසියාව දිරියෙන් නැඟී සිටුවලිමට වත්මන් රජයට සිදු විය. එම නිසා වගකිවයුතු රජයක් විදියට වර්තමාන රජය දිරියෙන් නැඟී සිටින ජනතාවක් ඇති කිරීමට ක්‍රියාත්මක විය..

එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවතු ලක්ෂ විසි දෙකක වැඩසටහන ආරම්භ කරන ලදී . වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවා පැවසුවේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟිය යුතු බවයි. මේ සියල්ල සැලකිල්ලට ගෙන එතුමාගේ යෝජනාවක් පරිදි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් ගෙවතු ලක්ෂ විසි දෙකක වැඩසටහන සක්‍රීය වැඩසටහනක් බවට පත්වී තිබෙනවා. ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දීම එහි ඇති වැදගත් යෝජනාවක්. තමන්ගේ ගෙවත්ත සුන්දර වගා බිමක් බවට පත් කිරීම මෙහි අරමුණයි. නිවෙසේ දෛනික ආහාර වේලට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී හා ගුණාත්මක ආහාර වේලක රස විඳීමටත්, අතිරික්තය වෙළෙඳපොළට ලබා දීලා, එයින් තමන්ගේ අතමිට සරු කර ගැනීමට හැකි වීමත් මෙහි ඇති විශේෂත්වයයි.

කාබනික ‍පොහොර භාවිතය මඟින් නීරෝගිමත් ජනතාවක් බිහි කිරීම රජයේ පරම අභිලාෂය බවට පත්ව තිබෙනවා. ඒ නිසාම මෙරට රසායනික පොහොර තහනම් කිරීමට ජනාධිපතිවරයා දෙවරක් නොසිතුවේය. මෙහිදී ගෙවතු වගා හිමියෙකුට රජයෙන් රුපියල් 5000ක මුදලක් ලබා දෙන අතරම නොමිලේ පැළ සහ බීජ ලබා දෙන්නේ ගෙවතු වගා හිමියන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කාබනික පොහොර සකසා ගන්නා ආකාරය පිළිබඳ පුහුණුවකුත් ලබා දෙමිනි.

අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමත්, රටේ සමස්ත ජනතාව එහි කොටස්කරුවන් බවට පත් කිරීමෙන් මේ වැඩපිළිවෙළ ජාතික ව්‍යාපාරයක් දක්වා ගෙන යෑමත් රජයේ මූලික අරමුණයි. ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා සංග්‍රාමය යනුවෙන් හඳුන්වන මේ ජාතික වැඩපිළිවෙළ, මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සමෘද්ධි අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය ආදි අමාත්‍යාංශ රැසක් වගේම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු එවැනි රාජ්‍ය ආයතන 25ක් 30ක් පමණ ඒකාබද්ධ වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂිකාර්මික නිෂ්පාදන අපේ රටේම නිෂ්පාදනය කරලා, පිට රටට ඇදී යන විදේශ විනිමය අඩු කරන ගමන්, ආහාර සුරක්ෂිතතාව හා ආහාරවලින් ස්වයංපෝෂිත රටක් බවට අපේ රට පත් කිරීම, රජයේ ඉලක්කගත වැඩපිළිවෙළයි.

මේ මොහොත වන විට රටේ දිස්ත්‍රික්ක විසි පහ තුළම මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. සමෘද්ධි අමාත්‍යාංශය යටතේ සමෘද්ධි නියාමකවරුන්ගේ අධීක්ෂණය ඇතිව මේ වන විට බීජ පැළ තවාන් 13,000ක් හදලා තිබෙනවා. සෑම වසමකට වගේ බීජ පැළ තවානක් හැදෙනවා. ඒ පැළ තවාන්වලට බීජ ලබා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. සමෘද්ධි අමාත්‍යාංශය මඟින් සමෘද්ධි ලාභීන්ගේ මේ තවාන්වලින් පැළ මිලදී ගන්නවා. මෙසේ මිලදී ගන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නොමිලේ ලබා දුන්න බීජ. මේ මඟින් සමෘද්ධිලාභීන් අතර තරගකාරී බවත් සමඟ ස්වයං රැකියාවක් ගොඩනැඟී තිබෙනවා. ඔවුන්ට අමතර ආදායමකුත් ලැබෙනවා.

නිෂ්පාදන ආර්ථිකය තුළ හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වීමෙන් රටේ පුරවැසියාට ආර්ථික වශයෙන් ලැබෙන ප්‍රතිලාභ, හෙට දිනයේ රටට හොඳ ආයෝජනයක්. එපමණක් නොව වටිනාම දේ වන්නේ නීරෝගී, සෞඛ්‍යසම්පන්න ජාතියක් මෙරටතුළ බිහි වීමය.

-පංචාලි

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us