සුනන්දලාගේ සරෝජ්ලාගේ ඉලක්කය කුමක්ද ??? Featured

Monday, 07 February 2022 12:22

රටක් ලෙස අපද දැනට දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වසංගතයට එරෙහිව සටන් කරමින් සිටී.

දැඩි අභියෝගාත්මක තත්ත්ව යටතේ වුවද එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථක අන්දමින් පෙරට ගෙන යෑමට ශ්‍රී ලංකාව සමත් විය. වසංගතය නිසා රෝගී වූවන් රැකබලා ගැනීමේදී මෙන්ම ඉන් බලපෑමට ලක්වූ සෑම ක්ෂේත්‍රයක්ම යළි නඟා සිටුවීමේදී ද අගය කළ හැකි කාර්යභාරයක් ඉටු කිරීමට රටට හැකි විය. එය තවමත් ඉදිරියට යමින් ඇති ක්‍රියාදාමයකි. මෙතෙක් අප ලබාගත් සාර්ථකත්වය රට තුළ හෝ රටින් පිටත සිටිමින් තම දේශපාලන කණ්ණාඩි හා බඩගෝස්තරවාදී වුවමනාවලට අනුව දකිමින් සිටින කුහකයන්ට නොපෙනුණ ද එය විදේශිකයන්ගේ පවා පිළිගැනීමට ලක්ව ඇත.

වසංගතය හේතුවෙන් සංචරණය මුළුමනින්ම පාහේ නතර වූ වකවානුවක් අප පසු කළෙමු. මාස ගණනක් යන තුරු විදෙස් සංචාරකයන් කිසිවකුත් රටවලට නොපැමිණියේය. රාජ්‍යයන් වසා දමා තිබිණි. ගුවන් තොටුපොළ පාළුවී තිබිණි. සංචාරක කර්මාන්තය බිංදුවට වැටී තිබිණි. ලොවපුරා සමස්තයක් ලෙස එන්නත්කරණ වැඩපිළිවෙළ ලැබූ ප්‍රගතියත් සමඟ යළිත් සංචරණයට පැවැති සීමා නිදහස් වීමට පටන්ගත්තේය.

එන්නත්කරණය සම්පූර්ණ කළ සංචාරකයන්ට රටවල දොරටු විවෘත කෙරිණි. සංචාරකයන් අතර ආකර්ෂණීය ගමනාන්ත ලෙස ජනප්‍රියව ඇති රටවල සංචාරක කර්මාන්තය යළි ජීවය ලබනු දක්නට හැකි විය. වසංගතය හේතුවෙන් විශාල පසුබෑමකට ලක් වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය නිසා ඇතිවූ බිඳවැටීම ජයගනිමින් පෙරට එමින් තිබිණි. සංචාරක ක්ෂේත්‍ර‍ෙය් සුපතළ Lonely planet වැනි සඟරා ශ්‍රී ලංකාව, සංචාරකයන් අතර හොඳම ගමනාන්ත අතර තැබීය. මෙරට සංචාරක කර්මාන්තය ඉදිරි පිම්මක් පැනීමට තිබූ අවස්ථාව කොවිඩ් - 19 වසංගතය මඟින් අවහිර කෙරිණි. මාස ගණනාවක් යන තුරු එක් සංචාරකයෙක් හෝ මෙරටට නොපැමිණි සමයක් අපි පසු කළෙමු.

එම දුෂ්කර වකවානුව ගෙවා දැමීමත් සමඟ හා විශේෂයෙන් මේ වර්ෂයේ ආරම්භයත් සමඟ නැවතත් ශ්‍රී ලංකාවට ආදරය කරන සංචාරකයන් මෙහි පැමිණෙමින් ඇති අයුරු දක්නට හැකිය. මසක් වැනි කාල සීමාවක් තුළ එලෙස ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන 75,000 ඉක්ම වීය. සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසොවමින් ඇති අවස්ථාවක එය ඉතා සුබදායී ආරම්භයකි.

වසංගතයට එරෙහිව තවමත් ලෝකය යටත් කරමින් සිටියදීම ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත ගමනාන්තයක් ලෙස නම් කළේ විදේශීය සංචාරකයන්ය. සංචාරක කර්මාන්තය යළි නැඟී සිටීම වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්වූ මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියකි.

එය එසේ වුවද එදා සිට අද දක්වාම රට අසමත්වනු දැකීම ප්‍රාර්ථනා කළ සහ ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින පුද්ගලයන් හා බලවේග සිය දේශද්‍රෝහී වුවමනාවන් මත ක්‍රියාත්මක වෙමින් සිටිනු දක්නට හැකිය. මානව හිමිකම් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද තමන් විසින්ම හඳුන්වා ගන්නා සුනන්ද දේශප්‍රිය පසුගියදා තැබූ ට්විටර් සටහනක් මේ වුවමනාව හා හැසිරීම හොඳින්ම පැහැදිලි කිරීමට සමත්ය.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර නැවත සිතා බලන්න! යනුවෙන් විදේශිකයන්ගෙන් ඉල්ලා සිටිමින් ඔහු පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් ඔවුන් තම මුදල් වටිනාකමෙන් ¼ ක් අහිමි කරගනු ඇති බව ය. රජය ඩොලර් සඳහා ගෙවන මුදලට වඩා රුපියල් 40-50 ක් අතර මුදලක් කළු කඩයෙන් ගත හැකි බව ද මේ පුද්ගලයා සඳහන් කර තිබිණි. මේ අන්දමින් තම උපන් බිමට ද්‍රෝහිවීමට මිනිසකුට හැකිද? මේ වර්ගයේ උදවිය මෙලෙස පිරිමසා ගැනීමට වෑයම් කරන්නේ මේ ආණ්ඩුවට හෝ රාජපක්ෂවරුන්ට එරෙහි දේශපාලන වයිරයක්ද? නැතිනම් මේ රටට එරෙහි වයිරයක් ද? ස්විට්සර්ලන්තයේ හෝ මෙරටින් පිටත අන් කොතැනක හෝ රට තුළ සිටිමින් රටට ලැබෙන ඩොලරය වුව වැළැක්වීමට දඟලන මේ වර්ගයේ කුහකයෝ ඩොලර්වලට මේ රටට එරෙහි වූ හැටි සිය භාවිතාව තුළම ප්‍රකට කර තිබේ.

1971 කැරැල්ලේදී සුනන්දගේ පැටිකිරිය අප අමුතුවෙන් ලියන්නට යන්නේ නැත. නොදන්නා අයකුට දැනට ලියැවී ඇති වාර්තාවලින් මෙවැනි විප්ලවවාදීන්ගේ තරම දැන ගැනීමට පුළුවන. එසේ වුවද තිස් අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ත්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජයට පත් කර මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමටත් සෑම ජන වර්ගයකටම මර බියෙන් තොරව නිදහසේ හුස්ම ගන්නට හැකි වාතාවරණයක් බිහිකරලීමටත් සිදුකළ ක්‍රියාන්විතයේදී මෙවැනි පුද්ගලයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය සිහිපත් කළ යුතුය.

එල්.ටී.ටී.ඊ.යේ කෘරත්වය මේ උදවිය දුටුවේ නැත. ඔවුන් පැලඳ සිටි මානව හිමිකම් කණ්ණාඩියෙන් පෙනුණේ එක් පැත්තක් පමණි. මේ උදවියගේ අදහස වූයේ එල්.ටී.ටී.ඊ.ය වැනි බලගතු සංවිධානයක් කිසිදා පරාජය කළ නොහැකි බවය. ත්‍රස්තවාදයට යුදමය විසැඳුමක් නැති බවය. ඔවුන් සිහිනෙනුදු නොපැතූ නොදුටු පරිදි බෙදුම්වාදී යුද්ධය නිමා වන විට ද මේ උදවිය කීවේ වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය ගොස් නැති බවය.

එයින් පසුව ඔවුන් කළේ කුමක්ද? යුද්ධය නිමා කළ සේනාධිනායකයා ද, ආරක්ෂක ලේකම්වරයා ද, හමුදා ප්‍රධානීන් ඇතුළු රණවිරුවෝ ද යුද අපරාධ දංගෙඩියට රැගෙන යාම සඳහා සාක්ෂි ගෙතීමය. යුද්ධයක් නිමා කර මිනිසුන්ට ජීවත්වීමේ අයිතිය දිනා දීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. තවත් දශක ගණනාවක් යුද්ධය ඉදිරියට ගියේ නම් එවිට මානව හිමිකම් ආරක්ෂා වේද?

අද වසංගතයකට එරෙහිව රට සටන් කරමින් සිටියදී රටට ලැබෙන ඩොලරය වැළැක්වීමට දඟලන සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනාවලින් දමා ගසමින් ජිනීවාහි කළ රංගනය මේ රටට අමතක නැත. අමතක කළ යුතු ද නැත.

ගෝලීය වසංගතයක් හමුවේ රට අසීරු සමයක් පසු කරමින් සිටියදී රටින් පිටත සිටින රටට ආදරය කරන ඕනෑම මිනිසකුගේ යුතුකම රට වෙනුවෙන් හා මේ රටේ සිටින සහෝදර මිනිසුන් වෙනුවෙන් තමන්ට කළ හැකි අල්පමාත්‍ර හෝ දෙයක් වේ නම් එය කිරීමය. එය ද නොහැකි නම් අවම වශයෙන් එවැනි දෙයක් කළ හැකි කවුරුන් වුව දිරිගැන්වීමය. ඊට එක්වීමය. එසේ තිබියදී මේ කරමින් සිටින්නේ එය වැළැක්වීමය. එමඟින් මේ උදවිය මෙලෙස ඉටු කරමින් ඇත්තේ කාගේ වුවමනාවද? වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ද එන්නත්කරණ වැඩපිළිවෙළට යොමුවූ විට මේ පුද්ගලයන් හැසිරුණු ආකාරය ද මෙහි සඳහන් කළ යුතුය.

මේ වර්ගයේ හැමෝම මුලදි කීවේ ශ්‍රී ලංකාවට නම් එන්නත් එන්නැති බවය. එන්නැති එන්නත් ගැන ඔවුහු නිර්මාණශීලී සමාජ ජාල සටහන් තැබූහ. එන්නැතැයි කියූ එන්නත රටට එන්නට පටන් ගත්විට එන්නත් ගැන දුර්මත පතුරුවා හරින්නට පටන් ගත්හ. මේ සෑම අභියෝගයකටම මුහුණ දෙමින් එන්නත්කරණ වැඩපිළිවෙළේ ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් විට මේ උදවිය කියන්නට වූයේ එම ඉලක්ක කිසිදා ජය ගත නොහැකි බවය. එදා යුද සමයේදීද ඔවුන් කීවේ එයමය. මේ වනවිට අපේක්ෂිත කාල රාමුවටත් පෙර ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබියදී දැන් ඔවුන්ගේ වැඩපිළිවෙළ මෙයය. නොයෙක් වටවලින් ඔවුන් එය දියත් කරමින් ඇති අයුරු දක්නට ලැබේ.

මේ වර්ගයේ පුද්ගලයන් කඳවුරු බැඳ සිටින්නේ කා සමඟ දැයි සිහිබුද්ධියෙන් විමසා බැලීම රට ගැන හැඟීමක් ඇති ඕනෑම ශ්‍රී ලාංකිකයකුගේ යුතුකමකි. යහපාලනයක් ඇති කරන බව කියමින් 2015 ජනවාරි 8 වැනිදා මේ උදවිය කළ පාලන වෙනස රට ගෙන ගිය දිශානතිය අපට අමතක නොවේ. වෙනස වෙනස් කිරීමට 2019 නොවැම්බරයේදී රටට ආදරය කරන මිනිසුන්ට නොහැකිවිණි නම් මේ රටට සිදුවිය හැකිව තිබූ හරිය සිතා ගැනීම අපහසු නැත. දැන් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ද මෙතෙක් තමන්ට පූර්ණය කර ගැනීමට නොහැකි වූ ආසාව සන්සිඳුවා ගැනීමටය.

ඒ සඳහා පළමුව මේ රාජ්‍ය අසමත් කිරීමට කළ හැකි දේ කළ යුතුය. අඩියක් හෝ ඉදිරියට තැබීමට ඉඩ නොදිය යුතුය. දැන් ඔවුන් කරමින් සිටින්නේ එයයි. ශ්‍රී ලංකාව ආගාධයේ ගිලී ඇතැයි නිතර නිතර කියන්නේ මේ සැලැස්මට අනුවය. වසංගතයට මුහුණ දෙමින් මෙතෙක් රට ලබා ගත් ප්‍රගතිය වෙනුවෙන් අල්පමාත්‍ර හෝ දායකත්වයක් මේ උදවිය හෝ ආණ්ඩු විරෝධය කරපින්නා ගත් මේ රටේ විපක්ෂ දේශපාලන පක්ෂ දී තිබේද? දැන් රටත්, ජනතාවත් ගැන අඳෝනා තබන විපක්ෂ නායකයන් මේ වසංගතයෙන් රටත් ජනතාවත් නිදහස් කරගැනීම වෙනුවෙන් කළ කාර්යභාරයක් තිබේ ද? සුනන්ද හෝ අන් කවර හෝ මව්බිමේ සතුරෙක් වේ නම් ඔවුන් සිටින්නේ ද මේ පිරිස සමඟම බව පෙනෙන විට මේ කාට කාටත් රටත් ජනතාවත් වෙනුවෙන් ඇති කැක්කුම තේරුම් ගැනීමට අපහසු නැත.

එමෙන්ම මහා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය නැති නම් BBC පුවත් සේවාවේ සිංහල අංශයට රිංගාගෙන සිටින එල්ටීටීඊ ඩයස්පෝරාවේ මුදලින් යැපෙනන්නන් විසින් අපක්ෂපාතී මාධ්‍යකරණයක යෙදෙනවා වෙනුවට දිගින් දිගටම ශ්‍රි ලංකාවේ වත්මන් පාලනය කෙරෙහි අවලාද නැගීම සිදුකරමින් සිටීම සුලබ දසුනකි. විපක්ෂ ක්‍රියාකාරීන් විසින් සමාජ මාධ්‍ය හරහා ගෙන යන අවලාද ව්‍යාපාරයන් ලත් තැනම පුස්සක් වන නමුදු මේ බීබීසී ආයතනයේ අපක්ෂපාතියි කියන ජඩමාධ්‍යකරුවන් විසින්ද ඒවා මේ මොහොතේත් ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තරව වපුරන්නේ මේ රට කෙරෙහි, වත්මන් පාලනය කෙරෙහි ඇති ද්වේශ සහගත බව මිසක් අනෙකක් නොවේ.

මෙම පුවත් සේවාවේ ප්‍රධාන සංස්කාරකවරයකු වන සරෝජ් පතිරණ නැමැත්තාත් කවුරුත් දන්න පරිදී දීර්ග කාලයක් තිස්සෙ එල්ටීටීඊ බෙදුම්වාදී මතවාදය පෝෂණය කිරීම වෙනුවෙන් කැප වුණෙකි. ඔහු ජීවත් වන්නේ මහා බ්‍රිතාන්‍යයේය. එහිම සුදු ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටින්නෙකි. වසරකට වරක්වත් මෙරටට පැමිණ මෙරට එජාප, ජවිපෙ, දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකයන් සහ ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් සමඟ වන කුමන්ත්‍රණකාරී කටයුතුවල යෙදෙමින් රටට එරෙහිව කළ හැකි සතුරුකම් වල යෙදේ. මේ දිනවලද ඔහු මෙරටට පැමිණ පවතින රජයට එරෙහිව මතවාද පෝෂණය කරමින් සිටී.

කෙසේ නමුත් මේ සරොජ්ලා දිගටම කළේ මේ රට අගාදයට දැමීම වෙනුවෙන් මෙම බීබීසී මාධ්‍ය සේවය පාවිච්චි කිරීමය. මෙහි මාධ්‍යවේදියකුව සිටි අසාන් අමීන් පසුගිය කාලයේ අපක්ෂපාතී මාධ්‍යකරණයෙහි යෙදෙන්නෙකු වශයෙන් පෙනී සිටිමින් රටට එරෙහි යටිකූට්‍ටු දේශපාලන කටයුතු වල යෙදුනු බව හෙළි විය. රංජන් රාමනායකගේ හඬ පට හරහා ඊට සාක්ෂිද ලැබිණි.

බීබීසී පුවත් සේවය සම්බන්ධයෙන් මීට පෙර යුගවල පක්ෂ ජාති ආගමික ආදී බේදයකින් තොරව ගෞරවයක්, පිළිගැනීමක් සහ ආදර්ශමත් ජනමාධ්‍ය භාවිතයක් තිබුණද අද එය මුළුමන්ම මඩ ෆැක්ටරියක් වී තිබේ. මෙයට හේතුව මේ රටට වින කරන බලවේග වල අතකොලු වන සරොජ්ලා වැනි පහත් මිනිසුන් මෙය අත්පත් කරගෙන සිටීම තුළය. සරෝජ්ලා සුනන්දලා මෙන්ම මේ නඩයේ බොහෝ දෙනෙක් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් රටට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වීම මේ රටට පාත් වී ඇති ලොකුම හෙණයකි.

ඒ ඒ දේශපාලන පක්ෂවලට තම දේශපාලන න්‍යායපත්‍ර, ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට අයිතියක් තිබේ. එය ප්‍රජාතාන්ත්‍රීය අයිතියකි. එසේ වුව ද ඒ කිසිදු ප්‍රතිපත්තියක් න්‍යාය පත්‍රයක් රාජ්‍ය දුර්වල කිරීමට හේතු නොවිය යුතුය. මව්බිමේ ඒකීයභාවයට අනතුරක් ඇති නොකළ යුතුය. කොටින්ම රටට සතුරු නොවිය යුතුය. එසේ රටට සතුරු බලවේගවලට රට බාරදුන් යුගයක් අපි පසු කළෙමු. එළැඹ ඇත්තේ ද කල්පනාකාරීව හා වගකීම්සහගතව ක්‍රියා කළ යුතු කාලයකි. රටට හිතැති බලවේග නිහඬවීම යනු සතුරාට ඉනිමං තැබීමකි. කවර තත්ත්වයක් යටතේ වූව ද, මව්බිමේ සතුරන්ට කිසිදු ඉඩක් නොතැබීම මේ බිමේ උපන් සෑම සුජාත ශ්‍රී ලාංකිකයකුගේම පරම වගකීමය.

-පංචාලි

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

Connet With Us